ඩයලොග් ටෙලිවිෂන් ප්‍රයිවට් ලිමිටඩ්
පසුගෙවුම් ග්‍රාහක ගිවිසුමේ නියමයන් සහ කොන්දේසි

මෙම ගිවිසුමේ සඳහන් නියමයන් සහ කොන්දේසිවලින් ඩයලොග් ටෙලිවිෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් (“සමාගම”) විසින් ග්‍රාහකයාට (“ග්‍රාහකයාට”/“ඔබට”) සේවාවන් සැපයීම (මෙහි මින්මතු අර්ථ නිරූපණය කරන,) පාලනය කරනු ලැබේ.

ග්‍රාහකයා විසින් මෙම නියමයන් සහ කොන්දේසි කියවා වටහාගැනීම අවශ්‍ය වන අතර, තව ද, මෙම නියමයන් සහ කොන්දේසිවලට එකඟ වී, ඩයලොග් ටෙලිවිෂන් ග්‍රාහක ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍රය (“අයදුම් පත්‍රය”) නිසි පරිදි සම්පූර්ණ කර, ඊට අත්සන් තබා ඉදිරිපත් කිරීම ද අවශ්‍ය වේ.

ඒ අනුව, මෙම අයදුම් පත්‍රය ග්‍රාහකයා විසින් නිසි පරිදි සම්පූර්ණ කිරීම යන්නෙන් ග්‍රාහකයා විසින් මෙම නියමයන් සහ කොන්දේසි කියවා බලා, වටහා ගෙන ඒවා පිළිගෙන ඇති බවට අදහස් විය යුතුය.

1. අවශ්‍යතාවන්

  • i. ඔබට “ඩයලොග් ටීවි” සම්බන්ධතාවක් සහ සේවාවන් සඳහා ග්‍රාහකත්වය ලබාගැනීමට වයස අවුරුදු 18 ක් හෝ ඊට වැඩි විය යුතුය.
  • ii. ඉදිරිපත් කළ යුතු/යොමු කළ යුතු ලේඛන:
    ඔබ ශ්‍රී ලාංකිකයෙකු නම්: ජාතික හැඳුනුම්පත හෝ ගමන් බලපත්‍රය එහි පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
    ඔබ ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන්නේ නම්: ගමන් බලපත්‍රය, එහි පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
    සමාගමක් නම්: සංස්ථාගත කිරීමේ සහතිකය, සමාගමේ ලියාපදිංචි කිරීමේ ලිපිනය අඩංගු සමාගම් ආකෘති පත්‍රය, අධ්‍යක්ෂවරුන්ගේ තොරතුරු අඩංගු සමාගම් ආකෘති පත්‍රය සහ සාංගමික ව්‍යවස්ථාවලිය යන ලේඛනවල පිටපත් ඉදිරිපත් කළ යුතුය.
    තනි හිමිකාර ව්‍යාපාරයක් හෝ හවුල් ව්‍යාපාරයක් නම්: 1. තනි හිමිකරුගේ/හවුල්කරුවන්ගේ ජාතික හැඳුනුම්පත/හැඳුනුම්පත් සමඟ ඒවායේ පිටපත් ඉදිරිපත් කළ යුතුය. 2. ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ලේඛනයේ පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
    යම් වෙනත් නෛතික/ලියාපදිංචි අස්ථිත්වයක් නම්: අදාළ ලියාපදිංචි කිරීමේ/හඳුනා ගැනීමේ ලේඛන යොමු කිරීම සහ ඉදිරිපත් කිරීම කළ යුතුය.
    ඉහත සඳහන් සියලු අවස්ථාවලදීම, බිල්පත් යොමු කිරීමේ ලිපිනය උපකරණය සවි කිරීමේ ලිපිනයෙන් වෙනස් වන්නේ නම් බිල්පත් යොමු කිරීම තහවුරු කළ යුතුය.

2. අර්ථ නිරූපණයන්

  • i. “ගිවිසුම” යන්නෙන් සමාගම විසින් කලින් කලට වෙනස් කරනු ලැබිය හැකි, මෙම නියමයන් සහ කොන්දේසිවලට අනුව සමාගම සහ ග්‍රාහකයා අතර එළඹෙන මෙම සේවාවන් සඳහා වන ගිවිසුම අදහස් වේ.
  • ii. “සමාගම” යන්නෙන් ඩයලොග් ටෙලිවිෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්, එහි අනුප්‍රාප්තිකයන් සහ පැවරුම්ලාභීන් අදහස් වේ.
  • iii. “පරිශ්‍රය” යන්නෙන් උපකරණය සවිකරන යම් ස්ථානයක් හෝ ගොඩනැගිල්ලක් අදහස් වේ.
  • iv. “සේවාවන්” යන්නෙන් ග්‍රාහකයා විසින් ග්‍රාහකත්වය ලබාගෙන ඇති අදාළ පැකේජ විස්තර පදනම් කරගෙන සමාගම විසින් පසු ගෙවුම් පදනම මත ග්‍රාහකයාට සපයන ගෙවුම් ටෙලිවිෂන් සම්ප්‍රේෂණ සේවාවන් අදහස් වේ.
  • v. “ග්‍රාහකයා” යන්නෙන් සේවාවන් ලබාගැනීමට ග්‍රාහකත්වය ලබාගන්නා වයස අවුරුදු 18 ට වැඩි තැනැත්තෙකු හෝ යම් ව්‍යාපාර අස්ථිත්වයක් අදහස් වන අතර, ඔවුන්ගේ විස්තර අයදුම් පත්‍රයේ දක්වා තිබේ.
  • vi. “උපකරණය” යන්නෙන් ග්‍රාහකයා විසින් මිලදී ගන්නා සැටලයිට් සංඥා ලැබෙන උපකරණය අදහස් වන අතර, ඊට සෙට් ටොප් බොක්ස් (set top box), සැටලයිට් ඩිෂ් ඇන්ටනාව (satellite dish antena), පවර් පැක් (power pack), ලෝ නොයිස් බොක්ස් (low noise box), දුරස්ථ පාලක මෙවලම (remote control device) යනාදිය සහ ඒවායේ සංරචක සහ ඊට අදාළ වෙනත් උපාංග ඇතුළත් වේ.

පුරුෂවාචී බව හැඟවීමට යොදන පදවලට ස්ත්‍රීවාචී බව හඟවන පද ද ඇතුළත් වේ. ඒකවාචී බව හැඟවීමට යොදන පදවලට බහුවාචී බව හඟවන පද ද බහුවාචී බව හැඟවීමට යොදන පදවලට ඒකවාචී බව හඟවන පද ද ඇතුළත් වේ.

ස්වාභාවික පුද්ගලයෙකු හැඟවීමට යොදන පාඨයට යම් සමාගමක්, හවුල් ව්‍යාපාරයක්, සංවිධානයක්, සංස්ථාවක් හෝ වෙනත් පුද්ගල මණ්ඩලයක් හෝ යම් රාජ්‍ය නියෝජිතායතනයක් යනාදිය ඇතුළත් විය යුතු නමුත් ඊට පමණක් සීමා නොවිය යුතුය.

ශීර්ෂ පාඨ හුදෙක් පරිශීලනයේ පහසුව පිණිස මිස ඒ මගින් ඒ එක් එක් ශීර්ෂ පාඨ යටතේ දැක්වෙන වගන්තිවලට ලබාදෙන අර්ථ නිරූපණයට බාධාවක් ඇති නොවිය යුතුය.

3. සේවාවන්

  • i. අයදුම් පත්‍රයේ දක්වා තිබෙන සහ/හෝ www.dialog.lk/dialog-television-connection-details වෙබ් අඩවියේ දැක්වෙන පරිදි ආපසු නොගෙවන නියමිත සම්බන්ධතා ගාස්තුව ගෙවීමට යටත්ව සහ එහි දක්වා තිබෙන පරිදි අනෙකුත් බැඳීම් ග්‍රාහකයා විසින් නිසි පරිදි සපුරාලීම මත සමාගම විසින් ග්‍රාහකයාට එකී සේවාවන් සඳහා වන සම්බන්ධතාව සපයනු ලැබිය යුතුය.
  • ii. ග්‍රාහකයා විසින් මෙම ගිවිසුමේ දැක්වෙන උපකරණය නොවන යම් වෙනත් උපකරණයක් සහ/හෝ රැහැන් සහ/හෝ යම් වෙනත් සම්බන්ධතාවක්/සංරචකයක් භාවිතා කරන විටක දී, සහ එකී අයිතමයන් සමාගම විසින් සපයා නොමැති සහ/හෝ අනුමත කර නොමැති විටක දී, සේවාවන් ලබාගැනීම පිණිස විධිමත් සම්බන්ධතාවක් ස්ථාපිත කිරීමට නොහැකියාවක් තිබිය හැකිය. එවැනි විටක දී, සේවාවන් ලබාගැනීම පිණිස සාර්ථක සම්බන්ධතාවක් ස්ථාපිත කිරීමට යම් අපොහොසත් වීමක් වෙනුවෙන් සමාගම විසින් ග්‍රාහකයා සම්බන්ධයෙන් නීත්‍යනුකූල වගකීමකට බැඳී නොසිටිය යුතු අතර, සේවාවන්ට සම්බන්ධ කිරීම පිණිස දරන එවැනි අසාර්ථක වෑයමක දී සමාගම විසින් දරන යම් කවරම වූ වියදමක් සඳහා ග්‍රාහකයා විසින් නීත්‍යනුකූල වගකීම දැරිය යුතුය.
  • iii. මෙම ගිවිසුම යටතේ ග්‍රාහකයා විසින් මිලදී ගත යුතු උපකරණය සඳහා අයදුම් පත්‍රයේ දැක්වෙන පරිදි සහ/හෝ www.dialog.lk/dialog-television-connection-details දරන වෙබ් අඩවියේ දැක්වෙන පරිදි, ඒ උපකරණයක නියමිත මිල ග්‍රාහකයා විසින් සමාගම වෙත සම්පූර්ණයෙන්ම ගෙවා පියවා දැමිය යුතුය.
  • iv. ඉහත සඳහන් උපකරණ ඒකකයක මිලට අමතරව, අයදුම් පත්‍රයේ දැක්වෙන සහ/හෝ www.dialog.lk/dialog-television-connection-details දරන වෙබ් අඩවියේ දැක්වෙන අදාළ ආපසු ගෙවන තැන්පතුව ද ග්‍රාහකයා විසින් සමාගමට ගෙවා පියවා දැමිය යුතුය. අයදුම් පත්‍රයේ දැක්වෙන පරිදි එකී ආපසු ගෙවන තැන්පතුව, සමාගම විසින් සිය අභිමතය අනුව තීරණය කරන පරිදි සහ www.dialog.lk/dialog-television-connection-details දරන වෙබ් අඩවියේ සඳහන් පරිදි, ග්‍රාහකයා විසින් ඩයලොග් ටෙලිවිෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් ජාලය තුළ නියමිත මාස ගණන සම්පූර්ණ කිරීමෙන් පසුව, සමාගම විසින් නියම කරන පරිදි තනි අදියරක දී එකවර සමාගම විසින් ග්‍රාහකයාට ආපසු ගෙවිය යුතුය. ග්‍රාහකයාට සමාගම විසින් නියම කරන කාලසීමාව පුරාම ඩයලොග් ටෙලිවිෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් හි ජාලය තුළ ග්‍රාහකයා සක්රිය තත්ත්වයෙන් දිගමට රැඳී සිටින්නේ නම් පමණක් ආපසු ගෙවන වැඩසටහනකට ග්‍රාහකයා සුදුසුකම් ලබයි. තැන්පතුව ආපසු ගෙවීමේ වැඩසටහනට සාර්ථකව සුදුසුකම් ලබන ග්‍රාහකයන් බිල්පතකින් තැන්පතුව ආපසු ලබාගැනීමක් ලෙස තැන්පතුව ආපසු ලබාගත යුතුය.
  • v. https://www.dialog.lk/television-packages-postpaid. දරන වෙබ් අඩවියේ සවිස්තරව දක්වා ඇති පරිදි, ග්‍රාහකයා විසින් අදාළ මාසික පැකේජ ගාස්තුව/ග්‍රාහක ගාස්තුව (ග්‍රාහකයා විසින් තෝරාගන්නා පැකේජ පදනම් කරගෙන,) සමාගමට නිසි පරිදි ගෙවා පියවා දැමිය යුතුය.

