ඩයලොග්, ශ්‍රී ලංකාව ලෝකය වෙත යා කරන India-Asia Xpress සබ්මැරීන් කේබල් පද්ධතිය දියත් කරයි
ජාත්‍යන්තර සම්බන්ධතා සඳහා යටිතල පහසුකම් වෙනුවෙන් සමාගම සිදුකළ ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 100 ඉක්මවයි
2025 මැයි 08 කොළඹ

සමරු ඵලකය නිරාවරණය කිරීමේ අවස්ථාව
(වමේ සිට) ඩයලොග් ආසිආටා පීඑල්සි හි සමූහ ප්‍රධාන අලෙවි
නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම, සමූහ ප්‍රධාන මෙහෙයුම්
නිලධාරිනී Lim Li San, ඩයලොග් ආසිආටා පීඑල්සී හි
අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරි සුපුන් විරසිංහ, Axiata
Group Berhad හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර
අධ්‍යක්ෂ විවේක් සූඩ්, මැලේසියානු මහ කොමසාරිස් අතිගරු
බද්ලි හිෂාම් බින් ඇඩම් මහතා සහ ඉන්දීය කොන්සල් ජනරාල්
හර්වින්දර් සිං යන මහත්ම මහත්මීන් සමරු ඵලකය නිරාවරණය කළ
අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

IAX සබ්මැරීන් කේබල් පද්ධතිය දියත් කළ අවස්ථාව
(වමේ සිට) ඩයලොග් ආසිආටා පීඑල්සි හි සමූහ ප්‍රධාන අලෙවි
නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම, සමූහ ප්‍රධාන මෙහෙයුම්
නිලධාරිනී Lim Li San, ඩයලොග් ආසිආටා පීඑල්සි හි සමූහ
ප්‍රධාන තාක්ෂණ නිලධාරි රංග කාරියවසම්, ඉන්දීය කොන්සල්
ජනරාල් හර්වින්දර් සිං, මැලේසියානු මහ කොමසාරිස් අතිගරු
බද්ලි හිෂාම් බින් ඇඩම් Axiata Group Berhad හි සමූහ
ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ විවේක් සූඩ්,
ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක
නිලධාරි සුපුන් විරසිංහ යන මහත්ම මහත්මීන් විසින් IAX
සබ්මැරීන් කේබල් පද්ධතිය දියත් කළ අවස්ථාව ඡායාරූපයේ
දැක්වේ.
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, සිය ජාත්‍යන්තර ඩිජිටල් සම්බන්ධතා ශක්තිමත් කරමින් මෙරට ඩිජිටල් යටිතල පහසුකම් සුරක්ෂිතව අනාගතයට රැගෙන යාමේ අරමුණෙන්, IAX (India Asia Xpress) සබ්මැරීන් කේබල් පද්ධතිය දියත් කරන බව දැනුම් දෙනු ලැබීය. ජාත්‍යන්තර ඩිජිටල් යටිතල පහසුකම් වෙනුවෙන් සිදුකෙරෙන මෙම සුවිශාල ආයෝජනයත් සමග, එම පහසුකම් වෙනුවෙන් ඩයලොග් සිදුකර ඇති සමස්ත ආයෝජන වටිනාකම, ඇමරිකානු ඩොලර් මිලියන 100 ද ඉක්මවයි. ඉකුත් කාලයේ, Reliance JIO මූලිකත්වයෙන් ආසියනු කලාපයේ ටෙලිකොම් සමාගම් මෙන්ම ගෝලීය සමාගම් කිහිපයක් සමගද අත්වැල් බැඳ ගැනීම තුළින් මෙම සුවිශේෂී සන්ධිස්ථානය සනිටුහන් කිරීමට ඩයලොග් වෙත හැකි වී තිබේ. මෙම සන්ධිස්ථානය මගින්, මෙරට ඩිජිටල් හා නවෝත්පාදන ප්‍රගමනය ඉලක්ක කරගත් සහයෝගිතාවන් සඳහා ඩයලොග් දක්වන කැපවීමද පෙන්නුම් කෙරේ.
