Dialog Television, ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ට, පැය 50,000 කට වැඩි නැරඹුම් කාලයක් සමගින් හොඳම ජාත්‍යන්තර විනෝදාස්වාද අත්දැකීමක් පිරිනැමීමට, Sony LIV හා අත්වැල් බැඳ ගනියි
2025 ඔක්‌තෝබර් 17 (කොළඹ)

ශ්‍රී ලංකාවේ අංක 1, Pay-TV සේවා සම්පාදකයා වන Dialog Television, ලොව ප්‍රමුඛතම Sony LIV, Streaming Platform එක හා අත්වැල් බැඳ ගනිමින් පැය 50,000 කට වැඩි නැරඹුම් කාලයකින් යුතුව වීඩියෝ නැරඹිය හැකි, කලාපයේ විශාලතම Video-on-demand එකතුවලින් එකක් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් වෙත ගෙන එයි. ඒ අනුව, දැන් පාරිභෝගිකයින්ට Dialog ViU + වෙත පිවිසිය හැකි උපාංග (ViU Hub, ViU Mini) හා ViU+ App හරහා කිසිදු බාධාවකින් තොරව, දැරිය හැකි මිලට Sony LIV හි වීඩියෝ අන්තර්ගතයන් නැරඹීමේ හැකියාව ඇත. ඒ හරහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ ඩිජිටල් රසාස්වාදය ඉහළ නැංවීමට Dialog Television දක්වන කැපවීම, මෙම සුවිශේෂී සන්ධිස්ථානය තුළින් විදහා දැක්වේ.
දැන් සියලුම Dialog Television පාරිභෝගිකයන්ට බදු ඇතුළත්ව මසකට රු. 499 ක් තරම්, පහසුවෙන් දැරිය හැකි මිලකට Sony LIV අත්දැකීමට එක්විය හැක. මේ හරහා Hollywood චිත්‍රපට, Sony LIV Originals. ජාත්‍යන්තර චිත්‍රපට, ඉහළ ශ්‍රේණිගත කිරීම් සහිත රූපවාහිනී කතා මාලා මෙන්ම ක්‍රිකට් සහ UEFA පාපන්දු වැනි ප්‍රමුඛතම සජීවී ක්‍රීඩා ඉසව් ඇතුළුව විවිධ වැඩසටහන් නැරඹීමට හැක. Dialog Television, Gold පාරිභෝගිකයන්ට පිරිනැමෙන සුවිශේෂී වරප්‍රසාදයක් ලෙසින් ඔවුන්ට මෙම ඩිජිටල් රසාස්වාද අත්දැකීම සමගින් නොමිලේ එක්විය හැක. එමෙන්ම, පාරිභෝගිකයින්ට Dialog ViU + වෙත පිවිසිය හැකි TV, Set-Top Box, ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට් පරිගණක මගින් කිසිදු බාධාවකින් තොරව එම විනෝදාස්වාද අත්දැකීම ලබාගත හැක. ඒ හැරුණු විට, ඩොලරය ඉහළ යාම හමුවේ, පාරිභෝගිකයින් අපහසුතාවයට පත් නොවන පරිදි ස්ථාවර මාසික බිල්පතකට අනුව ගෙවීමේ පහසුවද පවතී. වැඩසටහනෙන් වැඩසටහනට මුදල් ගෙවා නැරඹීමේ සාම්ප්‍රදායික ගෙවීමේ ක්‍රමයෙන් වෙනස්ව, SVOD ක්‍රමයට, වරක් Subscribe කිරීමෙන්, මෙම Platform එකේ වැඩසටහන් සියල්ල, පාරිභෝගිකයින්ට වඩාත් පහසුවෙන් හා ලාබදායී ලෙස නැරඹිය හැකි වීමද විශේෂත්වයකි.
