Body

පෙරළිකාර නවෝත්පාදන අභියෝගය සමග පරිවර්තනීය ඩිජිටල් ගමනකට අත්වැල් බැඳ ගත් හවුල්කරුවන් පිළිබඳ ඩයලොග් දැනුම් දෙයි

2023 නොවැම්බර් 13         කොළඹදී

 

Dialog MAS Enabler Programme

ඡායාරූපයෙහි වමේ සිට දකුණට : ඩයලොග් ආසිආටා පී.එල්. සී, Ideamart හි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී, විරංග සෙනෙවිරත්න, ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරණ සංගමයේ උප සභාපති, අර්ජුන් ජෙගර්, ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ ආයතනයේ සභාපති මහාචාර්ය රංජිත් දිසානායක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති, මහාචාර්ය මලික් රණසිංහ, ඩයලොග් ආසිආටා පී.එල්.සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ, ශ්‍රී ලංකා ආලෙවිකරණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී/ විධායක අධ්‍යක්ෂ සනත් සේනානායක, ලංකා වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් කළමනාකරු වර්තරාජා කුමාරගුරු, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් සිරිල් සුදුවැල්ල හා ජාතික නවෝත්පාදන නියෝජිතායතනයේ අතිරේක ප්‍රධාන නවෝත්පාදන නිලධාරීනි වෛද්‍ය සචී පනාවල

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩය‌ලොග් ආසිආටා පී.එල්.සී, මෙරට ඩිජිටල් පරිවතනයක් සඳහා මග පාදන ඩිජිටල් නවෝත්පාදන අභියෝගය වන Dialog Innovation Challenge හා අත්වැල් බැඳගත් හවුල්කාර පාර්ශව පිළිබදව සාඩම්බරයෙන් දැනුම් දෙයි. එලෙස අත්වැල් බැඳ ගනිමින්, දිවයින පුරාම සාර්ථක ලෙස වැඩි දියුණු කළ හැකි, ඩිජිටල් නවෝත්පාදන විසඳුම් දිරිමත් කිරීම මෙම හවුල්කාරිත්වය තුළින් සිදු කෙරේ.

Dialog Innovation Challenge සාර්ථක ලෙසින් ක්‍රියාවට නැංවීම සඳහා මෙම ජාතික ප්‍රයත්නයට ඩයලොග් සමගින් උරදෙන ආයතන, ක්ෂේත්‍ර ගණනාවකින් එය බල ගන්වමින් වැඩසටහන සුවිශේෂී සන්ධිස්ථානයක් කරා ගෙන ඒමට කටයුතු කරයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), මෙම නවෝත්පාදන අභියෝගයෙහි ජාතික තාක්ෂණ සහකරු ලෙසින් මා හැඟි කාර්යභාරයක නියැළෙයි. එමෙන්ම, තාක්‍ෂණික පාරිසරික පද්ධති හවුල්කරුවන් වශයෙන් කටයුතු කරන, ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ ආයතනය (IESL), නව නිපැයුම්කරුවන්ගේ කොමිසම (SLIC) මෙන්ම, ජාතික නවෝත්පාදන නියෝජිතායතනය (NIA) ඉහළම තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ සහය පිරිනැමීමට කැප වී සිටියි‍. ඒ අතරම, ලංකා වාණිජ මණ්ඩලය (CCC), ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM), හා ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරණ සංගමය (DMASL), අත්‍යවශ්‍ය කර්මාන්ත දැනුමෙන් නවෝත්පාදකයින් සන්නද්ධ කිරීමට කටයුතු කරයි.

ඩයලොග් හා මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය මලික් රණසිංහ මහතා පවසන්නේ මෙබඳු අදහසකි. “Innovation Challenge ගෙන ඒමට ඩයලොග් සමග අත්වැල් බැඳ ගැනීමට හැකිවීම ICTA ආයතනය වශයෙන් අපට ඉතාම සතුටක්. පුද්ගලික අංශය හෝ රාජ්‍ය අංශය වේවා, සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගැනීමට මෙබඳු හවුල්කාරීත්වයන් පවත්වා ගැනීම වැදගත් බව අපේ විශ්වාසයයි. ජාතික ඉන්ධන අවසර පත්‍ර වැඩසටහන මගිනුත් ඩයලොග් සමග මෙවැනිම සාර්ථක හවුල්කාරිත්වයක් අපි පෙන්වා තිබෙනවා. මේ වැඩසටහන තුළින්ද ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් කරා යාමට ඩයලොග් වෙත හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර, වැඩසටහන සාර්ථක කර ගැනීමට සඳහා ඩයලොග් වෙත වගේම, මෙරට ජනතාවටත් ICTA ආයතනයේ සහය හිමි වෙනවා.”

මෙම නවෝත්පාදන අභියෝගය පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පී.එල්. සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතාද අදහස් දැක්විය. “Dialog Innovation Challenge ඔස්සේ මෙරට පරිවර්තනීය ගමනකට අපි ප්‍රවිශ්ට වී සිටිනවා. එහිදී ආයතන ගණනාවක් සමග මෙලෙස එක්ව, ශ්‍රී ලංකාව පුරාම ඩිජිටල් නවෝත්පාදන කරා මෙහෙයවීමට හැකියාව ලැබීම සතුඅපට සතුටක්. මෙවැනි හවුල්කාරිත්වයක් මගින් පෙන්නුම් කෙරෙන්නේ, රටේ ඩිජිටල් අනාගතය හැඩ ගැස්වීමට අප සියල්ලන් සතු කැපවීමයි. මෙම අභියෝගය හ‌ා එක්ව, රටපුරා පුද්ගලයින්, ව්‍යාපාර සහ ප්‍රජාවන් තුළ සුබවාදී වෙනස්කම් ඇති කිරීමට තාක්ෂණයේ බල මහිමය භාවිත තරන ලෙස අපි සියලු ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කර සිටිනවා.”

AI, machine learning, IoT, blockchain හා තවත් ඩිජිටල් අංග ඔසසේ ඩිජිටල් විසඳුම් පිරිනමමින් මෙරට ඩිජිටල් අනාගතය හැඩගැස්වීමේ මෙම නවෝත්පාදන වෑයම හා එක්වන ලෙසට සියලු ශ්‍රී ලාංකිකයින් වෙත ඩයලොග් එලෙසින්ආරධානා කරයි. මේ හා එක්වන තරඟකරුවන්ට ස්වකීය ඩිජිටල් නවෝත්පාදන සංකල්ප, නව නිර්මාණ ලෙසින් වැඩි දියුණු කිරීමට, දැනුම මාර්ගෝපදේශ සැපයෙන වැඩසටහන රු. මිලියන 5 ක තෑගි සංචිතයකින්ද සමන්විතය. එපමණක් නොව, තෝරාගත් නවෝත්පාදකයින් වෙත DIF (ඩයලොග් නවෝත්පාදන අරමුදල) මගින් නවෝත්පාදන සඳහා ආයෝජන සහයද පිරිනැමෙන අතර, ඩයලොග් නවෝත්පාදන පාරිසරික පද්ධතිය හා එක් වීමේ මාහැඟි අවස්ථාවද සැලසේ.

මෙම නවෝත්පාදන අභියෝගය සමගින් එක් වීමට, www.dialog.lk/ic වෙත පිවිසෙන්න.