පාරිභෝගිකයින්ට ඉහළම ධාරිතාවයේ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවයක් සැලසිය හැකි IAX පද්ධතිය, විශිෂ්ටතම ගෝලීය අන්තර්ජාල සම්බන්ධතා හැකියාවක් සහිත සබ්මැරීන් කේබල් පද්ධතියකි. එමෙන්ම, 5G ජාලය හා AI භාවිත කිරීමටත්, අධිවේගී සම්බන්ධතාවයක් අවශ්‍ය වන apps වලටත්, දිනෙන් දින වැඩිවන පාරිභෝගික ඉල්ලුමටද එය කදිම විසඳුමකි. අති නවීන තාක්ෂණයෙන් නිමවා ඇති මෙම IAX සබ්මැරීන් කේබල් පද්ධතිය, ඩයලොග් හි දැනට පවතින දැනට පවතින සබ්මැරින් කේබල් පද්ධති සමග සමග පහසුවෙන්ම ඒකාබද්ධ කිරීමද සිදු කළ හැක. එවිට, දකුණු ආසියානු කලාපයේ ප්‍රධානතම අන්තර්ජාල මධ්‍යස්ථාන වන මුම්බායි, චෙන්නායි සහ සිංගප්පූරුවේ මධ්‍යස්ථාන අතර දත්ත සම්ප්‍රේෂණයද මෙමගින් පුළුල් වේ. එම මධ්‍යස්ථාන අතර විශාල දත්ත ප්‍රමාණයක් අධික වේගයෙන් සම්ප්‍රේෂණය කළ හැකි බැවින්, කාර්යක්ෂම දත්ත සම්ප්‍රේෂණයක් සිදුකළ හැකි බවද මෙමගින් සහතික කෙරේ. මෙම නවතම සබ්මැරීන් කේබල් පද්ධතිය තුළින්, දකුණු ආසියානු කලාපය ඩිජිටල් පරිවර්තනය කරා රැගෙන යාමේ ශ්‍රී ලංකාව සතු වැදගත් කාර්යභාරය තවදුරටත් තහවුරු වේ.
ඩයලොග් මෙවැනි සුවිශේෂී සන්ධිස්ථානයක් වෙත ළඟාවීම නිල වශයෙන් සමරමින්, සමාගම විසින් මාතර පිහිටුවා ඇති, සබ්මැරීන් කේබල් ගොඩබිම් පද්ධතිය හා සම්බන්ධ වන ස්ථානයේදී (Submarine Cable Landing Station), මැලේසියානු මහ කොමසාරිස් අතිගරු බද්ලි හිෂාම් බින් ඇඩම් මහතා සහ ඉන්දීය කොන්සල් ජනරාල් හර්වින්දර් සිං මහතාගේ ගෞරවනීය සහභාගිත්වයෙන් යුතු උත්සවයක්ද පැවැත්විණි. එම අවස්ථාවට, Axiata Group Berhad හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ විවේක් සූඩ් මහතා, සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා ඇතුළුව අනෙකුත් ඩයලොග් නියෝජිතයෝද සහභාගී වූහ.
