Body

Customer Centricity World Series Awards 2025 සම්මාන උළෙලේදී, පාරිභෝගික අත්දැකීම් සඳහා වන ලොව හොඳම ප්‍රමිතිය උදෙසා ඩයලොග් සම්මානයට පාත්‍ර වූ වගයි

තවත් APAC කලාපීය සම්මාන 3 ක් හිමි වේ

2025 ඔක්‌‌තෝබර් 16         කොළඹ

 

Dialog Customers Contribute to Little Hearts

ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, Customer Centricity World Series Awards (CCWS) සම්මාන උළෙලේදී සම්මාන 4 කින් පිදුම් ලැබීය. එම උළෙලේදී, පාරිභෝගික අත්දැකීම් සඳහා වන ලොව හොඳම ප්‍රමිතිය උදෙසා ඩයලොග් සම්මානයට පාත්‍ර වූ අතර, APAC කලාපීය සම්මාන 3 ක්ද හිමිකර ගැනීමටද සමත් විණි. පාරිභෝගිකයින්ට වඩාත් උසස් අත්දැකීම් පිරිනැමීම සඳහා සිදුකරන පුරෝගාමී කාර්යභාරය හා සෑම අතින්ම විශිෂ්ටත්වය උදෙසා වූ නොසැලෙන කැපවීම තහවුරු කරමින්, ඉකුත්දා ඩුබායි හි පැවති මෙම සම්මාන උළෙලේදී, ඩයලොග් වෙත මෙම සම්මාන ප්‍රදානය කෙරිණි.

ගෝලීය විශිෂ්ටත්වය සම්මානයට පාත්‍ර කරමින්, මෙවර හය වැනි වරටත් පැවති සම්මාන උළෙල, ARCET Global විසින් සංවිධානය කරන ලද්දකි. ලොව පුරා පාරිභෝගිකයින්‌ගේ හා ආයතනික කාර්ය මණ්ඩල අත්දැකීම් විධිමත් කිරීම සඳහා ආයතන විසින් අනුගමනය කරන නවතම ප්‍රමිතීන් අගයමින් මෙම සම්මාන උළෙල වසරක් පාසා පැවැත්වේ. මෙවර උළෙලේදී සම්මාන 4 කින් පිදුම් ලබමින් සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර ගැනීමට ඩයලොග් සමත් විය. ඒ අනුව, පාරිභෝගික අත්දැකීම් සම්බන්ධ ලොව හොඳම ප්‍රමිතිය සඳහා වන ජාත්‍යන්තර සම්මානය හිමිකර ගත් ඩයලොග් වෙත එහි APAC කලාපීය සම්මානයද හිමි විය. එම සම්මාන දෙකට අමතරව, පාරිභෝගික අත්දැකීම් සම්බන්ධ හොඳම ක්‍රමවේදය (APAC කලාපීය සම්මානය) සහ පාරිභෝගික දැක්ම හා අදහස් -VoC (APAC කලාපීය සම්මානය) යන සම්මාන ඩයලොග් වෙත හිමි විය. එම උළෙලේදී මෙලෙස සම්මාන 4 කින් පිදුම් ලැබීමට ඩයලොග් වෙත හැකිවීම, පාරිභෝගිකයින් කේන්ද්‍රකර ගත් සෑම අතින්ම උසස් සේවාවක් පිරිනැමීම උදෙසා සමාගමේ කැපවීම අවධාරණය කෙරේ. ඒ අනුව, නිරන්තරයෙන් පාරිභෝගික අදහස් කෙරෙහි අවධානය යොමු කරමින්, නවෝත්පාදන ඇතුළත් සේවාවක් සමගින් ඔවුන්ට ඉහළම වටිනාකම් අත්කර දීමේ ඩයලොග් අධිෂ්ඨානය එම සම්මාන උළෙලේදී එලෙසින් ඇගයීමට පාත්‍ර කෙරිණි.

“මේ සම්මානයත් සමගින්, වඩාත් උසස් පාරිභෝගික අත්දැකීම් පිරිනැමීම තුළින් ලොව හොඳම සමාගම් අතර පිළිගැනීමට පාත්‍රවීම අපට ඇත්තටම ගෞරවයක්. අප කරන සෑම කටයුත්තකදීම පාරිභෝගිකයින් මුල්තැන තබා කටයුතු කරන අපගේ කාර්ය මණ්ඩලයේ මෙන්ම අප හා අත්වැල් බැඳගත් ආයතනවල නොසැලෙන කැපවීමට මෙම සම්මාන උපහාරයක්. ඩයලොග් හි අපට, පාරිභෝගිකයින් කේන්ද්‍ර කරගත් සේවාවක් පිරිනැමීම, භාවිතයෙන් එහාට ගිය දෙයක්. එය අපේ ආයතනික සංස්කෘතියට කාවැදී තිබෙන අතර, අපේ අරමුණ වන්නේත් එයයි. ඒ හරහා අපි කැප වන්නේ, ශ්‍රී ලාංකික ජන ජීවිත සරුසාර කර සවිබල ගැන්වීමටයි. ඒ වගේම ඔවුන්ගේ දෛනික අත්දැකීම අර්ථවත් කිරීමටයි. මෙම සම්මාන ඩයලොග් වෙත හිමිවීම තුළින් අපගේ එම කැපවීම තවත් තහවුරු කෙරෙනවා.” ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන පාරිභෝගික නිලධාරිනී සැන්ඩ්‍රා ද සොයිසා මහත්මිය සඳහන් කළේ එසේයි.

Customer Centricity World Series Awards (CCWS) උළෙලේදී ඩයලොග් වෙත හිමි වූ සම්මානයෙන් තහවුරු කෙරෙන කරුණක් වෙයි. එනම්, වඩාත් උසස් පාරිභෝගික අත්දැකීම් පිරිනැමීම සඳහා ඉහළම ප්‍රමිතීන් සකස් කරමින්, ඩයලොග් ශ්‍රී ලංකාවේ පමණක් නොව, ආසියා කලාපය පුරා පුරෝගාමී මෙහෙවරක නියැළෙන බවයි. ඒ සඳහා සමාගම දක්වන අඛණ්ඩ නායකත්වය සමගින් ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වසනීය සන්නාමය මෙන්ම, පාරිභෝගික කේන්ද්‍රීය සන්නාමය ලෙස වන කාර්යභාරයද මෙම සම්මාන මගින් තවත් ශක්තිමත් වේ.