Body

ඩයලොග් ආසිආටා, GSMA හි Connected Women ව්‍යාපෘතිය සමගින් ඩිජිටල්කරණය බල ගැන්වීමට ප්‍රතිඥාව අලුත් කරයි

May 08th, 2024       Colombo

 

Dialog Axiata renews pledge to GSMA's Connected Women Commitment initiative to empower digital inclusion

ඡායාරූපය (වමේ සිට දකුණට) - GSMA හි ජ්‍යෙෂ්ඨ වෙළෙඳ පොළ සම්බන්ධතා කළමණාකාර ගගන්දීප් මාන්චන්ද්‍ර මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා, GSMA හි අධ්‍යක්ෂ ජෙනරාල් මැට්ස් ග්‍රැන්රිඩ් මහතා සහ GSMA හි Digital Inclusion ප්‍රධානී ක්ලෙයාර් සිබ්තෝර්ප් මහත්මියද ඡායාරූපයේ වෙති.

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය හා ඩිජිටල්කරණය තුළින් ශ්‍රී ලංකාව සවිබල ගැන්වීමේ සිය කැපවීම යළිත් වරක් තහවුරු කරමින්, GSMA හි Connected Women ව්‍යාපෘතිය සමගින් වන සිය ප්‍රතිඥාව අලුත් කර තිබේ. කාන්තාවන්ට ජංගම දුරකතන හරහා අන්තර්ජාලය වෙත මෙන්ම ඩිජිටල් මුදල් සේවාවන් වෙත ප්‍රවේශ වීමේ හැකියාව වැඩි දියුණු කරමින්, මෙරට ඩිජිටල් වශයෙන් පවතින ස්ත්‍රී පුරුෂ අසමානතාව තුරන් කිරීම තුළින්, ශ්‍රී ලාංකීය කාන්තාවන් සවිබල ගැන්වීමේ ඩයලොග් කැපවීම මෙමගින් අවධාරණය කෙරේ.

මෙරට අඩු ආදායම් හා මධ්‍යම මට්ටමේ ආදායම් ලබන පවුල්වල කාන්තාවන්ට ජංගම දුරකතන නොමැති වීම, ඩිජිටල් ලෝකය තුළ කාන්තා සහභාගිත්වය අඩු වීමට බලපාන එක් කරුණක් වන අතර, මෙම බරපතල ස්ත්‍රී පුරුෂ ඩිජිටල් පරතරයට විසඳුමක් ලෙසින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ. 2018 වසරේ පටන්ම, GSMA හි Connected Women ව්‍යාපෘතිය සමගින් අත්වැල් බැඳගෙන කටයුතු කරන ඩයලොග්, ඩිජිටල් මෙවලම් සමගින් කාන්තාවන් සවිබල ගැන්වීම තුළින්, මෙරට ස්ත්‍රී පුරුෂ ඩිජිටල් සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම පමණක් නොව, කර්මාන්ත ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහාද එය මග පාදන බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව, මෙම වැඩසටහන සමගින් එක්වන ඩයලොග් හි අරමුණ වන්නේ, ඩිජිටල් වශයෙන් පවතින එවන් බාධාවන්ට විසඳුම් පිරිනැමීමයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා සඳහන් කළේ මෙලෙසිනි. "ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිසරය, සියලු දෙනා ඇතුළත් කර ගනිමින්, තිරසාරත්වයෙන් පොහොසත් කිරීමට ඩයලොග් ආසිආටා කැපව සිටිනවා. ‘GSMA හි Connected Women ව්‍යාපෘතිය’ සඳහා අපගේ කැපවීම මෙලෙස අලුත් කිරීම, සම්බන්ධතාවයේ පරිවර්තනීය බලය පිළිබඳ අප තුළ පවතින විශ්වාසය පිළිබිඹු කරන සාක්ෂියක්. මෙම වැඩසටහන් තුළින් සිදු කෙරෙන්නේ කාන්තාවන් සවිබල ගන්වමින් ඩිජිටල්කරණයෙන් හා මූල්‍යකරණයෙන් ඔවුන්ව සාර්ථක කිරීම පමණක්ම නොවෙයි, සාධාරණ සමාජයක දියුණුව සාක්ෂාත් කර ගැනීමට කාන්තාවන් මෙහෙයවන අතරෙහි, පුළුල් සමාජ-ආර්ථික ප්‍රතිලාභ අත්කර ගැනීමට උත්ප්‍රේරකයක් ලෙසින්ද අපි කටයුතු කරනවා."

GSMA හි Digital Inclusion ප්‍රධානී ක්ලෙයාර් සිබ්තෝර්ප් මහත්මියද මේ සම්බන්ධයෙන් සිය අදහස් පළ කළාය. "සියලු දෙනා ඇතුළත් ඩිජිටල් සමාජයක් ගොඩනැගීම සඳහා ඩයලොග් ඔවුන්ගේ කැපවීම, GSMA හි Connected Women Commitment වැඩසටහනට අත්සන් තැබීම තුළින් පිළිබිඹු කරනවා. කාන්තාවන් සම්බන්ධතාවයන් සහිත කිරීමෙන්, ඔවුන් සවිබල ගැන්වීමෙන් නොනැවතී, සමස්ත ප්‍රජාව පොහොසත් කිරීම වගේම ඔවුන් ආර්ථික වර්ධනය කරා යොමු කිරීමත් සිදු කෙරෙනවා. එය වඩාත් සාධාරණ අනාගතයකට මග පාදන්නක්. මෙම වැඩසටහනට අනුග්‍රහය දක්වමින් ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජ පරතරය අවම කිරීමට පෙරමුණ ගනිමින්, මේ සඳහා කැපවීම පිළිබඳව ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමට අපගේ ප්‍රසංශාව හිමි වෙනවා.”

ඩයලොග් ආසිආටා විසින් අරමුණු කරනු ලබන තිරසාරභාවය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය උදාකිරිමේ අරමුණුවලට අනුගතව පවත්වා ගන්නා මෙම සහයෝගිතාව, විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක 5 ඇතුළත් (ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය) අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වන සුවිශාල කැපවීම සමගද අනුගත වන්නකි. එමෙන්ම එය, ආයතනික මෙහෙයුම් කටයුතුවලදී දිගින් දිගටම විනිවිදභාවය හා තිරසාරභාවය වර්ධනය කිරීම සඳහා දරනු ලබන අඛණ්ඩ ප්‍රයත්නයේ කොටසක් ලෙසින්ද සැලකිය හැකිය. Yeheli.lk ආදිය හරහා දිවයින පුරාම කාන්තාවන් දිරිගන්වමින් හා ඔවුන්ට පහසුකම් සලසමින් ඔවුන්ගේ ජීවිතවල සැලකිය යුතු වෙනසක් උදාකරන ඩයලොග්, එවැනි වැඩසටහන් මගින් මෙරට ජනතාවගේ හා ව්‍යාපාරවල අභිවෘද්ධිය කරමින්, රටේ ආර්ථික සුබ සිද්ධිය ළඟාකර ගැනීම සඳහාද මාහැඟි දායකත්වයක් දක්වයි.