Doc990 සහ Allianz Insurance Lanka එක්ව, සෞඛ්‍ය සේවාවන් ලබාගැනීම වඩාත් පහසු කරමින් OPD Wallet හඳුන්වා දෙයි
2025 අගෝස්තු 14 කොළඹ

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී අනුබද්ධ Digital Health (Pvt) Ltd (Doc990) සහ Allianz Insurance Lanka Ltd එක්ව, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට රක්ෂණ සේවා ඒකාබද්ධ කෙරෙන සහයෝගිතාවයේ නවතම අදියරක් සනිටුහන් කරමින්, OPD Wallet හඳුන්වා දේ. Allianz පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් හා වේගවත්ව සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට හැකියාව සලසන මෙම පෙරළිකාර හඳුන්වාදීම තුළින්, සෞඛ්‍ය සේවාවන් වෙත පිවිසීම අන්කවරදාටත් වඩා සරල අත්දැකීමක් බවට පත්කරයි.
Allianz සෞඛ්‍ය රක්ෂණ හිමියන්ට මෙම OPD Wallet එක හරහා, දැන් Doc990 ඔස්සේ වඩාත් පහසුවෙන් වෛද්‍යවරුන් චැනල් කිරීමට හැකි අතර ඒ සඳහා වැයවන ගාස්තු OPD රක්ෂණ ප්‍රතිලාභ හරහා ස්වයංක්‍රීයව පියවේ. එවිට රක්ෂණ හිමියාට වෛද්‍ය ගාස්තු ගෙවීම සඳහා මුදල් ප්‍රතිපූර්ණයක් අයදුම් කිරීම අවශ්‍ය නොවන අතර, මෙම ස්වයංක්‍රීය මුදල් ගෙවීමේ පහසුකම මගින් ඔවුන්ට ඉතාම පහසු සෞඛ්‍ය සේවා අත්දැකීමක් හිමි වේ. එපමණක් නොව, සෞඛ්‍ය සේවාවේ වටිනාකම තවත් ඉහළ නංවන මෙම නවතම හඳුන්වාදීම මගින්, Doc990 හරහා වෛද්‍යවරුන් චැනල් කිරීමේ ගාස්තු සඳහා 35%ක වට්ටමක්ද ලබා දේ.
Digital Health (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී ජනිත් පීරිස් මහතා මේ පිළිබඳව අදහස් දැක්විය. “සෞඛ්‍ය සේවාවන් සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය සේවාව ලෙසින් මෙය හඳුන්වාදීමේ අපගේ අරමුණ වන්නේ, වඩාත් උසස් සෞඛ්‍ය සේවාවක් පහසුවෙන් ලබාගැනීම සඳහා සෑම ශ්‍රී ලාංකිකයකුටම හැකියාව සැලසීමයි. මෙය Allianz සමඟ අප ඇති කරගත් පුළුල් සහයෝගිතාවයේ තවත් ඉදිරි පියවරක් වන අතර, රක්ෂණ හිමියන්ට සරල, ඒකාබද්ධ සහ සම්බන්ධිත ඩිජිටල් සෞඛ්‍ය සේවා අත්දැකීමක් ලබාදීමට මෙය ඉවහල් වේ.”
Doc990 සහ Allianz Insurance Lanka එක්ව, පාරිභෝගිකයින්ට සෞඛ්‍ය සේවාවන් සඳහා වැඩි වැඩියෙන් පහසුකම් ලබාදෙන අතරෙහි, සෞඛ්‍ය රක්ෂණාවරණය සලසන නවතම ස්මාර්ට් විසඳුම් මෙලෙස හඳුන්වා දෙමින්, සෞඛ්‍ය සහ රක්ෂණ යන ක්ෂේත්‍ර දෙකෙහිම ඉදිරි ගමන්මග සනිටුහන් කරයි. මෙරට සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමේ හැකියාව වැඩි කරන නවෝත්පාදන, පහසු මිලට අඛණ්ඩව ගෙනඒමේ පොදු අරමුණ සාක්ෂාත් කරගැනීමට ආයතන දෙකේම පොදු අරමුණ, මෙම ඉදිරිගාමි නවෝත්පාදනය මගින් විද්‍යමාන වේ.