பொருள் விரிவாக்கம்

Dialog Television, මෙවරත් Raigam Tele’s 2025 සම්මාන උළෙල හා අත්වැල් බැඳගනිමින්, ශ්‍රී ලාංකේය කලා කෙතේ විශිෂ්ටත්වය සමරයි

2026 මාර්තු 31         කොළඹ

 

වමේ සිට - ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ නිෂ්පාදන කළමනාකරු - වෙළෙඳ දැන්වීම්, මාධ්‍ය ව්‍යාපාර යමිත් අනුරාධ මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ව්‍යාපාර ප්‍රධානී - මාධ්‍ය සහ නිවාස, පුබුදු අලුත්ගෙදර මහතා, රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගි වූ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා සහ රයිගම් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ කිෂාන් රෝහණ තියඩෝර් මහතා ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ශ්‍රී ලාංකේය කලා කෙතේ විශිෂ්ටයන් ඇගයීමට පාත්‍ර කරන මෙරට ප්‍රමුඛ පෙළේ සම්මාන උළෙලක් වන, අභිමානවත් Raigam Tele’s 2025 සම්මාන උළෙල හා මෙවරත් සාඩම්බරයෙන් එක් වූ වග සතුටින් දැනුම් දෙනු ලැබීය. එම උළෙල හා අඛණ්ඩව අත්වැල් බැඳගැනීමත් සමගින්, Dialog Television, මෙවර සිව්වැනි වරටත් එහි නිර්දේශිත නාම ප්‍රසිද්ධ කිරීමේ උ‌ළෙලෙහි පූර්ණ අනුග්‍රාහකයා ලෙසත්, Raigam Tele’s 2025 අවසන් මහා සම්මාන උළෙලේ නිල Pay-TV සහකරු ලෙසත් ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් කේෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කරනු ලැබීය.

ගෙවුණු වසරේ මෙරට ටෙලිවිෂන් කේෂේත්‍රයේ තම අසහාය කුසලතා ප්‍රදර්ශනය කළ කලාකරුවන් සහ ශිල්පීන් සම්මානයට පාත්‍ර කරමින් මෙම සම්මාන උළෙල පැවැත්වුණේ, මෙරට ප්‍රවීණ කලාකරුවන්ගේ, ජනමාධ්‍යවේදීන්ගේ මෙන්ම, ඒ හා අත්වැල් බැඳගත් ප්‍රම්‍රඛ පෙළේ ආයතනවලද සහභාගිත්වයෙනි.

Dialog Television පූර්ණ අනුග්‍රහයෙන් ඉකුත් 27 වැනිදා පැවැත්වුණු නිර්දේශිත නාම ප්‍රසිද්ධ කිරීමේ උළෙල නිවසේ සිට සජීවීව නැරඹීමේ අවස්ථාව, සියලු ශ්‍රී ලාංකිකයින් වෙත උදාකර දී තිබිණි. ඒ අනුව, Dialog Television හි Channel One නාලිකාවෙන් හා එහි Facebook පිටුව හරහා මෙන්ම, දිවයින පුරාම ප්‍රේක්ෂකයින්ට Dialog Play හරහා තම ජංගම දුරකතනය හරහා උළෙලෙහි අසිරිය විඳගැනීමට පහසුකම් සලසා දෙනු ලැබිණි. නිර්දේශිත නාම ප්‍රසිද්ධ කිරීමේ එම උළෙලෙන් අනතුරුව, මාර්තු 28 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී අභිමානවත් Raigam Tele’s සම්මාන රාත්‍රිය පැවත්විණී. එහි නිල Pay-TV සහකරු ලෙස අත්වැල් බැඳගත් Dialog Television, එම සම්මාන රාත්‍රියේ අසිරිය ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින් වෙත සමීප කරමින්, රූපවාහිනියෙන් හා ඩිජිටල් ක්‍රම හරහා එය නැරඹීමේ අවස්ථාව උදාකරනු ලැබිය.

මෙම අභිමානවත් සම්මාන උළෙල හා අත්වැල් බැඳගත් ඩයලොග්, සම්මාන උළෙල පරිශ්‍රයේ ප්‍රචාරණ කටයුතු, නිර්දේශිත නම් පිළිබඳ ප්‍රචාරණයන් මෙන්ම, සම්මාන උළෙලේ කටයුතු තම ඩිජිටල් platforms හරහා සියලු ශ්‍රී ලාංකිකයින් වෙත දැකබලා ගැනීමට සලස්වමින්, ප්‍රේක්ෂකයින්ගේ ටෙලිවිෂන් රසාස්වාදය ඔවුන් වෙත තවත් සමීප කිරීමට සමත් විය.

ශ්‍රි ලාංකීය ප්‍රේක්ෂකයින් වෙත සිනමා, ටෙලිනාට්‍ය, ක්‍රීඩා, සංගීත මෙන්ම විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඔවුන්ගේ දැනුවත්භාවය වැඩි කරන දෙස් විදෙස් වැඩසටහන් රැසක් සමීප කරන Dialog Television දැන්, රූපවාහිනිය ඔස්සේ මෙන්ම Dialog Play ඇතුළු ඩිජිටල් ක්‍රම හරහාද එම වැඩසටහන් නැරඹීමේ පහසුව සලසා තිබේ.