ඩයලොග් ස්වර්ණ ශක්ති විශේෂ වැඩසටහනේ ජයග්‍රාහකයාට මාලදිවයිනේ පවුලේ සංචාරයක්
2025 ජූනි 05 කොළඹ

වමේ සිට දකුණට: ඩයලොග් කණ්ඩායම නියෝජනය කරමින්, Super App හි සහයෝගිතා සහකාර රමිත් හේරත්, ජ්‍යෙෂ්ඨ විධායක - Super App ප්‍රචාරණ වැඩසටහන් සැලසුම්, පියුමි ජයසිංහ, සහකාර ප්‍රාදේශිය කළමණාකාර- ජාතික අලෙවි, සෙල්වරජා විනෝත් මහතා සහ කලාපීය කළමනාකරු - උතුරු කලාපීය මෙහෙයුම්, අමිල තිසේරා මහතා විසින් ජයග්‍රාහක කේ. මාතුෂන්තන් මහතා සහ පවුලේ අය වෙත ගුවන් ටිකට්පත් පිරිනැමූ අවස්ථාව.
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දිවයින පුරාම වෙළෙඳ නියෝජිතයින් ඉටුකරන වටිනා සේවය අගයමින් ඔවුන්ට ප්‍රතිලාභ හිමිකර දෙමින් ක්‍රියාවට නැංවූ ඩයලොග් ස්වර්ණ ශක්ති ලෝයල්ටි වැඩසටහන යටතේ පැවති විශේෂ වැඩසටහන තුළින්, වෙළෙඳ නියෝජිතයකු හට මාලදිවයිනේ පවුලේ සංචාරයක් පිරිනමා තිබේ.
ඩයලොග් සේවාවන් පාරිභෝගිකයින් වෙත සමීප කරමින් දිවයින පුරාම වෙළෙඳ නියෝජිතයින් ඉටුකරන සුවිශේෂී සේවය එම වැඩසටහන මගින් ඇගයීමට ලක් කෙරිණි. ඒ අනුව, ඩයලොග් ස්වර්ණශක්ති වැඩසටහන යටතේ පැවති විශේෂ වැඩසටහන තුළින්, පවුලේ අය සමග මාලදිවයින් සංචාරයක් සඳහා ගුවන් ටිකට්පත් හතරක් දිනා ගැනීමේ අවස්ථාව ජයග්‍රාහී වෙළෙඳ නියෝජිතයාට හිමි විණි.
දිවයින පුරාම වෙළෙඳ නියෝජිතයින්ගේ උද්යෝගිමත් සහභාගිත්වය හිමිවුණු මෙම වැඩසටහන WOW Super app හා ඒකාබද්ධ කරමින් ක්‍රියාත්මක කෙරිණි. වෙළඳ නියෝජිතයින් විශාල ප්‍රමාණයක් අතරෙන් ඩයලොග් වෙළඳ නියෝජිත සායි මල්ටි සෙන්ටර් හි කේ. මතුෂාන්තන් මහතා මාලදිවයින් සංචාරය සඳහා අවස්ථාව උදා කරගත් වාසනාවන්ත ජයග්‍රාහකයා බවට පත් විණි. ඔහු සමාගම කෙරෙහි දක්වන අඛණ්ඩ පක්ෂපාතිත්වය සහ ඔහු විසින් ලබාදෙන විශිෂ්ටතම සේවාව එමගින් ඇගයීමට ලක්‌කෙරිණි.
ඩයලොග් ස්වර්ණ ශක්ති වැඩසටහන, 2024 නොවැම්බර් 6 වන දින යළි ආරම්භ කිරීමෙන් අනතුරුව, රට පුරාම 80,000 කට අධික ඩයලොග් වෙළෙඳ නියෝජිතයින්ට WOW Super App හරහා ඔවුන් කැමතිම තෑගි තෝරාගෙන තම Points, Redeem කර පහසුවෙන්ම නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබිණි. ඒ අනුව, මිලියන 240 කට අධික වටිනාකමක් සහිත ත්‍යාග 30,000කට වැඩි ප්‍රමාණයක් මේ වන විට රට පුරාම සාර්ථකව බෙදා හැර අවසානය. රුපියල් මිලියන 350 ක තෑගි සංචිතයකින් සමන්විතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණු අතර, එමගින් Points, Redeem කිරීමේ වෙනස් ක්‍රමවලට යොමුවන අතරෙහි, තම points වලට ඉහළම වටිනාකමක් ලබාගැනීමටද වෙළෙඳ නියෝජිතයින්ට හැකි විණි.
දිවයින පුරාම ඩයලොග් හා අත්වැල් බැඳ සිටින වෙළෙඳ නියෝජිතයින්ට ප්‍රතිලාභ සැලසීමේ අරමුණෙන්, මෙම ස්වර්ණ ශක්ති ලෝයල්ටි වැඩසටහන 2024 නොවැම්බර් 6 වැනි දින සිට WOW Super App හා ඒකාබද්ධ කර නැවත ක්‍රියාත්මක කරනු ලැබුවේ, රට පුරාම 80,000 කට අධික වෙළෙඳ නියෝජිතයින්ට තමන් කැමතිම තෑගි පහසුවෙන් නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව උදා කරමිනි. ඒ අනුව, ඩයලොග් වෙළෙඳ නියෝජිතයින්ට WOW Mall හරහා පහසුවෙන් තමන්ටම තෑගි තෝරාගැනීමට හැකි වූ අතර, points වල වටිනාකම ඉක්මවන අවස්ථාවකදී ඉතිරිය මුදලින් ගෙවා එම තෑගි නොමිලේම ගෙදරට ගෙන්වා ගැනීමේ අවස්ථාව හිමි විණි.
ඩයලොග් ස්වර්ණ ශක්ති වැඩසටහන හරහා වෙළෙඳ නියෝජිතයින් මෙලෙසින් අගයන ඩයලොග්, සම්බන්ධතාවයෙන් පිරිපුන් ශ්‍රී ලංකාවක් උදෙසා අඛණ්ඩව කැපවෙමින් සේවාව සලසන සියලු වෙළෙඳ නියෝජිතයින් වෙත සිය හෘදයාංගම ස්තුතිය පුද කරයි.