AI හා නවතම කෘෂි විසඳුම් සමඟ Govi Mithuru පුළුල් කිරීමට ඩයලොග් සහ MDF, සිය සහයෝගීතාවය අලුත් කරයි
2025 සැප්තැම්බර් 03 කොළඹ

(වමේ සිට): Market Development Facility (MDF) Sri Lanka ආයතනයේ, ව්‍යාපාර උපදේශිකා, හිරුණි ලියනාරච්චි මෙනෙවිය, ඩයලොග් ආසිආටා පිඑල්සී හි ඩිජිටල් නවෝත්පාදන සහ අන්තර්ගතකරණය, සමූහ තිරසාරත්වය පිළිබඳ කළමනාකාර තරුෂ වනිගසේකර මහතා, එහි සමූහ ප්‍රධාන ආයතනික නිලධාරී අසංග ප්‍රියදර්ශන මහතා, ඩයලොග් ආසිආටා පිඑල්සී හි අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී, සුපුන් වීරසිංහ මහතා, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් Zoe Kidd මෙනෙවිය, Market Development Facility (MDF) Sri Lanka ආයතනයේ, දේශීය අධ්‍යක්ෂිකා මාරියම් පිරාචා මෙනවිය, එම ආයතනයේ ව්‍යාපාර උපදේශක අරවින්ද් ගනේෂන් මහතා සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි ඩිජිටල් අන්තර්ගතකරණය, සමූහ තිරසාරත්වය පිළිබඳ සහකාර නිෂ්පාදන කළමනාකාරිනී, මාධවී ජයමාලි මහත්මිය ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, සිය Govi Mithuru සේවාව තවදුරටත් පුළුල් කිරීම සඳහා, ඕස්ට්‍රේලියානු රජයේ අරමුදල් සැපයෙන Market Development Facility (MDF) සමඟ පවත්වාගෙන යන සහයෝගීතාවය නැවතත් අලුත් කර තිබේ. එම සහයෝගිතාවය තුළින්, මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අභියෝග සඳහා සාර්ථකව පිළියම් යෙදීම පමණක් නොව, කෘෂි කර්මාන්තයේ නිරත සියලු දෙනා ඇතුළත් වන පරිදි අන්තර්කරණය දිරිගැන්වීමට මෙන්ම, AI තාක්ෂණය පදනම් කරගත් නවතම, තිරසර කෘෂිකාර්මික ක්‍රමවේද සඳහා මෙරට ගොවි ප්‍රජාව දිරිමත් කිරීමටද අපේක්ෂා කෙරේ.
මෙරට කෘෂි ක්ෂේත්‍රය හා බැඳුණු ගැටලු සඳහා භාෂා ත්‍රිත්වයෙන්ම සාර්ථක උපදෙස් ලබාදීමේ අරමුණෙන් ඩයලොග් විසින් 2015 වසරේදී Govi Mithuru, සේවාව හඳුන්වා දෙනු ලැබිණි. ඒ, මෙරට ගොවීන් බහුල වශයෙන් මුහුණ දෙන අභියෝගවලට සාර්ථක පිළියමක් ලෙසිනි. ඒ අනුව, ගොවින් බහුල වශයෙන් අත්විඳින අස්වැන්න අඩුවීම, අස්වනු නෙළීමෙන් පසුව සිදුවන හානි ඉහළ යාම මෙන්ම, ගොවීන්ට වගාවන් සඳහා අවශ්‍ය තොරතුරු හා විශේෂඥ උපදෙස්, විශ්වාසදායී අන්දමින් ලබාගත හැකි සේවාවන් හිඟ වීම ආදී ගැටලුවට සාර්ථක විසඳුම් පිරිනමමින් Govi Mithuru සේවාව දියත් කෙරිණි. ඒ හරහා බෝග වර්ග 32 කට අධික ප්‍රමාණයක් සම්බන්ධයෙන් ගොවීන්ට විශේෂඥ උපදෙස් ලබාගත හැකි වේ. එපමණක් නොව, මෙම සේවාව දියත් කෙරෙන්නේ, ගොවින්ට තම වගාව සඳහා GAP සහතිකය ලබාගැනීමට හා අනාගත වගා සැලසුම් සකස් කිරීමට උපකාරී වන තාක්ෂණික මෙවලම් ඇතුළුව බොහෝ දේ සම්බන්ධයෙන් IVR සේවාව මගින් සහ Govi Mithuru මොබයිල් App එක හරහා තොරතුරු ලබාගැනීමට අවස්ථාව පිරිනමමිනි.