4. උපකරණය සවිකිරීම සහ නඩත්තු කිරීම

  • i. උපකරණය ග්‍රාහකයාගේ පරිශ්‍රය තුළ සමාගම විසින් සිය අභිමතය පරිදි සුදුසු යැයි සලසන ස්ථානයක හෝ ස්ථානවල සවිකිරීම කළ යුතුය.
  • ii. උපකරණය සඳහා අදාළ වන ඒකක මිල ඇතුළුව විකුණුම් මිල ග්‍රාහකයා විසින් නිසි පරිදි ගෙවා පියවා දැමීමෙන් පසුව, උපකරණය ග්‍රාහකයාට අයිති විය යුතුය.
  • iii. ග්‍රාහකයා විසින් සමාගමෙන් සේවාවන් ලබාගන්නා කාලය මුළුල්ලේම, උපකරණයේ අනුක්‍රමික අංකවලට යම් කවරම වූ වෙනසක් නොකළ යුතු වනවා සේම අන්‍යාකාරයෙන් උපකරණයට අනවසර වෙනස්කම් කිරීම හෝ උපකරණය ග්‍රාහකයාගේ පරිශ්‍රයේ සවිකළ ස්ථානයෙන් ඉවත් කිරීම හෝ නොකළ යුතුය.
  • iv. උපකරණයේ ආරක්ෂාව සහ එහි තත්ත්වය සම්බන්ධයෙන් ග්‍රාහකයා වගකීමට බැඳී සිටිය යුතුය.
  • v. උපකරණය සාමාන්‍ය පරිදි ක්‍රියා නොකිරීම හෝ දෝෂ හෝ යම් කවරම වූ හේතුවක් නිසා උපකරණය අහිමි වීම සහ/හෝ සේවාවන් අතරමග ඇණ හිටීම සඳහා සමාගම නීත්‍යනුකූලව බැඳී නොසිටිය යුතුය.
  • vi. උපකරණය ග්‍රාහකයාට නීත්‍යානුකූලව අයිති වන බවට/එහි සන්තකය දරන බවට සහ උපකරණය ශ්‍රී ලංකාවේ යම් කවරම වූ නීතියක් හෝ රෙගුලාසියක් කඩ නොකරන බවට ග්‍රාහකයා සහතික විය යුතුය.
  • vii. උපකරණය ස්ථාපිත කිරීමේ කාර්ය සඳහා අවශ්‍ය විය හැකි අතිරේක කේබල ඇතුළුව අවශ්‍ය ඉඩකඩ, විදුලි බෙදා හැරීමේ මාර්ග, විදුලිබල සැපයුම් සහ ඊට ආනුෂංගික වන වෙනත් යම් පහසුකම් ග්‍රාහකයා විසින් සිය වියදමෙන් සැපයිය යුතුය.
  • viii. යම් අදාළ කාලසීමාවක බලපවත්වන ගාස්තුවක් ගෙවීමෙන් පසුව, උපකරණය පරිශ්‍රය තුළම අළුත් තැනකට හෝ මුළුමනින්ම අළුත් ස්ථානයකට ගෙන යාමට සමාගම එකඟ විය හැකිය.
  • ix. උපකරණය සවිකිරීමේ කාර්යයේ දී හෝ ඊට ආනුෂංගික වන කාර්යයක දී, පරිශ්‍රය තුළ තිබෙන ගොඩනැගිල්ලේම හෝ වෙනත් දේපළවලට හෝ ඊට අයත් දේපළකට සිදුවන යම් කවරම වූ අලාභහානි සඳහා සමාගම නීත්‍යනුකූල වගකීමට බැඳී නොසිටිය යුතුය.
  • x. ග්‍රාහකයා විසින් (උපකරණය භාවිතයෙන් හෝ අන්‍යාකාරයෙන්) සේවාවන් නැවත බෙදාහැරීම, නැවත විකාශනය කිරීම හෝ සේවාවන් වෙනතකට යොමු කිරීම සිදු කරනු ලැබුවහොත්, ග්‍රාහකයාගෙන් අලාභහානි වශයෙන් ගාස්තු අයකිරීමට සමාගමට හිමිකම පැවතිය යුතු අතර, ඒ අනුව, එවැනි අනවසරලත් එක් සම්බන්ධතාවක් සඳහා රුපියල් ලක්ෂයක (රු. 100,000/-) මුදලක් සමාගමට ගෙවීමට ග්‍රාහකයා නීත්‍යනුකූල වගකීමට බැඳී සිටිය යුතුය. මෙය, මෙම ගිවිසුමේ 12 වන වගන්තියට අතිරේක වශයෙනි.
  • xi. සමාගම විසින් ග්‍රාහකයාට සේවාවන් සැපයීමේ දින සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රාහකයා විසින් උපකරණයේම කොටස් ලෙස මිලදී ගන්නා පවර් පැක් (power pack), දුරස්ථ පාලක මෙවලම (remote control device) සහ ලෝ නොයිස් බොක්ස් (low noise box) යනාදි එක් එක් අයිතමය සඳහා මාස හයක (06) වගකීම් සහතිකයක් ඇතුළත් විය යුතු අතර, එමෙන්ම ග්‍රාහකයා විසින් උපකරණයේම කොටසක් වශයෙන් මිලදී ගන්නා සෙට් ටොප් බොක්ස් (set top box) අයිතමය සඳහා මාස දොළහක (12) වගකීම් සහතිකයක් ද ඇතුළත් විය යුතුය.
  • xii. “ඩයමන්ඩ්/එමරල්ඩ් හෝ ගෝල්ඩ්” පැකේජ සඳහා ග්‍රාහකත්වය ලබාගෙන ඇති ග්‍රාහකයන් සඳහා, වගකීම් සහතිකය වලංගුව පවතින කාලසීමාව තුළ දී, නඩත්තු සහ සහායක සේවා (උපකරණය අදාළ වගකීම් සහතික කාලසීමාව/සීමාවන් තුළම ඇතුළත් නම් පමණක්) සමාගම විසින් ග්‍රාහකයන් වෙත ගාස්තු රහිත පදනමක් මත ලබාගැනීමට ඉඩප්‍රස්ථාව සලසන අතර, “සිල්වර්/පර්ල් හෝ දී” පැකේජ ග්‍රාහකත්වය ලබාගෙන ඇති ග්‍රාහකයන් සඳහා වගකීම් සහතිකය වලංගුව පවතින කාලසීමාව තුළ දී, නඩත්තු සහ සහායක සේවා උදෙසා එක් වතාවක් පැමිණීමකට රුපියල් එක්දහස (රු. 2,150/-) බැගින් අයකරනු ලැබේ. අදාළ නඩත්තු සහ ආධාරක සේවා ගාස්තුවේ සිදුවන යම් කවරම වූ ප්‍රතිශෝධනයක් https://www.dialog.lk/television දරන වෙබ් අඩවියේ කලින් කලට සඳහන් කරන අතර, එම ගාස්තුව නීත්‍යනුකූලව බැඳී සිටීමට ග්‍රාහකයාට මෙයින් එකඟ වනු ලැබේ.

