පොසොන් පොහෝ දා රුවන්වැලි සෑ පුදබිම එළිය කරමින් 'ඩයලොග් ආලෝක පූජා' පිංකම සාර්ථකව පවත්වයි
2025 ජූනි 19 කොළඹ

ස්වර්ණමාලි චෛත්‍යරාමාධිකාරී, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක නායක ස්ථවිරයන් වහන්සේ, පූජ්‍ය නෙකුටුණු වැවේ ඤාණරතන හිමි සමග රුවන්වැලි සෑ පරිශ්‍රය විදුලි බුබුලින් අලෝකවත් කිරීම සඳහා එක් වූ අවස්ථාව. ඩයලොග් ආසිආටා පීඑල්සී හි උපසභාපති - සන්නාම, මාධ්‍ය හා සමූහ අලෙවි, හර්ෂ සමරනායක මහතා (වමේ සිට) ඩයලොග් ආසිආටා පීඑල්සී හි සහකාර උපසභාපතිනි - සමූහ අලෙවි හා සන්නාම කළමණාකරණ, අශානි සේනාරත්න මහත්මිය, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ප්‍රගමන හා මෙහෙයුම් ප්‍රධානී, තිසර කස්තුරිආරච්චි මහතා සහ TV නාලිකාවේ ප්‍රවර්ධන අධ්යක්ෂ, සමන් රත්නායක මහතාද රුවන්වැලි සෑ පරිශ්‍රය අලෝකවත් කිරීමේ අවස්ථාවට එක්වූහ.
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ශ්‍රී ලංකාවාසී බෞද්ධයින්ගේ අතිශය වැදගත් පොහෝ දිනයක් වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දා, මෙරට ඓතිහාසික සිද්ධස්ථානයක් වන අනුරාධපුර රුවන්වැලි මහ සෑ මළුව පහනින් හා විදුලි ආලෝකයෙන් එළිය කරමින්, අසිරිමත් 'ඩයලොග් ආලෝක පූජා' පිංකම සාර්ථකව පවත්වනු ලැබිණි. ඉකුත් පොසාන් පොහෝ දා සවස 5.30 සිට 6.30 දක්වා රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් අභියස පහන් 15,000 ක් දල්වමින් හා එම පරිශ්‍රය විදුලි බුබළු 520,000 කින් ආලෝකමත් කරමින් මෙම පිංකම පැවැත්වුණු අතර, එම පුදබිමේ සිට ඊට එක්විය නොහැකි වූ සුවහසක් ජනතාවට, TV දෙරණ ඔස්සේ එය සජීවීව දැකබලා ගනිමින් බැතිසිත් පහදවා ගැනීමටද ඉඩකඩ සලසා දෙනු ලැබිණි.
බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ ශ්‍රී සද්ධර්මය මිහිඳු මාහිමියන් විසින් ලංකාදීපයට රැගෙන ආ අසිරිමත් පොසොන් පුන් පොහොය නිමිත්තෙන්, බුදුන්ගේ අපරිමිත ගුණ කදම්භය සිහිපත් කර, රුවන්වැලි මහ සෑ රදුන් අභියස පහන් දල්වමින්, මහ සෑ පරිශ්‍රය විදුලි බුබුළුවලින් එළිය කරමින්, ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවට ආශිර්වාද කිරීමේ අරමුණෙන් මෙම පිංකම පැවැත්විණි. දිවයිනේ නන්දෙසින් අනුරාධපුරයට ඇදී ආ සැදැහැවත් බැතිමතුත්හු චිත්ත ප්‍රීතියෙන් යුක්තව මෙම පිංකමට එක්වූහ. පුරා පැයක් තිස්සේ රුවන්වැලි මහ සෑ රදුන් වෙත පිදුණු එම ආලෝක පූජාවෙන් අනතුරුව, පිංකමට එක් වූ පිරිස ඇතුළුව, ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවට පුණ්‍යානුමෝදනා එක්කරමින් ධර්ම දේශනාවක්ද එම පරිශ්‍රයේ පැවැත්විණි. රුවන්වැලි සෑය සහ අවට පරිශ්‍රය විදුලි බුබුළුවලින් ආලෝකවත් කිරීම ඩයලොග් විසින් සිදුකෙරුණේ, සැදැහැවත් බෞද්ධයින්ගේ සාදුනාද මධ්‍යයේ ය.
එම ආලෝක පූජා පිංකමට සමගාමීව, පොසොන් හා බැඳුණු මාහැඟි දානමය පුණ්‍යකර්මය පිළිබිඹු කරමින්, එම පරිශ්‍රය තුළ QR එක Scan කර නොමිලේ Data හිමිකර ගැනීමට අවස්ථාවද ඩයලොග් සලසා තිබිණි. ඉකුත් වෙසක් සමයේ දියත් කරන ලද, ඩයලොග් හි පුරෝගාමී QR රීලෝඩ් ක්‍රමයෙන් බලගැන්වුණු Data දන්සල හා සමානව, මහ සෑ පරිශ්‍රයේ ස්ථාන 5 කදී එලෙස Data දීමනා පිරිනමන ලදී.
ශ්‍රී ලංකාවාසී ජනතාවද එක්කර ගනිමින් මහ සෑ පරිශ්‍රයේ සිදුකෙරුණු, ‘ඩයලොග් අලෝක පූජා’ පිංකම පිළිබඳව අදහස් දක්වමින්, රුවන්වැලි සෑ චෛත්‍ය විහාරාධිපති ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමිපාණන් සඳහන් කළේ මෙලෙසිනි. “උතුම් වූ පොසොන් පොහොය නිමිත්තෙන් රුවන්වැලි මහ සෑ චෛත්‍ය රාජයාණන් අභියස පවත්වන ලද මෙම ආලෝක පූජා පිංකම, සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවට මහත් ආශිර්වාදයක් වූ බවට විශ්වාසයි. මෙවැනි පුණ්‍යකර්මයක් සංවිධානය කිරීම, බෞද්ධ වටිනාකම් සහ ආගමික පුදපූජා විධි ආරක්ෂා කිරීමට ලැබෙන ශක්තියක් විදිහටයි මම දකින්නේ. ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතික උරුමයන් පෝෂණය කරමින්, ජනතාවගේ අධ්‍යාත්මික දියුණුව සඳහා මෙවැනි කටයුතු සිදුකිරීමට ඩයලොග් ආයතනයට තව තවත් ශක්තිය ලැබේවා’ යි ප්‍රාර්ථනා කරනවා.”
මෙවැනි සුවිශේෂී ආගමික හා සංස්කෘතික කටයුතු වෙනුවෙන් නිරතුරුවම සිය බැතිබර අනුග්‍රාහකත්වය පුද කරන ප්රමුඛ පෙළේ සමාගමක් ලෙසින් ඩයලොග්, ශ්‍රී ලාංකේය බෞද්ධ උරුමය හා සංස්කෘතිය සුරක්ෂිතව අනාගත පරපුරට දායාද කිරීමට දීර්ඝ කාලයක් තිස්සේ කැපවී කටයුතු කරයි.