feature-today

Govi Mithuru


2015 දී ආරම්භ කළ ගොවි මිතුරු (සිංහල) හෝ 'Ulavar Tholan' (දෙමළ) සේවාවෙන් බිම් සකස් කිරීම, ඵලදාව වැඩි කර ගැනීම, අස්වනු නෙළීම, අස්වැන්න ආරක්ෂා කිරීම සහ පවුලේ පෝෂණ තත්ත්වය ඉහල නංවාගැනීම සම්බන්ධයෙන් තමා වගාකරන භෝගයන්ට අදාළ වන කාලීන උපදෙස් ගොවීන්ට සැපයේ.

GSMA සංවිධානයේ mAgri අභියෝගතා අරමුදලේ සහයෝගයෙන් දියත් වූ මෙම සේවාවේ අන්තර්ගතය සඳහා ප්‍රධාන කෘෂිකාර්මික උපදෙස් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අන්තර්ජාතික කෘෂිකර්ම හා ජීව විද්‍යා කේන්ද්‍රය (CABI) මඟින් සැපයෙන අතර, පවුලේ පෝෂණය සම්බන්ධ තොරතුරු සැපයෙන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟිනි.

වගාකරනු ලබන භෝගය, බිම් සකස් කළ දිනය සහ ප්‍රදේශය සැලකිල්ලට ගනිමින් ගොවීන් වෙත නිවැරදි වේලාවට නිවැරදි තොරතුරු ලබාදීම සඳහා මෙම සේවාව විශේෂයෙන්ම නිර්මාණය කර ඇත. මේ හරහා, ලියාපදිංචි වූ භෝගයට අදාළ උපදෙස්, දුරකථන ඇමතුමක් ලෙසින් ජංගම දුරකථනයට ලබාගත හැක. එමෙන්ම, සේවාවෙන් ලැබුණු පණිවිඩ වලට නැවත සවන්දීම සඳහා අසීමිතව 616 අංකය ඇමතිය හැකි අතර, ඒ සඳහා කිසිදු අමතර ගාස්තුවක් අය නොකෙරේ.

Download the case study on Govi Mithuru.

 

In Sri Lanka, agriculture has long been a traditional occupation, necessary for survival. Hundreds of hours are invested into growing crops and for many farming families, it is their only source of income. The importance of communication and access to relevant information is key for these farmers as they continue to face ever-changing risks and challenges.

Keen to learn more, Chathura travels across Sri Lanka to meet various farmers who live and work in the Southern Province, who are now embracing a mobile technology initiative by Dialog, called Govi Mithuru.

It's a simple service but its impact is profound. Farmers sign up for 1 rupee a day and are sent daily seasonal advice to their phone via voice messages. As Chathura finds out, it's transforming the lives of many famers; protecting their crops from pests and disease and giving them the knowledge they need to cultivate bigger profits than ever. With these profits, farmers can grow their businesses and provide the best lives for their families as well as safe, healthy produce for their communities.

As a 24/7 service, help is always at hand, giving this proud industry – one built on intuition, experience, and heritage – the foundation to thrive in an increasingly connected world

Crops