Body

කතරගම ඇසළ පෙරහර සඳහා 20 වෙනි වරටත් ඩයලොග් බැතිබර දායකත්වය ලබාදෙයි

2025 ජූලි 15         කොළඹ

 

Dialog Customers Contribute to Little Hearts

ශ්‍රී ලාංකේය බෞද්ධ උරුමය අනාගත පරපුරට දායාද කරන ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, මෙවරත් ඓතිහාසික කතරගම ඇසළ මහා පෙරහරට සිය බැතිබර දායකත්වය පුදකරනු ලැබීය. මෙවර 20 වැනි වරටත්, ඩයලොග් අනුග්‍රහයෙන් කතරගම ඇසළ මහා පෙරහර ජුනි මස 26 වැනිදා සිට ජූලි 11 වැනිදා දක්වා පැවැත්වුණේ, ශ්‍රි ලාංකේය උරුමය හා සංස්කෘතිය ආරක්ෂා කිරීම පිණිස වන ඩයලොග් කැපවීමද යළිත් වරක් තහවුරු කරමිනි.

කතරගම පුදබිමේ වාර්ෂික ආගමික උත්සව සහ පුද පූජා අතර ප්‍රමුඛත්වය හිමිවන ඇසළ මහා පෙරහර, රුහුණු කතරගම දේවාලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන, රටේ වඩාත්ම ගෞරවාදරයට පාත්‍ර වන ආගමික හා සම්ප්‍රදායික උත්සව අතරින් එකක් වෙයි. මෙම ඉපැරණි ආගමික සම්ප්‍රදාය දශක දෙකක් තිස්‌සේ ඉදිරියට ගෙනයමින් ඩයලොග්, මෙරට සංස්කෘතිය හා ශ්‍රී ලාංකීය ආධ්‍යාත්මික වටිනාකම් නගාසිටුවීම උදෙසා සිය දායකත්වය පුද කරයි. කඳ සුරිඳු නමින් ප්‍රකට කතරගම දෙවියන් හා වල්ලි අම්මාගේ විවාහය සිහිපත් කරමින් මෙම පෙරහර මංගල්‍යය සමරන බව පැරැණ්නන් අතර පිළිගැනීමක් පවතී. 2025 පොසෙන් මස 26 වැනි දින රාත්‍රියේ සුබ මුහුර්තියෙන් ආරම්භ වූ පෙරහර, ඇසල මස 11 වැනි දින ඓතිහාසික මැණික් නදියේ දිය කැපීමේ මංගල්‍යයෙන් පසු සමාප්තියට පත්විණි.

ශ්‍රී ලාංකේය උරුමය සහ සංස්කෘතිය රැකීමට උරදෙන ඩයලොග් ආසිආටා සමාගම දීර්ඝ කාලයක් තිස්සේ කතරගම ඇසළ මහා පෙරහර ඇතුළුව, රටේ ප්‍රධාන සංස්කෘතික හා ආගමික උත්සව සඳහා සිය දායකත්වය සපයයි. ගංගාරාම නවම් මහා පෙරහර, බෞද්ධාලෝක වෙසක් කලාපය, කැලණිය දුරුතු මහා පෙරහර. ගැටබරු ඇසළ පෙරහර සඳහාද ඩයලොග් සමාගම දායකත්වය සපයයි. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ සංස්කෘතික ඉතිහාසය නඟාසිටුවීමට දායකත්වය ලබාදෙමින්, දිඹුලාගල ආරණ්‍ය සේණාසනයේ වාහල්කඩ ඉදිකිරීමේදී, අමරපුර මහා නිකායේ නිල වෙබ් අඩවිය දියත් කිරීම සහ විහාරස්ථානවල යාවත්කාලීන නාමාවලිය එළිදැක්වීමේදී හා අනුරාධපුර මහා විහාර පරිශ්‍රයේ සන්නිපාත ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමේදීද ඩයලොග් මූලිකත්වය ගෙන කටයුතු කර තිබේ.