5. ග්‍රාහක මුදල

  • i. සමාගම විසින් කලින් කලට ප්‍රතිශෝධනය කරනු ලැබිය හැකි ග්‍රාහක මුදල, අදාළ මිල ලැයිස්තුව සහ තත්කාලයේ පවත්නා තෝරාගත් පැකේජ අනුව ගෙවිය යුතු යම් වෙනත් ගාස්තු ග්‍රාහකයා විසින් සම්පූර්ණයෙන්ම ගෙවා පියවා දැමිය යුතුය.
  • ii. යම් කිසි මාසයක දී සපයන සේවාවන් සඳහා සමාගම විසින් ග්‍රාහකයාට ඉන්වොයිසියක් ඉදිරිපත් කළ යුතුය.
  • iii. ග්‍රාහක මුදල සම්බන්ධයෙන් රජය, පළාත් සභාව, පළාත් පාලන ආයතන හෝ යම් වෙනත් රජයේ නියෝජිතායතනයක් විසින් වර්තමානයේ දී හෝ අනාගතයේ දී පනවනු ලැබිය හැකි යම් කවරම වූ අයබදු හෝ වෙනත් පැනවීම් සහ යම් වෙනත් ගාස්තු ග්‍රාහකයන් විසින් දැරිය යුතුය.
  • iv. ග්‍රාහකයා විසින් සමාගමට ගෙවිය යුතු ග්‍රාහක මුදල සහ වෙනත් ගාස්තු ඉන්වොයිසියක සඳහන් කළ යුතුය. ඉන්වොයිසියක් සාමාන්‍යයෙන් එක් මාසයක කාලසීමාවක් සඳහා විය යුතුය. සමාගම විසින් සිය පරම අභිමතය පරිදි මෙම කාලසීමාව වෙනස් කළ හැකි අතර, එවැනි විටක දී, යම් කාලීන ගාස්තු අයකිරීමක් ඒ අනුව ගළපා ගත යුතුය.
  • v. ඉන්වොයිසියේ සඳහන් දිනයට ඉන්වොයිසියේ සඳහන් මුදල අයවිය යුතු සහ ගෙවිය යුතුය.
  • vi. ග්‍රාහකයා ඉන්වොයිසිය සමඟ අරවුල් කරන විටක දී, ග්‍රාහකයා විසින් එපරිදි ආරවුල් කරන ඉන්වොයිසිය සහ එහි සඳහන් මුදල පිළිබඳව ඒ ඉන්වොයිසිය ලැබීමෙන් දින දාහතරකට (14) නොවැඩි කාලයක් තුළ දී සමාගමට දැනුම් දිය යුතු අතර, සමාගම සමඟ ආරවුල විසඳා ගැනීමෙන් පසුව, ආරවුල් කරන ලද මුදල හෝ සමාගම සමඟ එකඟවන ලද මුදල, ආරවුල විසඳීමෙන් දින පහළොවක් (15) ඇතුළත ග්‍රාහකයා විසින් සමාගමට ගෙවා පියවා දැමිය යුතුය. එවැනි ආරවුලක් උද්ගත වූ විටක දී, ඉන්වොයිසියේ සඳහන් එතෙක් ග්‍රාහකයා ආරවුල් නොකරන වටිනාකමේ කොටස ග්‍රාහකයා විසින් වහාම ගෙවා පියවා දැමිය යුතුය. ග්‍රාහකයා ඉන්වොයිසියේ සඳහන් මුදල එකී දින දාහතරක (14) කාලසීමාව තුළ දී හබකරන්නේ නම් මිස, ග්‍රාහකයා විසින් එය පිළිගෙන ඇති බවට සැළකිය යුතුය.
  • vii. යම් කවරම වූ හේතුවක් නිසා ඉන්වොයිසිය නොලැබුණු විටක දී, හිඟ ග්‍රාහක මුදල සහ අනෙකුත් ගාස්තු පිළිබඳව විමසා ඒවා ගෙවා පියවා දැමීම ග්‍රාහකයාගේ වගකීමක් විය යුතුය.
  • viii. යම් ගෙවීමක් චෙක්පතක් මඟින් කරනු ලැබූ විටක දී, සමාගමේ බැංකු ගිණුමට අරමුදල් උපලබ්ධි වූ අවස්ථාවේ සිට පමණක් ගෙවීම් ලැබී ඇති බවට සැලකිය යුතුය.
  • ix. සමාගම වෙත සම්පූර්ණ මුදල ලැබෙන තුරු, අයවිය යුතු සහ නොගෙවා ඇති ග්‍රාහක මුදල් සහ වෙනත් ගාස්තු මත 2% ක අධිභාර ගාස්තුවක් පැනවිය යුතුය.
  • x. සේවාවන්වල යම් ඇණහිටීමක් සිදු වූ විටක දී, ග්‍රාහක මුදල ආපසු ගෙවීමකට හෝ අත්හැරීමකට ග්‍රාහකයාට හිමිකමක් නොපැවතිය යුතුය.
  •  
  • xi. හිඟ මුදල් ගෙවා පියවා දමන ලෙසට සමාගම විසින් ඉල්ලා සිටින විටක දී, එවැනි ඉල්ලීමක් ලැබීමෙන් දින හතක් (07) ඇතුළත ග්‍රාහකයා විසින් සියලුම හිඟ ගෙවීම් ගෙවා පියවා දැමිය යුතුය.
  • xii. සම්බන්ධතාවක් ස්වේච්ඡාවෙන්ම විසන්ධි කිරීම: මාසික රැඳවුම් ගාස්තුවක් පළමු මාස තුන (03) සඳහා අදාළ වන අතර, සමාගම විසින් තීරණය කළ හැකි පරිදි යළ සම්බන්ධතාව ලබාදීමේ ගාස්තුවක් ආරම්භක කාලසීමාවට පසුව අයකළ යුතුය.

6. පැවරීම

  • i. මෙම නියමයන් සහ කොන්දේසි යටතේ අයිතිවාසිකම් හෝ බැඳීම් හෝ ඉන් කොටසක්, සමාගමේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව යම් කවරම වූ තෙවන පාර්ශ්වයකට ලබාදීමට හෝ කුමන අයුරකින් හෝ පැවරීමට ග්‍රාහකයාට අවසර නොදිය යුතුය.
  • ii. සමාගම විසින් මෙම නියමයන් සහ කොන්දේසි සම්පූර්ණයෙන්ම හෝ ඉන් කොටසක් සිය අභිමතය පරිදි තෙවන පාර්ශ්වයකට පැවරීම කළ යුතුය.
  • iii. 6 වන වගන්තිය යටතේ මෙම ගිවිසුමේ යම් අවසරලත් පැවරීමක් සිදුවන විටක දී මිස, මෙම ගිවිසුමේ පාර්ශ්වයක් නොවන යම් තැනැත්තෙකුට මෙම ගිවිසුමේ අඩංගු යම් නියමයන් සහ කොන්දේසි බලාත්මක කිරීමේ අයිතිය නොපැවතිය යුතුය.

7. දේව ක්‍රියා

  • i. කාලගුණික තත්ත්වය, යුද්ධය, සටන්, ත්‍රස්තවාදී ක්‍රියා, කැරලි කෝලාහල, වැඩවර්ජන, දොරගුළු ලෑම, සිවිල් සමාජයේ කැළඹීම්, භූමි කම්පා, අකුණු ගැසීම්, වර්ෂාව, වළාකුළු ආවරණය, ජල ගැලීම්, හදිසි අනතුරු, ගින්න, පිපිරීම්, දේව ක්‍රියා, රජයේ ක්‍රියා, රෙගුලාසි හෝ නියෝග සහ/හෝ සමාගමේ පාලනයෙන් බැහැරව සිදුවන ක්‍රියාවන් කරණ කොට ගෙන සේවාවන් සැපයීමට අපොහොසත් වීම හෝ සේවාවන් සැපයීම් ඇණහිටීම සඳහා සමාගම විසින් වගකියනු නොලැබිය යුතුය.
  • ii. දේව ක්‍රියා සිදුවීමක් එක් මසකට (01) වඩා වැඩි කාලයක් තවදුරටත් පවතින අවස්ථාවක දී, සමාගම විසින් ගිවිසුම අත්හිටුවීම සහ/හෝ අවසන් කිරීම සිදුකළ යුතුය.

