Dialog Box Office සියල්ලම එක විසඳුමක් තුළින් ලබා දෙන අතර එහි සියල්ලම ප‍්‍රතිලාභ වෙනුවෙනි. එය නියත ලෙස ම වැය ශීර්ෂය අඩු කර ගැනීමේ ගුණාංග සහ විප්ලවීය වෙනස්කම් ඇති කර ගැනීම කරා පොළඹයි. හඬ ඇමතුම්- අන්තර්ජාලය - ඊමේල් සහ PBX විශේෂාංග යන සියල්ලම එක් සංයුක්ත පැකේජයක් තුළ පවතී.

Dialog Box Office නිර්මාණය සැලසුම් කර ඇත්තේ දුරකථන, ෆැක්ස් යන්ත‍්‍ර සහ PBX සහ ඔබේ කාර්යාලයේ තත් ප‍්‍රදේශ ජාලය LAN අන්තර්ජාලයට සම්බන්ධ කිරීමටයි. මෙහි දි ඔබගේ සරල ව්‍යාපාරික සන්නිවේදන අවශ්‍යතාවන් තනි පද්ධතියක් හරහා සම්බන්ධ කර දෙනු ලබේ. මෙහි ප‍්‍රතිඵලය වන්නේ, ව්‍යාපාර ක‍්‍රියාකාරකම් පවතින සෑම විෂය ක්ෂේත‍්‍රයක් තුළම සුගම ලෙස තොරතුරු ගලා යෑම සහ සමස්තය ඒකාබද්ධතාවයි.

මෙහි ඇති ප්ලග් ඇන්ඞ් ප්ලේ හැකියාව නිසා Dialog Box Office බහුලව ගලා එන තොරතුරු සරල කර දෙනු ඇත.

ප‍්‍රතිලාභ

  • Dialog Box Office විසින් වෙබ් සේවාවන් සංකීර්ණයක් තනි සංයුක්ත විසඳුමක් ලෙස අනුබද්ධ කර පහසුව පිරිනමයි.
  • ව්‍යාකූලතාවේ අදියරක් කරා දිවෙන්නට සූදානම් යෙදවුම් පද්ධතියක් සදහා පරිගණක යුගයේ යුගකාරක විසදුම් එක් ස්ථාපන වෑයමකින් ලබා දෙනු ලබයි.
  • ඔබේ සමස්ත සන්නිවේදනය විසදුම සඳහා වන තනි සම්බන්ධතා ලක්ෂ්‍යය වන අප කරදරයකින් ඒ සුසදන්නෙමු.
  • වෙළඳපොලේ අඩුම හඬ ඇමතුම් ගාස්තු සමග හඩ ඇමතුම් පිරිවැය 40%කින් පහත හෙලීමක් සිදු කිරීමට හැකි වී තිබේ.
  • අන්තර්ජාල සහ හඩ ඇමතුම් විසඳුම් සහසම්බන්ධතාව විසින් වාරික ගාස්තු අඩු කිරීම මගින් අප‍්‍රමාදී පිරිවැය ප‍්‍රතිලාභයන් පිරිනමනු ලබයි.
  • ඇමතුම් ගුණාංග කලමණකරණය පිළිබඳ අන්තර්ජාල බිහිදොර පාලකය මගින් බාහිර පාර්ශවයන් කෙරෙහි වන ඔබගේ රඳා පැවැත්ම අවසන් කරයි.
  • අමතර නඩත්තු පිරිවැය නොමැත.
  • මාසය අවසානයේ දී මේ සියළු විශේෂාංග සඳහා එක් බිල්පතක් පමණක් නිකුත් වේ.

සේවාවන්

  • හඩ ඇමතුම් මාර්ග: ජාත්‍යන්තර ඍජු ඇමතුම් සහිත 4/8 හඩ ඇමතුම් මාර්ග.
  • හඩ ඇමතුම් මාර්ගවල විශේෂාංග : අමතන්නා හදුනා ගැනීමේ පහසුකම, ඇමතුම් පෙරටු යොමුව, ඇමතුම් පැවරුම, ඇමතුම් පොරොත්තු, ත්‍රෛමාර්ගික ඇමතුම්
  • ඊ මේල්: 5/10 ගිණුම් (එක් ගිණුමක් සඳහා මෙගා බයිට 10)
  • අන්තර්ජාල නියමාවලිය IP පුළුල් පරාස පැකේජය මත රදා පවතින ගතික හෝ ස්ථිතික නියමාවලී
  • වෙබ් අඩවිය: මෙගා බයිට 10ක ධාරිතාවක් සහිත අනු-වසම
  • වෙබ් අඩවි පාදක කළමණාකරණය: හඬ ඇමතුම් සන්නිවේදනය සහ පුළුල් පරාස ප‍්‍රවේශය.
  • වෛරස් ආරක්ෂණයට සියළුම ඊ මේල් ගිණුම් සඳහා
  • Firewall ආරක්ෂාවට පුළුල් පරාස ප‍්‍රවේශ සඳහා පොදු Firewall ආරක්ෂාව

Touch Corporate Fuel Card

A unique corporate fuel management solution .

වැඩි විස්තර