ඩයලොග්, සියලු ශ්‍රී ලාංකිකයින් වෙත 5G සම්බන්ධතාවය සමීප කරමින්, Nubia Air 5G එළිදක්වයි
2025 නොවැම්බර් 06 කොළඹ
වමේ සිට: SINGER Sri Lanka PLC හි මෙහෙයුම් අධ්යක්ෂ ජගත් පෙරේරා, එම ආයතනයේ අලෙවි අධ්යක්ෂ ජන්මේෂ් ඇන්තනී, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම, ZTE Lanka (Pvt) Ltd හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී මයිකල් ලී, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ව්‍යාපාර වර්ධන හා මෙහෙයුම් ප්‍රධානී, උපසභාපති, තිසර කස්තුරිආරච්චි සමගින් Stelacom (Pvt) Ltd හි කළමනාකාර අධ්යක්ෂ, චාමික ගොඩමාන්න යන මහත්වරුන් ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, 5G-ready ජාලය සමගින් අනාගත පරපුරේ අධිවේගී සම්බන්ධතාවයට වඩාත් පහසුවෙන් පිවිසිය හැකි, නවතම Nubia Air 5G, smartphone එක ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් වෙත පිරිනමයි. නවතම නිමාවේ හා ඉහළම ක්‍රියාකාරිත්වයේ මනා සංකලනයෙන් යුතුව, දැරිය හැකි මිලකට පාරිභෝගිකයින්ට පිරිනැමෙන මෙම smartphone එක මගින්, 5G සම්බන්ධතාවය සියලු ශ්‍රී ලාංකිකයන්ට සමීප කිරීමේ ඩයලොග් කැපවීම තවදුරටත් තහවුරු කෙරේ.
ඩයලොග් විසින් මින් පෙර Dialog A76, smartphone එක මෙරට පාරිභෝගිකයින්ට සාර්ථකව හඳුන්වාදීමත් සමග, 5G තාක්ෂණය සියලු ශ්‍රී ලාංකිකයින් වෙත ලබාදීමේ මෙහෙවරෙහි ඩයලොග් අඛණ්ඩව නියැළෙයි. ඒ අනුව 5G ජාලයට සහය සලසන ස්මාර්ට් ජංගම දුරකතන ඔවුන් වෙත පිරිනමයි. දැන්, එම කටයුත්තෙහි තවත් සුවිශේෂී ඉදිරි පියවරක් තබමින්, smartphone තාක්ෂණයෙහි විශිෂ්ට ශිල්පීය හැකියාවන්, අද්විතීය ක්‍රියාකාරිත්වය සමග මුසුකරමින් මෙම නවතම 5G smartphone එක පාරිභෝගිකයින් වෙත ලබාදේ. මිලි මීටර 5.9 ක් තරම් සිහින් බඳකින් යුතු මෙම Nubia Air 5G smartphone එක, පාරිභෝගිකයින්ට පහසුවෙන්ම අතේ රඳවාගත හැකි අතර, ඒ හේතුවෙන්ම එය භාවිත කිරීමටද පහසු ය. පාරිභෝගිකයින්ගේ දහසකුත් එකක් දෛනික වැඩ කටයුතු අතරමැද මෙය භාවිත කරද්දී කිසිදු හානියක් සිදුනොවන පරිදි, මෙම smartphone එක දූවිලි හා ජල ප්‍රතිරෝධී ලෙස නිර්මාණය කර තිබීමද විශේෂත්වයකි. එමෙන්ම, අධිවේගී 5G ජාලයට සහය දක්වන නවතම chipset එකකින්ද සමන්විත මෙම smartphone එක, වඩාත් උසස් ප්‍රොසෙසරයකින් මගින් බලගැන්වෙන බැවින්, දැන් ඒ හරහා නවතම 5G-ready ජාලයට පිවිසෙන පාරිභෝගිකයින්ට, ඕනෑම App එකක් භාවිතයෙන් පහසුවෙන්ම කාර්යයන් ගණනාවක්, සැණෙකින් ඉටුකර ගැනීමේ හැකියාව පවතී. එමෙන්ම, Nubia Air 5G, smartphone එක මගින් අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවය හා සැණෙකින් එක්වීමේ පහසුව සලසන බැවින්, පාරිභෝගිකයින්ට කිසිදු බාධාවකින් තොරව streaming සේම, වීඩීයෝ ක්‍රීඩාවලද නියැළීමට හැකියාව පවතී.