8. සේවාවන් විසන්ධි කිරීම

  • i. මතු සඳහන් හේතු නිසා කිසිදු දැන්වීමක් භාරදීමකින් තොරව වහාම සේවාවන් විසන්ධි කිරීමට සහ/හෝ ගිවිසුම අවසන් කිරීමට සමාගමට අයිතිය තිබිය යුතුය. එනම්:
    • 1. ග්‍රාහක මුදල සහ/හෝ යම් ගාස්තුවක් අයවිය යුතුව සහ ගෙවිය යුතුව තිබිය දීල එය ගෙවා පියවා දමා නොමැති වීම. සේවාවන් විසන්ධි කිරීමට අමතරව, යළි සම්බන්ධතාව ලබාගැනීම සති දෙකක් (02) ඇතුළත සිදු නොකළහොත්, සමාගම විසින් නියම කරන පරිදි යළි සම්බන්ධතාව ලබාදීමේ ගාස්තුවක් අයකර ගැනීම ද අදාළ විය යුතුය.
    • 2. ග්‍රාහකයා විසින් උපකරණයට යම් හානියක් කිරීම නිසා සේවාවන් සැපයීමට බාධාවක් සිදුවීම.
    • 3. ග්‍රාහකයා විසින් උපකරණය පරිශ්‍රයෙන් ඉවත් කිරීම හෝ වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීම.
    • 4. ග්‍රාහකයා විසින් (උපකරණය භාවිත කිරීමෙන් හෝ අන්‍යාකාරයෙන්) සේවාවන් නැවත බෙදාහැරීම, නැවත විකාශනය කිරීම හෝ වෙනතකට යොමු කිරීම.
    • 5. සමාගමේ සහ/හෝ යම් වෙනත් තෙවන පාර්ශ්වයක බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සහ/හෝ වෙනත් හිමිකාර අයිතිවාසිකම් කඩකිරීමට පමණක් සීමා නොවන නමුත් එය ද ඇතුළුව එකී සේවාවන් හෝ උපකරණය පෞද්ගලික නැරඹීම් සඳහා නොවන එහෙත් යම් නීති විරෝධී, සදාචාර විරෝධී, අවිධිමත් අරමුණු සඳහා හෝ යම් ත්‍රස්තවාදි ක්‍රියා හෝ යම් අරමුණක් සඳහා භාවිතා කරමින් සිටීම.
    • 6. ග්‍රාහකයාගේ මරණය සිදුවීම. කෙසේ වුව ද, මෙහි දී, සියලුම ගාස්තු ගෙවා සමාගම සමඟ අලුත් ගිවිසුමකට එළඹීමට සමාගම විසින් ග්‍රාහකයාගේ නෛතික නියෝජිතයාට ඉඩ ලබාදීමට සමාගමට පරම අභිමතය පැවතිය යුතුය.
    • 7. ග්‍රාහකයාට එරෙහිව බංකොළොත්භාවය හෝ ණයගැතිභාවය පිළිබඳව නියෝගයක් නිකුත් කර තිබීම හෝ ග්‍රාහකයාට එරෙහිව ඇස්කීසියක් හෝ දේපළ තහනමක් පැනවිය යුතු වීම හෝ පැනවිය හැකි වීම.
    • 8. ග්‍රාහකයා සමාගමක් හෝ යම් වෙනත් සංස්ථාවක් වීම සහ ඒ අනුව, එකී අස්ථිත්වය ගණන් බේරා වසා දැමීම පිණිස නඩු කටයුතු ආරම්භ කර තිබීම.
    • 9. අනවසරලත් උපකරණයක් සමාගමේ උපකරණයට සවිකිරීම.
    • 10. මෙම ගිවිසුමේ නියමයන් සහ කොන්දේසි එකක් හෝ ඊට වැඩි ගණනක් ග්‍රාහකයා විසින් කඩකර තිබීම.
    • 11. යම් කවරම වූ හේතුවක් නිසා සමාගමට සේවාවන් නොකඩවාම පවත්වාගෙන යාමට නොහැකි වීම.
  • ii. ඉහත දක්වා අති පරිදි, යම්කිසි හේතුවක් නිසා සේවාවන් විසන්ධි කළ විටක දී, විසන්ධි කරන දින තෙක් අදාළ වන ග්‍රාහක මුදල සහ යම් වෙනත් හිඟ ගෙවීම් ගෙවා පියවා දැමීමට ග්‍රාහකයා නීත්‍යනුකූල වගකීමට බැඳී සිටිය යුතුය.
  • iii. ග්‍රාහකයාගේ ඉල්ලීමකට අනුව සේවාවන් සැපයීම තාවකාලිකව හෝ ස්ථිරව විසන්ධි කරනු ලැබූ අවස්ථාවක දී, එපරිදි විසන්ධි කිරීම සිදුකළ දිනය නොතකා, සම්පූර්ණ බිල්පත් චක්‍රය ප්‍රකාරව ග්‍රාහක මුදල ග්‍රාහකයා විසින් ගෙවා පියවා දැමිය යුතුය.
  • iv. ග්‍රාහකයාගේ අයදුම් පත්‍රය භාරගැනීමට පහසුකම් සැලසීම පිණිස පෙළඹවීමක් හෝ තිළිණයක් වශයෙන් ග්‍රාහකයා විසින් සමාගමේ සේවකයෙකුට හෝ බලයලත් නියෝජිතයෙකුට යම් තෑග්ගක් හෝ යම් කවරම වූ අන්දමක ප්‍රතිෂ්ඨාවක් පිළිගැන්වීම හෝ ලබාදීම සිදුකර ඇති බවට සමාගමට දැනගැනීමට ලැබුණු විටක දී, මෙම ගිවිසුමේ වෙනත් කුමන විධිවිධාන පැවතිය ද, සේවාවන් සැපයීම වහාම විසන්ධි කොට, මෙම ගිවිසුම අවසන් කිරීමට සමාගමට අයිතිය තිබිය යුතුය.
  • v. මෙම ගිවිසුමේ ඊට පටහැනිව කුමක් සඳහන් වුව ද, සේවාවන් සැපයීම විසන්ධි කිරීමෙන් පසුව සහ/හෝ ගිවිසුම අවසන් කිරීමෙන් පසුව, මෙම ගිවිසුම යටතේ සපයන ලද සම්බන්ධතාව ආශ්‍රයෙන් හෝ අන්‍යාකාරයෙන් උපචිත වන යම් කවරම වූ ආකාරයේ සකස් කිරීමේ ගාස්තු, වෙනත් අයකිරීම්, අලාභ හානි හෝ වෙනත් අයවිය යුතු වටිනාකම්, ග්‍රාහකයා විසින් ගෙවන ලද තැන්පතුවක් සහ/හෝ ගාස්තුවක් වෙතොත් එකී තැන්පතුවෙන් සහ/හෝ සම්බන්ධතා ගාස්තුවෙන් සමාගම විසින් අඩුකර ගැනීම කළ හැකිය. මෙම වගන්තියේ දක්වා ඇති පරිදි, ගිවිසුම අවසන් කිරීම හෝ සේවාවන් විසන්ධි කිරීම සිදුවුවහොත්, යම් කවරම වූ මුදලක් යම් කවරම වූ හේචචචතුවක් නිසා ග්‍රාහකයාට ආපසු ගෙවීමට සහ/හෝ ගෙවා පියවා දැමීමට සමාගමට නීත්‍යනුකූල බැඳීමක් නොතිබිය යුතුය.

9. ගිවිසුම අවසන් කිරීම

  • i. මෙම ගිවිසුමේ දෙපාර්ශ්වයෙන් යම් කවරම වූ එක් පාර්ශ්වයක් විසින් ඒ අනෙක් පාර්ශ්වයට දින තිහක (30) දැන්වීමක් භාරදීමකින් පසුව, යම් කවරම වූ හේතුවක් නොදක්වා මෙම ගිවිසුම අවසන් කළ හැකිය. එසේ වුව ද, මෙම වගන්තිය යටතේ ගිවිසුම අවසන් කිරීම පිළිබඳව ග්‍රාහකයාගේ අයිතිය, හුදෙක් සියලුම හිඟ ග්‍රාහක මුදල් සහ වෙනත් අදාළ ගාස්තු ග්‍රාහකයා විසින් සමාගමට සම්පූර්ණයෙන්ම ගෙවා පියවා දැමීමට යටත්ව සිදුවිය යුතුය.
  • ii. මෙම ගිවිසුමේ අනෙකුත් විධිවිධාන එසේ පැවතිය ද, ඊට කිසිදු බැඳීමකින් තොරව, එකී සේවාවන් ක්‍රියාත්මක කිරීම සහ සැපයීම පිණිස රජයෙන්/රජයේ බලධාරියෙකු විසින් පිරිනමන සමාගමේ බලපත්‍රය යම් කවරම වු හේතුවක් නිසා ඉවත් කරගැනීම හෝ අලුත් නොකිරීම සිදුකරනු ලැබුවහොත් සමාගමට වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ගිවිසුම අවසන් කිරීමට අයිතිය පැවතිය යුතුය.

10. නියමයන් සහ කොන්දේසි සහ/හෝ සේවාවන් සහ සමාගමේ අයිතිවාසිකම් සහ ග්‍රාහකයාගේ වගකීම් වෙනස්වීම

  • i. සේවාවන්ට සහ/හෝ සේවාවන්වල අන්තර්ගතයට යම් වෙනසක් කිරීමට සමාගම විසින් අයිතිය තවදුරටත් රඳවා තබාගන්නා අතර, එවැනි වෙනසක් නිසා ග්‍රාහකයාට සිදුවන යම් අලාභයන් හෝ අපහසුතාවක් සඳහා සමාගමට නීත්‍යනුකූල වගකීමක් නොපැවතිය යුතුය.
  • ii. මෙම ගිවිසුමේ දැක්වෙන නියමයන් සහ කොන්දේසි කලින් කලට වෙනස් කිරීමට, ඊට යමක් එකතු කිරීමට හෝ සංශෝධනය කිරීමට සමාගම විසින් සිය අයිතිය තවදුරටත් රඳවා තබාගනු ලැබේ. එවැනි සංශෝධන අනුගමනය කිරීමට සහ ඊට අනුකූලව කටයුතු කිරීමට ග්‍රාහකයා නීත්‍යනුකූලව බැඳී සිටිය යුතුය.
  • iii. සමාගමේ ග්‍රාහකයන්ට ඒකාබද්ධ සේවාවන් ලබාදීමට හෝ නීතිය ක්‍රියාත්මක වීමෙන් එසේ කරන ලෙස කැඳවීම් කිරීමට සමාගම විසින් සිය ආශ්‍රිත සමාගම් කිසිවක් සමඟ ග්‍රාහකයා සම්බන්ධ තොරතුරු අනාවරණය කිරීමට/හුවමාරු කරගැනීමට සමාගම සිය අයිතිය තවදුරටත් රඳවා තබාගනු ලැබේ.
  • iv. සමාගම සිය අභිමතය පරිදි, යම් කවරම වූ නව පැකේජ හඳුන්වාදීමට/තිබෙන පැකේජ වෙනස් කිරීමට අයිතිය තවදුරටත් රඳවා තබා ගනියි. එවැනි යම් කවරම වු වෙනසක් https://www.dialog.lk/television වෙබ් අඩවියේ දැක්විය යුතු වන අතර, එවැනි වෙනසක් මඟින් බැඳී සිටීමට ග්‍රාහකයා මෙයින් එකඟ වනු ලැබේ.
  • v. අදාළ සම්බන්ධතා ගාස්තුව, ඒකකයක මිල, විකුණුම් මිල, පැකේජ ග්‍රාහක ගාස්තුව සහ යම් වෙනත් අදාළ අයකිරීම් යනාදියට කලින් කලට වෙනස්කම් සිදුකිරීමට සමාගම විසින් සිය අයිතිය තවදුරටත් රඳවා තබා ගනු ලැබේ. එවැනි යම් කවරම වු වෙනසක් https://www.dialog.lk/television වෙබ් අඩවියේ දැක්විය යුතු වන අතර, එවැනි වෙනසක් මඟින් බැඳී සිටීමට ග්‍රාහකයා මෙයින් එකඟ වනු ලැබේ.
  • vi. යම් කවරම වූ හේතුවක් ඉදිරිපත් කිරීමකින් තොරව හෝ යම් කවරම වූ වගකීමක් දැරීමකින් තොරව, මෙම ගිවිසුම අවසන් කිරීමට/ග්‍රාහකයා සපයන සේවාවන් විසන්ධි කිරීමට/අත්හිටු වීමට සමාගම විසින් තවදුරටත් අයිතිය රඳවා තබා ගනියි.
  • vii. සියලුම අන්දමේ දේශීය ප්‍රචාරක දැන්වීම් හුදෙක් සපයන වෙළඳ ප්‍රචාරක ගුවන් කාලසීමාව තුළ දී ඕනෑම චැනලයක ඇතුළත් කිරීමට සමාගම විසින් සෑම විටක දීම තවදුරටත් සිය අයිතිය රඳවා ගනු ලැබේ.
  • viii. https://dlg.dialog.lk/privacy-notice වෙබ් අඩවියේ දැක්වෙන පෞද්ගලික දැන්වීමකට යටත්ව, නිර්නාමික නරඹන්නන්ගේ දත්ත (එනම් නරඹන චැනල, නැරඹුම් වාර ගණන සහ නැරඹුම් කාලය වැනි ග්‍රාහකයාගේ ටෙලිවිෂන් නැරඹීමේ චර්යාව) සෑම විටක දී ම ගබඩා කර තබාගැනීමට භාවිතා කිරීමට තෙවන පාර්ශ්වයක් සමඟ හුවමාරු කර ගැනීමට සමාගම විසින් තවදුරටත් අයිතිය රඳවා තබා ගනියි.
  • ix. සමාගම විසින් මිලදී ගන්නා/සපයන උපකරණය සඳහා පිළිගත හැකි අදාළ වගකීම් සහතික කාලසීමාවක් සහ ඊට අදාළ නියමයන් සහ කොන්දේසි, මීට යාකර ඇති 1 වන ඇමුණුමේ සවිස්තරව දැක්වේ.
  • x. ග්‍රාහකයා විසින් ග්‍රාහකත්වය ලබාගෙන ඇති වර්තමාන පැකේජය මත යම් පහත හෙළීමක් සඳහා ඉඩප්‍රස්ථාව සලසන්නේ නම්, පැකේජ පහත හෙලීමක් සම්බන්ධයෙන් ග්‍රාහකයාට කටයුතු කළ හැකි අතර, එසේ වුව ද, එවැනි විටක දී ග්‍රාහකයා විසින් සමාගම වෙත දින තිහක (30) පූර්ව ලිඛිත දැන්වීමක් භාරදීම සිදුකළ යුතු අතර, සමාගම විසින් නියම කරනු ලැබිය හැකි අදාළ පැකේජ පහත හෙළීමේ ගාස්තුවක් ග්‍රාහකයා විසින් සමාගමට ගෙවා පියවා දැමිය යුතුය.
  • xi. සමාගමට සපයන තොරතුරුවලට සිදුවන යම් වෙනසක් ග්‍රාහකයා විසින් සෑම කල්හිම සමාගමට දැනුම් දීම කළ යුතුය.
  • xii. ග්‍රාහකයා විසින් සේවාවන් භාවිතා කිරීම සම්බන්ධයෙන් අදාළ වන සියලුම නීති, රෙගුලාසි සහ මාර්ගෝපදේශ ග්‍රාහකයා විසින් සෑම කල්හිම පිළිපැදිය යුතු වන අතර, සේවාවන් සැපයීම සම්බන්ධයෙන් සමාගම විසින් නියම කරනු ලැබිය හැකි සියලුම තොරතුරු සහ සහයෝගිතාව ග්‍රාහකයා විසින් සමාගමට සැපයිය යුතුය.
  • xiii. ග්‍රාහකයා විසින් භාවිතා කරන සේවාවන් සම්බන්ධයෙන් සමාගමේ සියලුම සාධාරණ උපදෙස් ග්‍රාහකයා විසින් පිළිපැදිය යුතුය.

