Body

ජනතාව සඳහා ධනය උත්පාදනය කිරීමට, Rebuild Trust in Science සමගින්, ශ්‍රී ලංකාවේ පෙළේ ආයතන අත්වැල් බැඳ ගනියි

2025 ජූලි 17         කොළඹ

 

Dialog Customers Contribute to Little Hearts

(වමේ සිට): Brandix Lanka (Pvt) Ltd හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර්, Access Engineering PLC හි විධායක උප සභාපති, ක්‍රිස්ටෝපර් ජොෂුවා, Dialog Axiata PLC හි අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක, සුපුන් වීරසිංහ, NASSL හි සභාපති, මහාචාර්ය අජිත් අබේසේකර, විද්‍යා හා තාක්ෂණ පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, මහාචාර්ය ගෝමික උඩුගමසූරිය, NASSL හි උප සභාපති, මහාචාර්ය මලික් රණසිංහ සහ CSR Trust හි භාරකාර සහ Commercial Bank of Ceylon PLC හි ආයතනික බැංකුකරණ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, හස්රත් මුණසිංහ යන මහත්වරුන් ගිවිසුමට අත්සන් තැබිමෙන් පසු ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.

විද්‍යාව පිළිබඳ විශ්වාසය ගොඩනැගීමේ හා මෙරට තිරසාර සමෘද්ධිය සාක්ෂාත් කරගැනීම උදෙසා විද්‍යාවේ කාර්යභාරය තහවුරු කෙරෙමින් දියත් කෙරෙන මහජන වැඩසටහන වන“Rebuild Trust in Science” ක්‍රියාවට නැංවීම සඳහා, පෞද්ගලික ආයතන කිහිපයක් ජාතික විද්‍යා ඇකඩමිය (NASSL) සහ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය (SLAAS) සමඟ අත්වැල් බැඳගනියි. රටේ සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ ප්‍රබල කැපවීම විදහා දක්වන මෙම තෙවසර ක වැඩසටහන වෙනුවෙන්, Access Engineering PLC, Brandix Lanka (Pvt) Ltd, Commercial Bank of Ceylon PLC, Dialog Axiata PLC, සහ TV Derana යන සමාගම් එලෙස සහය දක්වයි.

මෙම වැඩසටහනේ දිගුකාලීන අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ඊට සහය දක්වන ඉහත ආයතනවල කැපවීම නිල වශයෙන් සනිටුහන් කරමින්, 2025 ජූලි 01 වැනිදා, කොළඹ Elevate, Access Tower II හිදී NASSL සමගින් ඒ සඳහා ගිවිසුම්ගත වීම සිදු කෙරිණි. වැඩසටහන වෙනුවෙන් සහය දක්වන සියලුම ආයතනවල ප්‍රධාන පෙළේ නියෝජිතයින් මෙන්ම විද්‍යාවේ අභිවෘද්ධිය උදෙසා දායක වන පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් එම උත්සවය පැවැත්වුණේ, විද්‍යාව, නවෝත්පාදනය හා සහයෝගීතාවය තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රගමනය සාක්ෂාත් කරගැනීම උදෙසා වූ පොදු කැපවීම අවධාරණය කරමිනි.

NASSL විසින් මෙහෙයවන මෙම “Rebuild Trust in Science” තෙවසරක වැඩසටහන ක්‍රියාවට නැංවෙන්නේ, සහකරු හා සම-ප්‍රවර්ධකයා SLAAS සමගිනි. පාසල් සිසු සිසුවියන්, උපාධි අපේක්ෂකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් මෙන්ම මහජනතාවද එක්කර ගනිමිනි. 2025 අප්‍රේල් මාසයේ සිට 2028 මාර්තු දක්වා, සියලු දෙනාට දායක විය හැකි සුවිශේෂී ප්‍රවර්ධන කටයුතු රැසක් සමගින් වැඩසටහන ක්‍රියාත්මක වේ. එලෙස පැවැත්වෙන වැඩසටහන් අතරට විද්‍යා දින උත්සව, නව නිපැයුම් ප්‍රදර්ශන, නවෝත්පාදන තරඟ, ගුරු පුහුණු වැඩසටහන් ආදියෙන් එය සමන්විත වේ. එපමණක් නොව, රටක ධනය උත්පාදනය සඳහා විද්‍යාව උපයෝගී කරගන්නා ආකාරය පිළිබඳව, TV Derana නාලිකාව ඔස්සේ ගෙනෙන ටෙලිවිෂන් අධ්‍යාපනික වැඩසටහන් මාලාවකින්ද එය සමන්විත වේ.