එමෙන්ම, පාරිභෝගිකයින්ට වඩාත් පැහැදිලි ඇමතුම් ලබාගැනීම සහතික කරමින්, dual mic AI noise cancellation ඇතුළත් මෙම smartphone එකෙහි සුපැහැදිලි HD තිරය, ඔවුන්ට හිතේ හැටියට අන්තර්ජාලයේ සැරිසැරීමට, වීඩියෝ නැරඹීමට මෙන්ම වීඩියෝ ක්‍රීඩා කිරීමට ඉඩකඩ සලසමින්, ඕනෑම කටයුත්තකදී වඩාත් විචිත්‍ර අත්දැකීමක් පිරිනමයි. බැටරි ක්‍රියාකාරිත්වය අතින්ද පාරිභෝගිකයින්ට ඉහළම අත්දැකීමක් පිරිනමමින්, මෙහි ඇතුළත් කර ඇති කල්පවතින බැටරිය, වේගයෙන් ආරෝපණය කළ හැකිවීම වඩාත් පහසුවකි. ඒ හේතුවෙන්, ඔවුන්ට බැටරි ආරෝපණය ගැන කරදර නොවී, වැඩි වේලාවක් තම සුපුරුදු කාර්යයන්වල යෙදීමට හැකි වේ.
මෙම smartphone එක මිලදී ගන්නා පාරිභෝගිකයින්ට, ඒ සමගින් data පැකේජයක්ද ලබාගත හැකි අතර ඒ අනුව, ඔවුන්ට ශ්‍රී ලංකාවේ වඩාත් උසස්, ඩයලොග් 5G අධිවේගී ජාලය හා සැණෙකින් එක්වී, විශ්වාසනීය අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබාගැනීමට අවස්ථාව උදා වේ.
ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට 5G තාක්ෂණය වෙත පහසුවෙන් පිවිසීමට හැකියාව සලසමින් හඳුන්වාදෙන මෙම නවතම Nubia Air 5G, smartphone එක, දිවයින පුරාම ඩයලොග් පාරිභෝගික මධ්‍යස්ථානවලදී මිලදී ගත හැකි අතර, වාරික ගෙවීමේ ක්‍රමයට මිලදී ගන්නා පාරිභෝගිකයින්ට, smartphone මිලදීගැනීම වඩාත් පහසු හා සරල කටයුත්තක් බවට පත් කරමින් ඩයලොග් Lesi Pay හා Dialog SMART Phone Plan ද හඳුන්වාදී තිබේ.
ඩයලොග් හි අධිවේගී 5G ජාලය හා වඩාත් පහසුවෙන් එක්විය හැකි මෙම නවතම Nubia Air 5G එළිදක්වමින් ඩයලොග්, 5G තාක්ෂණය වෙත පිවිසීමට පාරිභෝගිකයින් හමුවේ ඇති තාක්ෂණික බාධක බිඳ දමයි. ඒ සමගින් වඩාත් උසස් 5G මොබයිල් හැකියාවන් සෑම ශ්‍රී ලාංකිකයකු වෙතම සමීප කිරීමට අඛණ්ඩව කටයුතු කරයි. ඒ සඳහා සිත් ඇදගන්නා නිමාවේ හා ඉහළම ක්‍රියාකාරිත්වයේ මනා සංකලනය සමගින් දැරිය හැකි මිලද එක්කර, පාරිභෝගිකයින්ට 5G හැකියාවන් මුළුමනින්ම අත්විඳිය හැකි smartphone එකක් පිරිනමයි. ඒ තුළින්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයේ පුරෝගාමියා ලෙස ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසක් සවිබල ගැන්වීම සඳහා තම සමාගමේ ඒකායන කැපවීම, ඩයලොග් යළිත් වරක් මෙලෙස තහවුරු කරයි.
Nubia Air 5G smartphone එක, මිලදී ගැනීමට හෝ ඒ පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට, https://dialog.lk/phones/nubia-air-5g-8gbවෙත පිවිසෙන්න..