11. සමාගමේ වගකීම්

  • i. සමාගම විසින්;
    • 1. සේවාවන් සම්බන්ධයෙන් විෂය කරුණු සම්ප්‍රේෂණය සහ ලැබීම ආශ්‍රිතව පැන නගින ලිඛිත අපහාසය, වාචික අපහාසය, බුද්ධිමය දේපළ උල්ලංඝණය කිරීම පිළිබඳ යම් හිමිකම් ඉල්ලීමක් හෝ සේවාවක් සම්බන්ධයෙන් ග්‍රාහකයාගේ යම් ක්‍රියාවක් හෝ නොකර හැරීමක් කරණකොට ගෙන පැන නගින යම් කවරම වූ හිමිකම් ඉල්ලීම්;
    • 2. යම් කවරම වූ හේතුවක් නිසා සේවාවන් විසන්ධි කිරීම සහ/හෝ ඇණහිටීම සහ/හෝ අලාභහානිවල ප්‍රතිඵලයක් වශයෙන් ග්‍රාහකයාට සිදුවිය හැකි යම් අලාභ හෝ හානි සඳහා නීත්‍යනුකූල වගකීමක් නොපැවතිය යුතුය.
  • ii. මෙම නියමයන් සහ කොන්දේසිවලින් අදහස් කරන හෝ නීතිය මගින් හෝ අන්‍යාකාරයෙන් ඊට ඇතුළත් කළ හැකි සියලුම කොන්දේසි හෝ වගකීම් සහතික නීතියෙන් අවසරය දී ඇති තරමට මෙයින් ප්‍රකාශිතවම බැහැර කරනු ලැබේ.
  • iii. මෙහි සඳහන් සේවාවන් සැපයීම හරහා ග්‍රාහකයා විසින් හෝ යම් තෙවන පාර්ශ්වයක් විසින් දරන යම් කවරම වූ ස්වභාවයක ඍජු, වක්‍ර, විශේෂිත, ආනුෂංගික යම් අලාභ හෝ හානි සඳහා හෝ ව්‍යාපාරය/ආදායම/ලාභ අහිමි වීම හෝ සඳහා ග්‍රාහකයාට හෝ ග්‍රාහකයා විසින් හෝ අන්‍යාකාරයෙන් බලය පවරන හෝ ග්‍රාහකයා හරහා හිමිකම් ඉදිරිපත් කරන යම් තෙවන පාර්ශ්වයකට සමාගම විසින් නීත්‍යනුකූලව වගකීමක් නොදැරිය යුතුය.
  • iv. නීතියෙන් උපරිම වශයෙන් ප්‍රායෝගික වන තරමට, සේවාවන් භාවිත කිරීම හේතුවෙන් පැනනගින හෝ උද්ගත වන, ග්‍රාහකයාට හෝ යම් තෙවන පාර්ශ්වයකට හෝ ඔවුන්ගේ දේපළට සිදුවන හෝ අත්විඳින යම් අලාභ හානි සඳහා සමාගම විසින් ග්‍රාහකයාට හෝ එකී තෙවන පාර්ශ්වයට නීත්‍යනුකූල වගකීමට බැඳී නොසිටිය යුතුය.
  • v. නීතියෙන් උපරිම වශයෙන් ප්‍රායෝගික වන තරමට, උපකරණය බලාපොරොත්තු වු ආකාරයට ක්‍රියාකාරි නොවීම හෝ උපකරණයේ දෝෂ කිසිවක් සඳහා හෝ උපකරණයේ හෝ සේවාවල අහිමිවීමක් හෝ ඇණහිටීමක් සඳහා සමාගම විසින් ග්‍රාහකයාට නීත්‍යනුකූල වගකීමට බැඳී නොසිටිය යුතුය.

12. හානිපූරණය

ග්‍රාහකයාගේ, එහි සේවකයන්ගේ, සැපයුම්කරුගේ, සේවකයන්ගේ අවසරලත් නියෝජිතයාගේ හෝ ඒජන්තවරුන්ගේ නඩුකරයකට, නොකර හැරීමකට හෝ නොසැලකිල්ලකට අවරෝපණය විය හැකි, මෙම නියමයන් සහ කොන්දේසි යටතේ හෝ ඒ අනුව සේවාවන් සහ/හෝ උපකරණය ක්‍රියාත්මක කිරීම, සැපයීම හෝ භාවිත කිරීම කරණකොට ගෙන හෝ ඒ සම්බන්ධයෙන් හෝ යම් කවරම වූ තැනැත්තෙකු විසින් සමාගමට එරෙහිව ගෙන එනු ලැබිය හැකි හෝ ස්ථාපිත කරනු ලැබිය හැකි, සමාගම විසින් දරනු ලැබිය හැකි, අත්විඳිනු ලැබිය හැකි හෝ ගෙවිය හැකි, ලිඛිත අපහාසය, වාචික අපහාසය හෝ ප්‍රකාශන හිමිකම හෝ යම් වෙනත් බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හෝ මරණය, ශාරීරික තුවාල සිදුවීම හෝ දේපළ හානිය යනාදියට සීමා නොවන නමුත් ඒවා ද ඇතුලුව සියලුම නඩුකර, හිමිකම් ඉල්ලීම්, නඩු කටයුතු, නඩු ගාස්තු, අලාභ සහ හානි යනාදියට එරෙහිව සෑම විටක දී ම සමාගමට හානිපූරණය කිරීමටත්, සමාගම හානිපූරණයේ තැබීමෙන් ග්‍රාහකයා පොරොන්දුවට බැඳී එකඟ වනු ලැබේ.

