ICC පිරිමි පන්දුවාර 20 ලෝක කුසලානයේ සංචාරය කොළඹින් ගමන් අරඹද්දී, කුසලානය ඩයලොග් ප්‍රධාන කාර්යාලය වෙත හරසරින් රැගෙන එයි
2026 ජනවාරි 23 කොළඹ
ඩයලොග් ආසිආටා පීඑල්සී හි, නිෂ්පාදන කළමනාකාර - වෙළෙඳ දැන්වීම්, Media & Home, යමිත් අනුරාධ මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ව්‍යාපාර ප්‍රධානී - Media & Home, පුබුදු අලුත්ගෙදර මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අලෙවි ප්‍රධානී උපුල් නවරත්න බණ්ඩාර මහතා සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි උප සභාපති - සමූහ අලෙවි, හර්ෂ සමරනායක මහතා ඡායාරූපයට පෙනීසිටි අවස්ථාව.
2026 ICC පිරිමි පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව ලහි ලහියේ සූදානම් වන වද්දී, ක්‍රීඩා උද්යෝගය වඩවන සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පන්දුවාර 20 ලෝක කුසලානය, ජනවාරි 23 වන දින ඩයලොග් ආසිආටා ප්‍රධාන කාර්යාලය වෙත ඉමහත් හරසරින් යුතුව රැගෙන එන ලදී.
ජාත්‍යන්තර පන්දුවාර 20 තරග බිමේ ශූරයින්ට පිදෙන මෙම වටිනා කුසලානය සමගින් ක්‍රිකට් උණුසුම නගරයෙන් නගරයට රැගෙන යමින්, ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සංවිධානය කරන ලද මෙම ලෝක කුසලානයේ සංචාරය අරඹමින්, එම කුසලානය ඩයලොග් වෙත රැගෙන එම තුළින් ඉදිරියේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව ක්‍රීඩාලෝලීන් තුළ පොපියන උද්යෝගය තව තවත් වර්ධනය වන අතර, මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නගාසිටුවීම උදෙසා ඩයලොග් සමාගම ලබාදෙන නිරන්තර දායකත්වයද මැනවින් පිළිඹිබු කෙරේ.
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් යුතුව, 2026 ICC පිරිමි පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය 2026 පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා, ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් සුවිශේෂී තරග ආකෘතියක උණුසුම ක්‍රිකට්ලෝලීන් හමුවේ දිග හරිමින්, දෙරටේ ක්‍රීඩාංගණ රැසකදී මාසයක් පුරා තරගාවලිය පැවැත්වීමට නියමිතය.
ICC පිරිමි පන්දුවාර 20 ලෝක කුසලානය, ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටි සහ වේගවත් බවේ සංකේතයක් ලෙසින්, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට 2007 වසරේදී ප්‍රථම වරට හඳුන්වා දෙන ලද තරග ආකෘතියකි. ඒ වෙනුවෙන් පිදෙන කුසලානය, ක්‍රිකට් ක්‍රීඩාවේ වේගය, නව්‍යකරණය සමගින් ලොවපුරා ක්‍රිකට්ලෝලීන් අමන්දානන්දයට පත් කරන සැණකෙළියක් ලෙසින් ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂී පරිණාමය පිළිබිඹු කරන සංකේතයකි. එබඳු කුසලානයක් ඩයලොග් ආයතනය වෙත රැගෙන ඒමෙන්, දිවයින පුරාම මිලියන සංඛ්‍යාත ක්‍රිකට්ලෝලීන් වෙත ක්‍රීඩාව තවදුරටත් සමීප කිරීමට ඩයලොග් සන්නාමය දරන ප්‍රයත්නය විදහා දැක්වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දිර්ඝ කාලීන සහකරුවකු ලෙසින් කටයුතු කරන ඩයලොග් සමාගමට මෙම පන්දුවාර 20 ලෝක කුසලානයේ සංචාරය අළලා සුවිශේෂී වැදගත්කමක් පවතී. ඒ, ඉකුත් වසර ගණනාවක් පුරා සජීවී තරග විකාශන, ඩිජිටල් තාක්ෂණික වැඩසටහන්වල පටන් ක්‍රීඩා තරග සංවිධානය දක්වාම දියත් කළ සුවිශේෂි කාර්යයන් ගණනාවක් ඔස්සේ, ශ්‍රී ලාංකීය ක්‍රිකට්ලෝලීන්ගේ හද ගැස්ම බඳුව, ක්‍රිකට් සමග ක්‍රීඩාව සමගින් ඔවුන් සමීප වන ආකාරය වෙනස් කිරීමට ඩයලොග් සමාගම කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කර ඇති බැවිනි.
ඉදිරි වසර කිහිපය පුරා ICC තරග සඳහා බහු-වාර්ෂික ගිවිසුමක් යටතේ විකාශන අයිතිය හිමි කරගෙන ඇති ඩයලොග් සමාගම, ICC පිරිමි පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ නිල විකාශන අයිතිය සතු සමාගමයි. ඒ අනුව, මෙම ICC පිරිමි පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ උද්යෝගිමත් ක්‍රීඩා අවස්ථා විඳගැනිමට පුල පුලා බලා සිටින, ලාංකීය ක්‍රිකට්ලෝලීන්ට සජීවී තරග, උණුසුම් අවස්ථා සමගින් අපූරු ක්‍රිකට් විස්තර ප්‍රචාර ආදී ක්‍රීඩා අත්දැකීම් සියල්ලක්ම ගෙනෙන සුවිශේෂී ක්‍රීඩා අත්දැකීමකට Dialog Television සහ Dialog Play App හරහා දොරගුළු විවර වනු ඇත. මීට අමතරව, මෙම මෙම තරගාවලිය නොමිලේ විකාශනය සඳහා Supreme TV ද ඩයලොග් හා අත්වැල් බැඳ ගෙන සිටියි.
ඩයලොග් ප්‍රධාන කාර්යාලය වෙත රැගෙන ඒමෙන් අනතුරුව, මෙම කුසලානය රටවටා යන ගමනේ මහනුවර, දඹුල්ල සහ යාපනය යන නගරවලට සංචාරය කිරීමට නියමිතය. මෙමගින් ශ්‍රී ලාංකීය ක්‍රිකට්ලෝලීන්ට කුසලානය සමීපව දැකබලා ගැනීමටත්, සමරු ඡායාරූප ලබා ගැනීමටත් අවස්ථාව උදාවේ.
2026 ලෝක කුසලාන තරගාවලිය ආසන්නයේ තිබියදී, ක්‍රිකට් ක්‍රීඩාව හා ළෙන්ගතු ක්‍රීඩකයින් සහ ක්‍රීඩාලෝලීන් සමඟ එක්ව මුළු මහත් ශ්‍රී ලංකාවාසී ජනතාව, තම හදගැස්ම හා බැඳුණු මෙම අසිරිමත් ක්‍රිකට් සැණකෙළිය සැමරීමට පුල පුලා බලා සිටී.