ඩයලොග්, EFC National Best Employer 2025 සම්මාන උළෙලේදී, වසරේ විශිෂ්ටතම සේවා යෝජකයින් 10 දෙනා අතර ඇගයීමට පාත්‍ර වූ වගයි
2026 පෙබරවාරි 17 කොළඹ
වමේ සිට : ඩයලොග් ආසිආටා පීඑල්සී වෙනුවෙන් එහි සේවක සබඳතා සහය කළමනාකරු සාදික් කාසිම් මහතා, මානව සම්පත් මෙහෙයුම් ප්‍රධානී ඩියනා ගම්ලත් මිය, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා, එම සමාගමේ මානව සම්පත් ව්‍යාපාරික සහයෝගිතා සහ සංස්කෘතික ප්‍රධානී කුසලිත දෙව්රුවන් මහතා, මානව සම්පත් ව්‍යාපාරික සහයෝගිතා කළමනාකාරිනී හිමාෂා කොළඹගේ මිය, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරිනී රේඛා වීරසූරිය මිය, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සේවක සම්බන්ධතා සහ සංස්කෘතික කළමනාකාරිනී ඖෂධී වේරකේ මිය සහ එම සමාගමේ සමූහ වේතන, ප්‍රතිලාභ සහ සංවිධාන සැලසුම් අංශයේ සහකාර උප සභාපති, දුමිඳු දසනායක මහතා ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ලංකා සේවා යෝජක සම්මේලනය (EFC) මගින් සංවිධානය කළ ‘National Best Employer 2025’ සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා යෝජකයින් 10 දෙනා අතර ඇගයීමට පාත්‍ර විය. මෙම ඇගයීම මගින්, ආයතනයක් ලෙස ඩයලොග් අත්පත් කරගෙන ඇති සුවිශේෂී ප්‍රගතිය පමණක් නොව, සියලු දෙනා ඇතුළත් අන්තර්කරණ රැකියා පරිසරයක් පවත්වා ගනිමින්, ඉහළ කාර්යසාධනය දිරිගන්වන රැකියා සංස්කෘතියක් බිහිකිරීම උදෙසා දක්වන අඛණ්ඩ කැපවීම මෙම ඇගයීම හරහා යළිත් වරක් පිළිබිඹු කෙරේ.
ආයතන විසින් අනුගමනය කරන නායකත්ව ක්‍රම, රැකියා සංස්කෘතිය මෙන්ම මානව සම්පත් කළමනාකරණ ක්‍රමවේද, ඉහළම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සලකා බලමින්, ලංකා සේවා යෝජක සම්මේලනය මගින් මෙම ජාතික මට්ටමේ සම්මාන උළෙල සංවිධානය කරයි. එවැනි සම්මාන උළෙලකදී, මෙරට විශිෂ්ටතම සේවා යෝජකයින් 10 දෙනා අතරට එක්වීමට ඩයලොග් ආයතනය සමත්වීමෙන් තහවුරු වන්නේ, ආයතනය විසින් විනිවිදභාවයෙන් හා මනා පාලනයෙන් යුතුව පවත්වාගෙන යන මානව සම්පත් ක්‍රියාවලියේ විශිෂ්ටත්වයයි.
ශක්තිමත් ආයතනික සංස්කෘතියක් තුළ කාර්ය මණ්ඩල සහභාගිත්වය තවදුරටත් වැඩිකර ගැනීමට කටයුතු කරන ඩයලොග් සමාගම, ඔවුන්ගේ වෘත්තීය අභිමතාර්ථ සපුරා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම උදෙසා නිරන්තරයෙන් ආයෝජන සිදුකරයි. ඒ අනුව, නායකත්ව තනතුරු වෙනුවෙන් පුහුණු කිරීමටත්, අඛණ්ඩ ඉගෙනුම් අවස්ථා සඳහාත් මුල් තැන දෙන ඩයලොග් ආයතනය, ඒ සඳහා විධිමත් පුහුණු වැඩසටහන් මෙන්ම, අධ්‍යාපනික මෘදුකාංග හරහා තම කාර්ය මණ්ඩලයේ නිපුණතා සංවර්ධනයට අවස්ථාව සලසයි. ඒ හේතුවෙන් ආයතන කාර්ය මණ්ඩලය තුළින්ම අනාගතයට උචිත කුසලතාවන්ගෙන් පිරිපුන්, වෘත්තිකයින් බිහිකිරීමට ඩයලොග් සමත්ව සිටියි.
මෙම සුවිශේෂී ඇගයීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරිනි රේඛා වීරසූරිය මහත්මිය සඳහන් කළේ මෙලෙසයි. "ඩයලොග් ආයතනයේ අපි විශ්වාස කරන්නේ, ආයතනයක ශක්තිමත් කාර්ය සාධනයේ පදනම, එහි ප්‍රබල ආයතනික සංස්කෘතිය බවයි. ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා යෝජකයින් 10 දෙනා අතරේ මෙලෙස ඇගයීමට පාත්‍ර වීම තුළින්, සේවකයින් අගය කරමින් ඔවුන්ට සහයෝගය දක්වන මෙන්ම ඔවුන්ව සවිබල ගන්වන රැකියා පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අපේ වගකීම, තවදුරටත් තහවුරු වෙනවා. අපි කැප වී සිටින්නේ, ආයතනයක් ලෙස සාර්ථකත්වය කරා යන ගමනේදී, අපගේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් සාධාරණ මෙන්ම සම අවස්ථා උදාකරමින්, ඔවුන්ගේ දීර්ඝකාලීන වර්ධනය සහතික කිරීමට අවශ්‍ය පදනම තවදුරටත් ශක්තිමත් කිරීමටයි.”
ආයතනයේ මෙහෙයුම් කටයුතුවලදී, පැහැදිලි මානව සම්පත් ක්‍රමවේද මෙන්ම නායකත්ව ප්‍රවේශයන් අනුගමනය කරමින් තම සේවක මණ්ඩලය සවිබල ගන්වන ඩයලොග්, මෙරට ප්‍රමුඛතම සේවා යෝජක සන්නාමය ලෙස අඛණ්ඩව කටයුතු කරයි.