13. පොදු නියමයන් සහ කොන්දේසි

  • i. ග්‍රාහකයා විසින් සේවාවන් නොකඩවාම භාවිත කිරීම හුදෙක් සමාගම විසින් https://www.dialog.lk/television දරන වෙබ් අඩවියේ දී කලින් කලට නිසි පරිදි යාවත්කාලීන කර, එකී ගිවිසුමට සිදුකරන යම් කවරම වූ වෙනස්කම්වලින් ග්‍රාහකයා බැඳී සිටින බවට ඒ අනුව තවදුරටත් කටයුතු කරන බවට වන එකඟතාව මඟින් පිළිඹිබු විය යුතුය. මෙම ගිවිසුම ප්‍රකාරව සමාගම විසින් ග්‍රාහකයාට දීමට අවශ්‍ය වන යම් නිශ්චිත දැන්වීමක්, ග්‍රාහකයා විසින් අයදුම් පත්‍රයේ සපයන තැපැල් සහ/හෝ ඊ මේල ලිපිනයට හෝ ඒ දැන්වීම සමාගම විසින් https://www.dialog.lk/television යන වෙබ් අඩවියේ ඇතුලුව ජාතික පුවත්පතක හෝ මාධ්‍යයක පළකිරීමෙන් සමාගම විසින් ග්‍රාහකයාට සන්නිවේදනය කළ යුතුය.
  • ii. ග්‍රාහකයා සන්තකයේ තිබෙන උපකරණයට වෙනසක් කිරීමකින් තොරව, පසු ගෙවුම් රූපවාහිනි සම්බන්ධතාවක සිට එක් දින ගෙවුම් රූපවාහිනි සම්බන්ධතාවකට මාරුවීමක් සඳහා තේරීමක් කරන විටක දී, https://www.dialog.lk/dialogdocroot/content/pdf/tc/dtv-terms-conditions-2019.pdf දරන වෙබ් අඩවියේ පළකරන නියමයන් සහ කොන්දේසි මඟින්, එවැනි මාරුවීමක් කරන දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි, එවැනි තේරීමකට බැඳී සිටීමට ග්‍රාහකයා එකඟ වනු ලැබේ.
  • iii. සේවාවන් ලබාගැනීමට ග්‍රාහකයාට අවශ්‍ය වනු ලැබිය හැකි ව්‍යවස්ථාගත හෝ ගිවිසුම්ගත යම් අනුමැතියක් ග්‍රාහකයා විසින් ලබාගත යුතුය.
  • iv. මෙම ගිවිසුමේ නියමයන් සහ කොන්දේසි ග්‍රාහකයා විසින් කඩ කිරීමට ආනුෂංගික වශයෙන්, ග්‍රාහක මුදල සහ වෙනත් හිඟ වටිනාකම් අයකර ගැනීමේ දී දරන නීති ගාස්තු ඇතුළුව සමාගම විසින් දරනු ලැබිය හැකි සියලුම වියදම් සමාගමට ප්‍රතිපූරණය කිරීමට ග්‍රාහකයා නීත්‍යනුකූල වගකීමට බැඳී සිටිය යුතුය.
  • v. ලිපිනයේ හෝ ඇමතුම් විස්තරවල යම් වෙනසක් ග්‍රාහකයා විසින් සමාගමට ලිඛිතව දැන්විය යුතුය.
  • vi. මෙම ගිවිසුම සහ මෙම ගිවිසුමෙන් පැන නගින යම් ආරවුලක් විසඳීම ශ්‍රී ලංකාවේ නීති අනුව පාලනය විය යුතුය. පාර්ශ්වකරුවන් අතර මිත්‍ර ලීලාවෙන් සුහදව විසඳා ගත නොහැකි වන යම් ආරවුලක් ශ්‍රී ලංකාවේ අධිකරණවල අනන්‍ය අධිකරණ බලය යටතේ විසඳාගත යුතුය.
  • vii. මෙම ගිවිසුමේ යම් නියමයන් සහ කොන්දේසි බලාත්මක කිරීමේ දී සමාගමේ ප්‍රමාදය හෝ අනුග්‍රහයක් හෝ සමාගම විසින් ග්‍රාහකයාට කාලය පිරිනැමීමක් හෝ වේවා එවැනි විටක දී, සමාගමේ අයිතිවාසිකම් සහ බලතලවලට අගතියක් නොවිය යුතු වන අතර, යම් උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් සමාගම විසින් කරන අත්හැරීමක් තුළ යම් තදනන්තර හෝ අඛණ්ඩවම කරන කඩකිරීමක් සම්බන්ධයෙන් අඛණ්ඩ අත්හැරීමක් සංයුක්ත නොවිය යුතුය.
  • viii. මෙම ගිවිසුමේ අඩංගු යම් විධිවිධානයක්, යම් අදාළ නීතියක් යටතේ අවලංගු වන, නීති විරෝධී වන හෝ බලාත්මක කළ නොහැකි වන විටක දීල එයින් අවශේෂ විධිවිධානවල නීත්‍යානුකූලභාවයට සහ බලාත්මකභාවයට යම් කවරම වූ ආකාරයකින් බලපෑමක් ඇති නොවිය යුතුය. එවැනි අවලංගු වන හෝ බලාත්මක කළ නොහැකි වන විධිවිධාන මත දැමූ ලෙස සැලකිය යුතුය.
  • ix. මෙම ගිවිසුමෙන් සමාගමේ හෝ සේවාවන්වල යම් කවරම වූ බුද්ධිමය දේපළ අයිතිවාසිකමක් ග්‍රාහකයාට ප්‍රදානය නොකළ යුතුය.
  • x. ඉංග්‍රීසි බසින් ලියැවුණු නියමයන් සහ කොන්දේසි සහ සිංහල බසින් ලියැවුණු නියමයන් හා කොන්දේසි අතර යමි අනුකූලතාවන්/ආරවුලක් ඇති වූ විටක දී, ඉංග්‍රීසි බසින් ලියැවුණු නියමයන් සහ කොන්දේසි හුදෙක් ආරවුල් කරන ප්‍රමාණයේ තරමටම බලාත්මක විය යුතුය.
  • xi. ග්‍රාහකයා විසින් සපයන ලද තොරතුරුවල සත්‍යතාව තහවුරු කරගැනීම උදෙසා, ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට පමණක් සීමා නොවන නමුත් එම දෙපාර්තමේන්තුව ද ඇතුළුව අදාළ බලධාරීන් විසින් පවත්වාගෙන යන ග්‍රාහකයා සම්බන්ධ ජාතික හැඳුනුම්පතේ තොරතුරුවලට සහ වෙනත් තොරතුරුවලට ඩයලොග් සමාගම විසින් පිවිසීමට ග්‍රාහකයා විසින් ඩයලොග් සමාගම වෙත මෙයින් එකඟතාව පළකරනු ලැබේ.

ANNEX 1
වගකීම් සහතිකයේ විෂය පථය සහ වලංගු කාලසීමාව

අයිතමය වගකීම් සහතිකයේ කාලසීමාව විකිණීමේ ක‍්‍රමවේදය
ViU Hub ඩිකෝඩරය /HD HEVC ඩිකෝඩරය හෝ ViU Mni උපාංගය වසර 1 අලූතින් සක්‍රිය කිරීම/දෝෂයක් නිසා වගකීම ඉක්ම වූ උපාංගය විකිණීම්
  • දුරස්ථ පාලකය
  • පවර් ඇඩැප්ටරය
අලුත්වැඩියා කරන ලද ඩිකෝඩරය මාස 6 අලූතින් සක්‍රිය කිරීම/දෝෂයක් නිසා වගකීම ඉක්ම වූ උපාංගය විකිණීම්
  • දුරස්ථ පාලකය
  • පවර් ඇඩැප්ටරය
යුනිවර්සල් දුරස්ථ පාලකය මාස 6 දෝෂයක් නිසා වගකීම ඉක්ම වූ උපාංගය විකිණීම්
යුනිවර්සල් පවර් ඇඩැප්ටරය මාස 6 දෝෂයක් නිසා වගකීම ඉක්ම වූ උපාංගය විකිණීම්
එල් එන් බී (ලොවර් නොයිස් බ්ලොක්) මාස 6 දෝෂයක් නිසා වගකීම ඉක්ම වූ උපාංගය විකිණීම්
ස්මාට් කාඩ්පත ජීවිත කාලය දෝෂයක් නිසා වගකීම ඉක්ම වූ උපාංගය විකිණීම්
වෙනත් උපාංග
ඩිශ් ඇන්ටනාව සහ එහි කොටස්
RG6 Coaxial කේබලය සහ උපාංග
HDMI කේබලය
RCA (AV) කේබලය
AAA බැටරිs
ඊතනෙට් කේබලය
U ක්ලිප්, කේබල ගැට, F සම්බන්ධක
කඩනයනa (Splitters)
නට් සහ බෝල්ට්ස්
වගකීම් සහතිකයක් නොමැත.
නමුත් යම් නිෂ්පාදන දෝෂයක් සඳහා ඩයලොග් සමාගම විසින් උපකරණය වෙනුවට උපකරණයක් දෙනු ලැබේ
අලූතින් සක්‍රිය කිරීම/දෝෂයක් නිසා වගකීම ඉක්ම වූ උපාංගය විකිණීම්

ඉහත වගුවේ සඳහන් උපකරණ, (“උපකරණ”) මෙම වගකීම් සහතිකය යටතේ ආරම්භක වශයෙන් මිලටගන්නාට (“පාරිභෝගිකයාට”) ඔහුට අදාළ වන පරිදි, එකී උපකරණ මිලට ගැනීමෙන් ආරම්භ වන දින සිට ඉහත වගුවේ දක්වා ඇති පරිදි එකී උපකරණයට අනුරූප වන කාලසීමාවක් සඳහා (“වගකීම් කාලය”) සාමාන්‍ය භාවිතය සහ සේවා කිරීමට යටත්ව යෙ¥ අමුද්‍රව්‍යවල සහ වැඩ කුසලතාවේ දෝෂ නොමැති බවට ඩයලොග් ටෙලිවිෂන් (ප‍්‍රයිවට්) ලිමිටඩ් සමාගම විසින් [පීවී 128%] (ඩයලොග්) මෙයින් සහතික වනු ලැබේ (“සීමිත වගකීම් සහතිකය”) ඩයලොග් සමාගම විසින්, සිය මනාපය පරිදි, ගාස්තු අයකිරීමකිකින් තොරව, එකී උපකරණ එකී වගකීම් කාලය තුළ අලූත්වැඩියා කිරීම හෝ තිබෙන උපකරණය වෙනුවට අලූත් උපකරණයක් ලබාදීම සිදුකරනු ලැබේ. එසේ වූව ද, එකී උපකරණ සීමිත වගකීම් සහතිකයේ සඳහන් කොන්දේසිවලට අනුව, ඩයලොග් සමාගමේ තාක්ෂණික සහාය සේවා සපයන යම් කවරම වූ මධ්‍යස්ථානයක් වෙත ආපසු භාරදීම සිදුකළයුතු අතර, එම මධ්‍යස්ථාන පිහිටා තිබෙන ස්ථානවල විස්තරයක් මෙහි පහත විශේෂයෙන්ම සඳහන් කර තිබේ. අදාළ දෝෂය හුදෙක් නිෂ්පාදකයාගේ දෝෂයක්/වරදක් නිසා උද්ගතවී නොමැති විටක දී, සහ/හෝ එකී දෝෂය මෙම වගකීම් සහතිකයෙන් ආවරණය නොකරන විටක දී, අලූත්වැඩියාවක් සිදුකිරීම සඳහා කරන යම් සෝදිසි පරික්ෂාවක් වෙනුවෙන් පාරිභෝගිකයාගෙන් ගාස්තුවක් අයකිරීම පිණිස ඩයලොග් සමාගම විසින් සිය අයිතිය තවදුරටත් රඳවා තබා ගනු ලැබේ. යම් සෝදිසි පරික්ෂාවක් හෝ අලූත්වැඩියාවක් සඳහා ගාස්තුවක් අයකරන අවස්ථාවක දී, එකී ගාස්තුව සම්පූර්ණයෙන්ම ගෙවා පියවා දමන තුරු ඩයලොග් සමාගව විසින් එකී උපකරණය සිය භාරයේ තවදුරටත් රඳවා තබා ගනු ලැබිය හැකිය.