2020 වසරේ සිට ඕස්ට්‍රේලියාවේ MDF හි අඛණ්ඩ සහයෝගය සමගින් Govi Mithuru සේවාවෙහි විෂය පථය කෙමෙන් පුළුල් වෙමින් පැවතිණි. ඒ අනුව, කෝපි, මුරුංගා සහ සාම්ප්‍රදායික සහල් වැනි ඉහළ වටිනාකමක් සහිත නවතම බෝග වර්ග හඳුන්වා දෙන ලදී. අස්වනු හානි අවම කිරීම සඳහා තිරසර කෘෂිකාර්මික පිළිවෙත් සමගින් ගොවීන් දැනුවත් කිරීම සිදුකෙරුණේද එම සහයෝගයත් සමගිනි. ඉන් නොනැවතී, Village Agent ක්‍රමවේදය හඳුන්වාදෙමින්, අනුරාධපුරය සහ පොළොන්නරුව වැනි ප්‍රදේශවල කෘෂි කර්මාන්තයේ නිරත ගොවීන් 100,000කට අධික පිරිසක් මෙම සේවාවට සම්බන්ධ කරගැණිනි. ඡායාරූප මගින් වගාවට බලපාන පළිබෝධ හඳුනාගැනීමට මෙන්ම, වගාව සම්බන්ධයෙන් ගොවීන් පෞද්ගලිකව අත්විඳින ගැටලුවලට ඩිජිටල් උපදෙස් පිරිනැමීමට AI තාක්ෂණය පදනම් කරගත් නවතම විසඳුම් සඳහා වන පරීක්ෂණ නියමු ව්‍යාපෘතියක ස්වරූපයෙන් දියත් වුණේද සහයෝගිතාවය හේතුවෙනි.
මෙම සහයෝගිතාව පිළිබඳව අදහස් දක්වමින්, ඕස්ට්‍රේලියාවේ Market Development Facility හි අධ්‍යක්ෂිකා මරියම් පිරාචා මෙලෙස මහත්මිය සඳහන් කළාය. “ශ්‍රී ලංකාව පුරාම ගොවීන් වෙත ළඟාවීමට හැකියාව සහිත ගැළපෙනම සහකරුවකු ලෙසින් ඩයලොග් සමඟ අපගේ සහයෝගීතාවය අලුත් කිරීමට හැකිවිම අපට සතුටට කාරණයක්. ගොවීන්ට වගාව සම්බන්ධ තොරතුරු ලබාගැනීමට, ක්ෂේත්‍රයේ අභියෝගවලට සාර්ථකව මුහුණදීමට වගේම, රටේ කෘෂිකාර්මික දියුණුවට වැඩි වශයෙන් දායක වීමට ඉවහල් වන, නවතම ඩිජිටල් සහ AI විසඳුම් ගෙනඒම සඳහා අප එක්ව කැපවෙනවා.”
“ඩයලොග්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් දිගටම කැපවී සිටිනවා” යනුවෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා පැවසීය. “ඕස්ට්‍රේලියාවේ MDF ආයතනය සමඟ අපගේ සහයෝගීතාවය තවදුරටත් පුළුල් කිරීම මගින් Govi Mithuru හරහා ගොවි ප්‍රජාව වෙත සිදුකරන බලපෑම තවත් පුළුල් කිරීම අපගේ අපේක්ෂාවයි. විශේෂයෙන්ම කාන්තාවන් සහ ආබාධිත පුද්ගලයින් ඇතුළු තවත් බොහෝ පිරිසකට, තාක්ෂණය උපයෝගී කරගනිමින් ඔවුන්ගේ අනාගතය වඩාත් ශක්තිමත් හා ඵලදායී කරගැනීමට අවශ්‍ය දැනුම සහ මෙවලම් ලබාදෙමින් ඔවුන් බලගැන්වීම අපගේ අපේක්ෂාවයි.”
මේ වන විටත්, Govi Mithuru සේවාව, ශ්‍රී ලංකාව පුරාම මිලියන 1.1 කට අධික ගොවීන් පිරිසක් ඊට සම්බන්ධ කරගනිමින් මෙරට වඩාත්ම විශ්වාසනීය ඩිජිටල් සේවාව ලෙස ව්‍යාප්ත වෙමින් තිබේ. එමගින් ගොවීන්ට තම වගාවන් සඳහා අවශ්‍ය උපදෙස් එකසේ පහසුවෙන් ලබාගැනීමට හැකියාව සලසන අතරෙහි, නවෝත්පාදනවලින් හා සියලු දෙනා ඇතුළත් ඩිජිටල් අන්තර්කරණයෙන් යුත් ක්ෂේත්‍රයක් මෙන්ම, තිරසාර ක්ෂේත්‍රයක් බවට මෙරට කෘෂි ක්ෂේත්‍රය පත්කරමින්, ග්‍රාමීය සෞභාග්‍යය උදාකිරීම අඛණ්ඩව සිදුකෙරේ.