Dialog, නවතම Power Plans සමඟින් අසමසම වාසි රැසක් පිරිනමයි
උසස් network අත්දැකිමක්, Smartphone දීමනා, Lionsgate Play සහ ViU+ සඳහා නොමිලේ subscription හා family plans සමග තවත් වාසි රැසක්ම
2025 ජූනි 20 කොළඹ

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ‘Power Plan’ Mobile පසුගෙවුම් plan තවත් වාසි එක්කරමින් upgrade කර තිබේ. Dialog පාරිභෝගිකයින්ට ඉහළම අත්දැකීමක් පිරිනැමීමේ අරමුණෙන් upgrade කළ මෙම නවතම Power Plans හරහා දැන් සුවිශේෂී වාසි රැසක්ම පාරිභෝගිකයින්ට හිමි වේ.
පාරිභෝගිකයින්ට හොඳම පසුගෙවුම් අත්දැකීමක් පිරිනමන මෙම නවතම Power Plans හරහා ජාලයට පිවිසීමේදී ඉහළම ප්‍රමුඛතාව සැලසෙන අතර, Smartphone plan දීමනාද හිමි වේ. එමෙන්ම, Lionsgate Play සහ ViU+ හරහා කැමතිම TV වැඩසටහන් බැලීම සඳහා ගාස්තු රහිත දායකත්වයද, සම්බන්ධතා 5ක් දක්වා Family Plan වාසියද මෙම ප්ලෑන්වලින් හිමිවේ. මේ සමගින් පාරිභෝගිකයින්ට හිමිවන තවත් වාසියක් නම්, Friends’ Circle විශේෂාංගයයි. ඒ හරහා මිතුරන් තිදෙනකුගෙන් යුත් Friends’ Circle සාදාගෙන Dialog වෙතින්, මාසික ගාස්තුවට ජීවිත කාලය පුරාම වට්ටම්ද ලබාගත හැකි වේ.
ඊට අමතරව, මාසයේ ඉතුරුවන ඩේටා ඊළඟ මාසයට Roll over කළ හැකි, Data Rollover පහසුකමද Power Plans සමග හිමිවන වාසියකි. තවද, පාරිභෝගිකයින්ගේ ඩේටා භාවිතයට පහසුව සලසමින් පිරිනැමෙන Data Sharing පහසුකමෙන්, ආදරණීයයන් හා Data share කිරීමේ හැකියාවද ලැබේ.
Dialog හඳුන්වා දී ඇති මෙම නවතම Power Plans වලින්, මසකට රු. 1,300 ක් (+tax) වැනි අඩු මුදලකින් ඇරඹෙන ප්ලෑන් තුනකින්, තමන්ගේ ඩේටා අවශ්‍යතාවන්ට ගැළපෙනම ප්ලෑන් එක පාරිභෝගිකයින්ට තෝරාගත හැක. ජාලයට පිවිසිමේදී ඉහළම ප්‍රමුඛතාව හිමිවන මේ ප්ලෑන් තුනෙන්ම, ඕනෑම ජාලයකට අසීමිත Calls හා SMS 1,000ක් හිමි වේ. පාරිභෝගිකයින්ගේ විනෝදාස්වාදයට මෙන්ම, ඔවුන්ට අන්තර්ජාල සම්බන්ධතාවයෙන් බලගැන්වී සිටීමට ප්‍රමාණවත් data මෙම ප්ලෑන්වලට ඇතුළත් වේ.
පාරිභෝගිකයින්ට, dialog.lk වෙබ් අඩවියට පිවිස, පහසුවෙන්ම නව සම්බන්ධතාවයක් ලබා ගැනීමට හෝ MyDialog App එක හරහා තම ප්ලෑන්, මෙම නවතම Power Plans වලට upgrade කර ගැනීමට හැක. වැඩි විස්තර සඳහා, https://www.dialog.lk/mobile/postpaid වෙත පිවිසෙන්න.