2. මෙම සීමිත වගකීම් සහතිකයෙහි අන්‍යාකාරයෙන් සඳහන් කරන්නේ නම් මිස, මෙම වගකීම් සහතිකය ශ්‍රී ලංකාවේ දී පමණක් අදාළ වේ.

3. එකී උපකරණය සේවා කිරීම සම්බන්ධ (අලූත්වැඩියා කිරීම, තිබෙන උපකරණය වෙනුවට අලූතින් උපකරණයක් ලබාදීම, උපකරණයේ නිෂ්පාදන කුසලතාවය හෝ ඊට යෙ¥ අමුද්‍රව්‍යවල දෝෂයක් හා සම්බන්ධ ගැටලූ ඇතුළුව) ඩයලොග් සමාගම විසින් ගන්නා සියළු තීරණ අවසානාත්මක වන අතර, එවැනි තීරණවලින් බැඳී සිටීමට පාරිභෝගිකයා එකඟ වන්නේය. දෝෂ සහගත උපකරණයක් හෝ එහි යම් කොටසක් වෙනුවට අලූතෙන් උපරණයක් හෝ යම් කොටසක් ලබාදෙන විටක දී, එකී දෝෂ සහගත උපකරණය හෝ එහි අදාල කොටස ඩයලොග් සමාගමේ දේපළක් බවට පත්වනු ඇත.

4. එකී උපකරණයට ඈඳනු ලබන සහ එකී උපකරණය සම්බන්ධ කරගෙන භාවිතා කරන හෝ එකී උපකරණය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය එහෙත් ඩයලොග් සමාගම විසින් සපයා නොමැති යම් අවශේෂ උපකරණයක් සඳහා ඩයලොග් සමාගමට කවරම ආකාරයකින් වුව ද වගකීම දැරිය නොහැකි වේ.

5. මෙම සීමිත වගකීම් සහතිකයෙන් පහත සඳහන් අවස්ථා ආවරණය කරනු නොලැබේ.

  • 5.1 එකී උපකරණය ඩයලොග් සමාගමෙන් හෝ ඩයලොග් සමාගමේ බලයලත් බෙදා හරින්නන්ගෙන්/නියෝජිතයන්ගෙන් මිලදී ගෙන නොතිබෙන අවස්ථාවක දී;
  • 5.2 අනිසි භාවිතය, අසාමාන්‍ය ලෙස පරිහරණය කිරීම, අසාමාන්‍ය තත්ත්වය, අවිධිමත් ලෙස ගබඩා කිරීම, තෙතමනයට, ද්‍රවවලට හෝ තෙත් ගතියට නිරාවරණය, මළ බැඳීම, දියමලං කෑම සහ දුර්වර්ණයට, අධික උෂ්නත්වයට නිරාවරණය කිරීම, වැලි, දූවිලි, අපද‍්‍රව්‍යකාරක, වෙනත් ¥ෂිත ද්‍රව්‍ය හෝ පාරිසරික තත්ත්වයන්ට නිරාවරණය කිරීම, අවිධිමත් ලෙස සවිකිරීම වැනි දෑ සිදුකොට උපදෙස් අත්පොතේ සඳහන් පූර්වාරක්ෂණයන් හෝ විධිමත් ක්‍රියාකාරී උපදෙස් අනුගමනය කිරීම පැහැර හැරීම, තෙවන පාර්ශ්වයක් විසින් අලූත්වැඩියා කිරීම් කොට භාවිතයට ගැනීම, අනිසි භාවිතය නොසැලකිල්ල, අයථා පරිහරණය හදිසි අනතුර, වෙනස් කිරීම්, අනිසි ලෙස කොටස් වලට වෙන්කිරීම, දේව ක්‍රියා සහ අවිරෝධ්‍ය බලපෑම වැනි සිදුවීම්, ආහාර හෝ ද්‍රව වර්ග ඉහිරීයාම, පාරිභෝගික පාලකයන් වැරදි ලෙස සකස් කිරීම වැනි ඩයලොග් සමාගමේ සාධාරණ පාලනයෙන් බැහැර වන වෙනත් ක්‍රියා, යෙ¥ අමුද්‍රව්‍ය හෝ නිෂ්පාදන කුසලතාවයේ දෝෂයන් මගින් සෘජුවම පැනනගින්නේ නම් මිස විලායක සහ කඩනයන් වැනි පරිභෝජ්‍ය කොටස්වල තිබෙන ඌනතාවන් හෝ ඇන්ටනාවලට හානි සිදුවීම ඇතුළුව සහ පාරිභෝගික පාලනයේ අනිසි ගැලපුම් හෝ වෙනත් ක්‍රියා, එකී උපකරණයේ සාමාන්‍ය ක්ෂයවීම් සහ වැහැරීම්, අනිසි විදුලිබල සැපයුම, සතුන් හෝ කෘමීන්ගේ බලපෑම, සවිකිරීමේ දුර්වලතා හෝ වැඩසටහන්, දත්ත, වෛරස, පද්ධතියට හානිකර ලෙස සැකසූ ස්පයි වෙයාර් (spyware), ට්රෝජන් (Trojans) වැඩසටහන්, තෙවන පාර්ශ්වයක මෘදුකාංග සහ/හෝ වෙනත් ලිපිගොනුවල දුර්වලතා හේතු කොට ගෙන දෝෂයන් උද්ගත වන අවස්ථාව ක දී;
  • 5.3 එකී උපකරණය හඳුුනාගැනීමට අසීරු වන ආකාරයට එකී උපකරණයේ වගකීම් සහතික මුද්‍රාව/ ස්ටිකරය ඉවත් කිරීම, විකෘතිි කිරීම හෝ හෝ වෙනස් කිරීම සිදුකර ඇති අවස්ථාවක දී;
  • 5.4 එකී උපකරණය අවිධිමත් ලෙස අත්හදා බැලීම, ක්‍රියාත්මක කිරීම, නඩත්තු කිරීම හෝ ඊට යම් වෙනසක් හෝ සුළු වෙනසක් සිදුකර ඇති අවස්ථාව ක දී;
  • 5.5 මිලටගත් වර්ෂය, මාසය සහ දිනය, පාරිභෝගිකයාගේ නම, විකුණුම්කරුගේ/බෙදාහරින්නාගේ නම සහ අනුක‍්‍රමික අංකය සම්බන්ධයෙන් මෙම සීමිත වගකීම් සහතිකයේ යම් කවරම වූ ආකාරයක වෙනසක් සිදුකර ඇති අවස්ථාව ක දී;
  • 5.6 වගකීම් සහතිකයේ වලංගු කාලසීමාව තුළ දී, එකී උපකරණය සම්බන්ධයෙන් උද්ගත වූයේ යැයි කියන දෝෂයක්, සොරකමක් හෝ අක්‍රියවීමක් පිළිබඳව පාරිභෝගිකයා විසින් ඩයලොග් සමාගම වෙත දන්වා නොතබෙන අවස්ථාව ක දී;
  • 5.7 එකී උපකරණය ඩයලොග් සමාගම විසින් සපයා නොමැති යම් උපාංගයක් සම්බන්ධ කරගෙන භාවිත කර තිබීම හෝ එකී උපකරණය සාධාරණ වශයෙන් භාවිත කිරීමට අපේක්ෂා කරන අරමුණුවලට පරිභාහිරව වන කාරණා සඳහා භාවිත කිරීම සිදුකර ඇති අවස්ථාව ක දී;
  • 5.8 සාමාන්‍යයෙන් පාරිභෝගිකයා විසින් පරිහරණය කිරීම නිසා එකී උපකරණයේ ප්ලාස්ටික් මතුපිට සහ වෙනත් සියළු පරිභාහිර කොටස් සීරීම සහ හානි වීම සිදුවී ඇති අවස්ථාව ක දී;
  • 5.9 එකී උපකරණය සමඟ මෘදුකාංග සපයා ඇති අවස්ථාව ක දී;
  • 5.10 එකී උපකරණය සමඟ වගකීම් සහතිකය ආපසු භාර නොදීම සිදුකරන අවස්ථාව ක දී; (එකී උපකරණය සම්බන්ධයෙන් දරන සියළුම සම්බන්ධිත සහ ආනුෂංගික පිිරිවැය (සේවා කිරීම සඳහා යාම වෙනුවෙන් දරන පිරිවැය, අමතර කොටස් පිරිවැය, නඩත්තු පිරිවැය, භාරදීම සඳහා දරන පිරිවැයට යනාදියට සීමා නොවී) පාරිභෝගිකයා විසින් ම දැරිය යුතුය.
  • 5.11 වගකීම් සහතිකයේ කාලසීමාව තුළ, සියළුම පැකේජ සඳහා සේවා කිරීමට යාම කරන අවස්ථාවක දී; සේවා කිරීම පිණිස යාම වෙනුවෙන් ගාස්තුවක් ගෙවීමට පාරිභෝගිකයාට නියම වන විටක දී, එකී යෝජිත සේවා කිරීම සඳහා යාමට පෙරාතුව ඩයලොග් සමාගම විසින් ඒ බව පාරිභෝගිකයාට දැනුම් දිය යුතුය.

6. මෙම සීමිත වගකීම් සහතිකය පහත සඳහන් අවස්ථාවල බලරහිත වේ.