ඩයලොග් හි දැනට පවතින සබ්මැරීන් කේබල් පද්ධතිය හා ඒකාබද්ධ කෙරෙන මෙම උසස්ම IAX සබ්මැරීන් කේබල් පද්ධතිය හේතුවෙන්, මෙරට ඩිජිටල් යටිතල පහසුකම් ශක්තිමත් වී, අන්තර්ජාල සම්බන්ධතා අඛණ්ඩව ලබාදීමට ඉඩකඩ සැලසේ. එමෙන්ම, මෙම පද්ධතිය පවත්වාගෙන යනු ලබන්නේ, BBG සහ MSC සබ්මැරින් කේබල් පද්ධති හා සමගාමීවය. ඒ හේතුවෙන්, එක් පද්ධතියක් පමණක් භාවිත කිරීමේදී මතු විය හැකි දුර්වලතා අවම කිරීමටද හැකියාව ලැබේ. එපමණක් නොව, මේ හරහා වඩාත් විශ්වාසනිය අන්තර්ජාල සම්බන්ධතාවකටද ඉඩකඩ සැලසේ. ඩයලොග් විසින් මාතර හා ගල්කිස්ස ප්‍රදේශයන්හි පවත්වාගෙන යන, සබ්මැරීන් කේබල් ගොඩබිම් පද්ධතිය හා සම්බන්ධ වන ස්ථාන හරහා සමස්ත දකුණු ආසියානු කලාපයේම පාරිභෝගිකයින් හා ව්‍යාපාර ඩිජිටල් සම්බන්ධතාවයෙන් ශක්තිමත් කරන අතරම, කලාපයේ පාරිභෝගිකයින්ට බාධාවකින් තොර අධිවේගී සම්බන්ධතාවයක් මෙමගින් සහතික කෙරේ.
මෙම නවතම සබ්මැරීන් කේබල් පද්ධතිය දියත් කිරීම පිළිබඳව අදහස් දක්වමින්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා මෙසේ පැවසීය, "අප ගෝලීය පාර්ශවකරුවන් සමඟ අත්වැල් බැඳ ගැනිමේ ප්‍රතිඵලයක් හැටියට, IAX සබ්මැරීන් කේබල් පද්ධතිය දියත් කරමින්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට හැකිවීම අපට සතුටට කාරණයක්. මෙම ආයෝජනය මගින් තහවුරු කෙරෙන්නේ, වේගයෙන් දියුණු වන ඩිජිටල් යුගයක ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින රටක් බවයි. ඒ වගේම, ජාත්‍යන්තර මට්ටමේ ඩිජිටල් යටිතල පහසුකම් සමඟ ශ්‍රී ලාංකික ජීවිත සහ ව්‍යවසාය සවිබල ගැන්වීමට අප තුළ පවතින කැපවීමත් මෙයින් පෙන්නුම් කෙරෙනවා. ඒ අනුව, පාරිභෝගිකයින්ට ඉහළම විශ්වාසනීය සේවාවක් සමග අන්තර්ජාල ධාරිතාව මෙලෙස පුළුල් කිරීමෙන්, සියලු දෙනාට ඩිජිටල් පහසුකම් හිමි කරදෙන, ශක්තිමත් ඩිජිටල් යටිතල පහසුකම්වලින් පිරි ලොවක් ගොඩනැගීමට අපි කටයුතු කරනවා.”
දකුණු ආසියානු කලාපය තුළ අන්තර්ජාල සම්බන්ධතාව අතින් ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඩයලොග්, සන්නිවේදන යටිතල පහසුකම් සැපයීම අතින් කලාපය තුළ සුවිශාල වැදගත්කමක් ශ්‍රී ලංකාවට අත්කර දීමට කටයුතු කරයි. ඒ සඳහා නවතම අන්තර්ජාල විසඳුම් පිරිනමන අතරෙහි, ගෝලීය සමාගම් අතර සහයෝගිතාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් අඛණ්ඩ ආයෝජන සිදුකිරීමටත් ඩයලොග් කටයුතු කරයි. එවැනි කාර්යයන් ඔස්සේ, ඩිජිටල් සම්බන්ධතාවයේ ගෝලීය අනාගතය හැඩගස්වන ඩයලොග්, කලාපයේ ආර්ථික වර්ධනයටත්, තාක්ෂණික නවෝත්පාදන සඳහාත් ඉඩකඩ සලසන මෙවැනි පහසුකම් සමගින් පාරිභෝගිකයින් හා ව්‍යාපාර සවිබල ගන්වයි.