මෙම වැඩසටහන් සඳහා අත්වැල් බැඳගත් සෑම ආයතනයක්ම, වැඩසටහනේ ප්‍රධාන ක්ෂේත්‍ර හතරෙන් එකකට සහය දැක්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය සඳහා ඉවහල් වන පොදු විද්‍යාත්මක අරමුණුවලට පමණක් නොව, විද්‍යාව මූලික කරගත් ධනෝපායන අරමුණු හා ගැළපෙන එම ආයතනවල විශේෂඥ සහය, ඒ අනුව හිමි වේ. Access Engineering PLC, ඊට අදාළ පර්යේෂණ හා සංවර්ධනය කාර්යයන් සඳහාද, Brandix Lanka (Pvt) Ltd තිරසරභාවය සහ උපදේශනය කාර්යයන් සඳහාද ස්වකීය විශේෂඥ සහාය ලබාදෙයි. Commercial Bank of Ceylon PLC හි සහාය පිරිනැමෙන්නේ, වැඩසටහනට අදාළ ව්‍යවසායකත්වය කාර්යයන් සම්බන්ධයෙනි. Dialog Axiata PLC, විද්‍යාව සහ ඩිජිටල්කරණය කෙරෙහි අවධානය යොමු කරමින් මෙම වැඩසටහනට සිය විශේෂඥ දායකත්වය ලබාදෙයි.

මෙම වැඩසටහන සඳහා අරමුදල් සහ ප්‍රචාරණ සහයෝගය ලබාදීමට ඒ හා අත්වැල් බැඳ ගත් ආයතන, විද්‍යාත්මක පර්යේෂණ සහ එමගින් රටේ ව්‍යවසාය අංශයට හා සමාජයට සිදුකෙරෙන බලපෑම අතර පවතින පරතරය පියවීමට NASSL සහ SLAAS සවිබල ගන්වයි. ඒ, විද්‍යාව රටේ ජනතාවට සමීප කිරීමට මෙම වැඩසටහනට සහය දක්වන ආයතනය සුවිශාල අත්වැලක් සපයමිනි.

මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ජාතික විද්‍යා ඇකඩමියේ උප සභාපති මලික් රණසිංහ මහතා සඳහන් කළේ මෙසේයි. “ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් වැදගත් වන මෙම “Rebuild Trust in Science” වැඩසටහනට එක්ව සිටින සියලු පාර්ශ්වකරුවන්ට අපගේ කෘතඥතා පූර්වක ස්තූතිය හිමිවෙනවා. වසර තුනක් පුරා දියත් කිරීමට අපේක්ෂා කරන මෙම වැඩසටහන, රුපියල් මිලියන 100 කට අධික ව්‍යාපෘතියක්. මෙමගින්, ශ්‍රී ලාංකික ජනතාවගේ මෙන්ම රටේ යහපැවැත්මට අදාළ විද්‍යාත්මක කාරණා පිළිබඳව විද්‍යාඥයින්ගේ උපදෙස්, NASSL සහ SLAAS මගින් සිදු කෙරෙන ප්‍රචාරණ ව්‍යාපාරය සහ ප්‍රවර්ධන වැඩසටහන් හරහා සමාජයට ඉදිරිපත් කරනවා. එම උපදෙස් මහජනතාව, දේශපාලඥයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් විශ්වාස කරනු ඇති බව අපේ විශ්වාසයයි.”

Rebuild Trust in Science වැඩසටහන සම්බන්ධයෙන්ම මහජනතාව දැනුවත් කිරීමේ කටයුතු මෙම වසරේදී දියත් කිරීමට නියමිතය. දිවයින පුරාම දියත් කෙරෙන අධ්‍යාපනික සහ ප්‍රවර්ධන කාර්යයන් රැසක් සමගින් මෙම වැඩසටහන සඳහා සැලසුම්ගත ඉදිරි වසර තුන, දිගහැරෙනු ඇත.