  • 6.1 එකී උපකරණය සහ/හෝ උපාංග මත දිස්වන අනුක‍්‍රමික අංකය හෝ යම් කවරම වු වගකීම් සහතික මුද්‍රා/ස්ටිකර වෙනස් කිරීම, විකෘති කිරීම හෝ පලූදු කිරීම කර ඇති බවට සනාථ වීම සිදුවන අවස්ථාවක දී;
  • 6.2 එකී උපකරණය සමඟ භාවිත කළ යුතු බවට සඳහන් කර ඇති උපකරණය හැර වෙනත් උපකරණ හෝ සේවා සමඟ උපාංග භාවිතා කිරීම සිදුවන අවස්ථාවක දී;
  • 6.3 ඩයලොග් සමාගම වෙත කලින් ලිඛිත දැන්වීමක් භාරදීමකින් තොරව, යම් කවරම වු ආකාරයට මෙම සීමිත වගකීම් සහතිකයේ අඩංගු යම් කොන්දේසියක් වෙනස් කිරීම හෝ සුළු වශයෙන් වෙනස් කිරීම සිදුකරන අවස්ථාවක දී;
  • 6.4 එකී උපකරණය භාවිතා කිරීම හෝ මෙම සීමිත වගකීම් සහතිකයේ ප‍්‍රතිලාභ සම්බන්ධයෙන් හිමිකම් ඉල්ලීම ශ්‍රී ලංකාවෙන් බැහැරව සිදුකරන අවස්ථාවක දී;

7. මෙම සීමිත වගකීම් සහතිකය ඩයලොග් සමාගම විසින් පාරිභෝගිකයකයාට පමණක් ලබාදෙන දෙන අතර, එය තදනන්තර මිලට ගැනීමක දී පාරිභෝගිකයකුට පැවරීම කළ නොහැක.

8. එකී උපකරණයෙහි වගකීම් සහතිකයේ අංගයන් පිළිබඳව ඩයලොග් සමාගමේ වගකීම් මෙම සීමිත වගකීම් සහතිකයේ සඳහන් වේ.

9. ශ්‍රී ලංකාවේ නීතිය මගින් ඉඩ දී ඇති ප‍්‍රමාණයට, මෙම සීමිත වගකීම් සහතිකයේ ප‍්‍රතිකර්ම වනාහි හුදෙක් පාරිභෝගිකයාගේ තනි සහ අනන්‍ය ප‍්‍රතිකර්ම වේ.

10. එකී උපකරණයේ ගැනුම් මිල ඉක්මවා යන යම් කවරම වූ අලාභ හානි සඳහා හෝ කාලයේ උපයෝගිතාවේ යම් කවරම වු අහිමිවීමක් හෝ දත්ත අහිමිවීමක් අපහසුතාවක්, වානිජ අහිමිවීමක්, ලාභයේ හෝ ඉතිරිකිරීමේ අහිමිවීමක් හෝ වෙනත් ආනුෂංගික, වක‍්‍ර සුවිශේෂී හෝ අනියම් අලාභ හානියක් (අපේක්ෂිත වාසි හෝ ලාභ අහිමිවීමක් ඇතුළුව) සඳහා හෝ යම් කවරම විටක දී වූව ද, ඩයලොග් සමාගම වෙත නීතිමය වගකීමක් නොතිබේ. පරිභාහිර කොටස් සහ පෙනුම වර්ධනය කරන කොටස් නැව්ගත කරන අවස්ථාවේ දී දෝෂවලින් තොරවිය යුතු වන අතර, එබැවින් මෙම වගකීම් සහතිකයේ කොන්දේසි යටතේ ආවරණය නොවන්නේය.

11. මෙම සීමිත වගකීම් සහතිකය වෙනත් සියළුම ප‍්‍රකාශිත හෝ ව්‍යංගිත වගකීම් සහ කොන්දේසි වෙනුවට සීමාකිරීමක් නොමැතිව යම් භාණ්ඩ විකිණිමට සුදුසුබව, ගුණාත්මකභාවය හෝ යෝග්‍යතාව පිළිබඳ වගකීම් සහ කොන්දේසි ඇතුළත්ව මෙම සීමිත වගකීම් සහතිකයේ කාලසීමාව සඳහා පිරිනමනු ලැබේ. ඉහත විස්තර කර ඇති අන්දමට යම් කඩකිරීමක් නිවැරදි කිරීමෙන් ඔබ්බට මෙම වගකීම් සහතිකයේ කඩකිරීමක් සඳහා ඩයලොග් සමාගම නිත්‍යානුකූල වගකීම භාරගනු නොලැබේ. එකී උපකරණ සම්බන්ධයෙන් භාවිතය අහිමිවීම හෝ ලාභය අහිමිවීම ඇතුළුව යම් කවරම වූ ආනුෂංගික අලාභ හෝ හානි සම්බන්ධයෙන් නීතිය මගින් හිමිකම් ඉල්ලනු ලැබීමේ ප‍්‍රතිඑලයක් වශයෙන් එවැනි භාවිතය අහිමිවීම හෝ ලාභය අහිමිවීම ඇතුළුව යම් කවරම වූ ආනුෂංගික අලාභ හෝ හානි වෙනුවෙන් ඩයලොග් සමාගමට නීත්‍යනුකූල වගකීමක් නොතිබේ.

12. මෙම සීමිත වගකීම් සහතිකයේ දක්වා ඇති පරිදි මිස, එකී උපකරණය සම්බන්ධයෙන් ප‍්‍රකාශිත හෝ ව්‍යංගිත යම් වෙනත් වගකීම් සහතිකයක් පිළිබඳව හෝ වෙනත් පාර්ශ්වයක් විසින් ලබාදෙන ඇපකරයක් සම්බන්ධයෙන් හෝ ඩයලොග් සමාගමට බැඳීමක් නැත.

13. එකී උපකරණය/උපාංගය ආපසු භාරදීමේ දී දැරීමට සිදුවන සියළු ගාස්තු සඳහා පාරිභෝගිකයා නිත්‍යනුකූල වගකිව යුතුය.

14. එකී උපකරණය වගකීම් සහතිකයේ කාලසීමාව ඉකුත්ව යාමට පසුව ඩයලොග් තාක්ෂණික සහායක මධ්‍යස්ථානයක් වෙත ආපසු භාරදීම කරන අවස්ථාවක දී, ඩයලොග් සමාගමේ සාමාන්‍ය සේවා ප‍්‍රතිපත්ති (අදාළ වේ නම්) අදාළ වන අතර, (කලින් කලට පාරිභෝගිකයාට දැනුම් දෙන පරිදි) ඒ අනුව පාරිභෝගිකයාගෙන් ගාස්තු අයකරනු ලැබේ.

  • 14.1 මෙම වගකීම් සහතිකයෙන් ප‍්‍රකාශිතවම විධිවිධාන සලසා ඇති යම් බැඳීීමකින් හෝ නිත්‍යනුකූල වගකීමකින් ඔබ්බට පැන නගින යම් බැඳීීමක් හෝ නිත්‍යනුකූල වගකීමක් ඩයලොග් සමාගම විසින් භාරගනු නොලැබේ.
  • 14.2 සියළුම වගකීම් සහතික තොරතුරු, එකී උපකරණයේ ලක්ෂණ සහ පිරිවිතර දැනුම් දීමකින් තොරව වෙනස්වීමට භාජනය විය හැකිය.

     

15. එකී උපකරණයේ අඩංගු යම් කවරම වූ දෑ පිළිබඳව ඩයලොග් සමාගම විසින් ප‍්‍රකාශිතවම. හෝ ව්‍යංගිතව හෝ ඒ පිළිබඳව කරුණු දැක්වීම් හෝ සහතිකවීම් ඉදිරිපත් කරනු නොලැබේ.

16. මෙම වගකීම් සහතිකයේ අඩංගු නියමයන් සහ කොන්දේසි ශ්‍රී ලංකාවේ නීතිය අනුව පාලනය වන අතර, ඒ අනුව වටහාගත යුතු වේ.

ඩයලොග් ආසිආටා සමාගමේ තාක්ෂණික සේවා සහාය සපයන මධ්‍යස්ථාන පිළිබඳ විස්තරය

අම්පාර පාරිභෝගික සේවා මධ්‍යස්ථානය

අංක 778, පන්සල හංදිය, ඩී.එස්.සේනානායක වීදිය, අම්පාර.

අනුරාධපුර පාරිභෝගික සේවා මධ්‍යස්ථානය

අංක 448, මෛත්‍රිපාල සේනානායක මාවත, නව නගරය, අනුරාධපුරය.

මඩකළපුව පාරිභෝගික සේවා මධ්‍යස්ථානය

අංක 262, ත්‍රිකුණාමලය පාර, මඩකළපුව.

ගාල්ල පාරිභෝගික සේවා මධ්‍යස්ථානය

අංක 121 ඒ, වක්වැල්ල පාර, ගාල්ල.

යාපනය පාරිභෝගික සේවා මධ්‍යස්ථානය

අංක 141, ස්ටැන්ලි පාර, යාපනය.

මහනුවර පාරිභෝගික සේවා මධ්‍යස්ථානය

අංක 178, ඩී.එස් සේනානායක වීදිය, මහනුවර.

කුරුණෑගල පාරිභෝගික සේවා මධ්‍යස්ථානය

අංක 87, කොළඹ පාර, කුරුණෑගල.

මොඩර්න් පාරිභෝගික සේවා මධ්‍යස්ථානය

අංක 528, ඇල්ෆ්‍රඩ් හවුස් ඇවනියු, ආර්.එ්. ඞී ද මෙල් මාවත, කොළඹ 03.

මීගමුව පාරිභෝගික සේවා මධ්‍යස්ථානය

අංක 365, කෙළින් වීදිය, මීගමුව.

නුගේගොඩ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය

අංක 84, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ.

රත්නපුර පාරිභෝගික සේවා මධ්‍යස්ථානය

අංක 410, කෙළින් වීදිය, කුඩුගල්වත්ත, රත්නපුරය.

ඩයලොග් තාක්ෂණික සේවා මධස්ථානය (UPSC)

අංක 116, යූනියන් පෙදෙස, කොළඹ 02.

වවුනියාව පාරිභෝගික සේවා මධ්‍යස්ථානය

අංක 60, 1 වන හරස් වීදිය, වවුනියාව.

බදුල්ල පාරිභෝගික සේවා මධ්‍යස්ථානය

අංක 37,39, මොඩර්න් සංකීර්ණය, කොකෝවත්ත පාර, බදුල්ල.

ත්‍රිකුණාමලය පාරිභෝගික සේවා මධ්‍යස්ථානය

අංක 345, මධ්‍යම පාර, ත්‍රිකුණාමලය.

පාරිභෝගික ක්ෂණික දුරකථන ඇමතුම 1777