SonyLIV, Lionsgate Play වැනි ඉහළම පෙළේ ජාත්‍යන්තර වැඩසටහන් විකාශය කෙරෙන Streaming platforms එකම තැනකින් නැරඹීමට හැකියාව සලසන Dialog ViU+, ඒ හරහා ලාංකික ප්‍රේක්ෂකයින් සුවිශේෂී විනෝදාස්වාද අත්දැකීමක් කරා කැඳවාගෙන යයි. Sony LIV හි Video-on-demand වීඩියෝ එකතුව පාරිභෝගිකයින්ට පහසු මිලකට ලබා දෙන Dialog, ඒ හරහා, දියුණු රටවල ප්‍රේක්ෂකයින් නරඹන, මෙරට ප්‍රේක්ෂකයින් කැමති වීඩියෝ අන්තර්ගතයන් පිරිනමමින් වඩාත් උසස් ඩිජිටල් විනෝදාස්වාද අත්දැකීමක් සඳහා අවස්ථාව උදාකරයි. එමෙන්ම, දිනෙන් දින පුළුල් වන මෙම වීඩියෝ එකතුව, Dialog ViU + හරහා පහසුවෙන්ම නැරඹිය හැකි අතර, එමගින් ශ්‍රී ලාංකිකයින්ට අසමසම පහසුවකින්, වැඩි අන්තර්ගතයන් ප්‍රමාණයකින් කැමති විඩියෝ තෝරා ගැනීමේ අවස්ථාවද Dialog උදාකරයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලිම් ලී සාන් මහත්මිය මෙලෙස අදහස් දැක්වූවාය. “Sony LIV සමඟ අපගේ සහයෝගීතාවය තුළින් ජාත්‍යන්තර මට්ටමේ විනෝදාස්වාදය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් වෙත වඩාත් පහසුවෙන් ලබාදෙමින්, අපි නව පරිච්ඡේදයක් සනිටුහන් කරනවා. මෙම පියවර මගින් පිළිබිඹු වන්නේ දැරිය හැකි මිලට, සියලු පාරිභෝගිකයින්ට වඩාත් උසස් අන්තර්ගතයන් වෙත පිවිසීමට හැකියාව සලසමින්, ඉහළම මට්ටමේ ඩිජිටල් සේවාවන් පිරිනැමීමට අප තුළ පවතින අඛණ්ඩ කැපවීමයි. එය, Dialog ViU + සමග බාධාවකින් තොරව ඒකාබද්ධ කිරීම හරහා පාරිභෝගිකයින්ට ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට හොඳම ජාත්‍යන්තර වැඩසටහන් නැරඹීමට ඉඩ සලසමින් ඔවුන් බලගැන්වීමට හැකිවීම අපට ආඩම්බරයට කරුණක්.”
මෙම සහයෝගිතාවය පිළිබඳව, Sony LIV හි වර්ධන සහ මුදල් ඉපැයීම් අංශ ප්‍රධානී මනීෂ් අගර්වාල් මහතා අදහස් දැක්වූයේ මෙලෙසයි. “ශ්‍රී ලංකාවේ Sony LIV හි පැවැත්ම පුළුල් කිරීම සඳහා Dialog සමඟ අප ඇතිකර ගත් මෙම සහයෝගීතාවය වැදගත් පියවරක්. මේ තුළින්, Dialog සතු ශක්තිමත් විකාශන ජාලය සමගින් අපගේ ගුණාත්මක වීඩියෝ අන්තර්ගතයන් රාශිය එක් කෙරෙනවා. ඒ හරහා, ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ට දැරිය හැකි මිලට, පහසුවෙන් වීඩියෝ අන්තර්ගතයන් නැරඹීමට අවස්ථාව උදාකරමින් ඔවුන්ට සුවිශේෂී වටිනාකම් පිරිනමන අතරෙහි, ජාත්‍යන්තර මට්ටමේ විනෝදාස්වාද අත්දැකීමක් පිරිනැමීමට අපි කැප වනවා.”