Doc990 සේවාව වවුනියාවේ Abishaa Hospital හා අත්වැල් බැඳගනිමින්, උතුරු පළාතට ව්‍යාප්ත වෙයි
2026 ජනවාරි 12 කොළඹ
වමේ සිට: අබිෂා රෝහලේ කාර්ය මණ්ඩල සාමාජික ආර්. ක්‍රිෂ්ණරූබි මිය, Abishaa Hospital හි කාර්ය මණ්ඩල සාමාජික එම්. තුර්ක්කා මිය, Digital Health Pvt Ltd හි තොරතුරු තාක්ෂණ මෙහෙයුම් අංශයේ සහකාර කළමනාකරු, චාමන්රාජ් ආරියහරන් මහතා, Abishaa Hospital හි අධ්‍යක්ෂ, වෛද්‍ය සිවප්‍රකාශන් සිවමෝහන් මහතා, Digital Health Pvt Ltd හි ව්‍යාපාර සංවර්ධන අංශයේ කණ්ඩායම් නායක දර්ශන් රොබට් මහතා, Digital Health Pvt Ltd හි ව්‍යාපාර සංවර්ධන අංශයේ ජ්‍යෙෂ්ඨ ගිණුම් කළමනාකරු, දේවේන්ද්‍රන් රොෂාන් මහතා, Digital Health Pvt Ltd හි ව්‍යාපාර සංවර්ධන අංශයේ කළමනාකරණ ආධුනික, ගගනක කල්හාර මහතා ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී අනුබද්ධ Digital Health Pvt Ltd මගින් ක්‍රියාත්මක කරන Doc990 සේවාව දැන් වවුනියාවේ Abishaa Hospital සමඟ අත්වැල් බැඳගනිමින්, උතුරු පළාත දක්වා ව්‍යාප්ත කර තිබේ. කොළඹින් දුර බැහැර ප්‍රදේශවල ජනතාවටද ඩිජිටල් තාක්ෂණය හරහා ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් පහසුවෙන් ලබාගැනීමට හැකියාව සලසමින් මෙලෙස Doc990 සමගින් Abishaa Hospital හි සේවාවන් ඒකාබද්ධ කිරීම, Doc990 වෙතින් ශ්‍රී ලාංකිකයින් උදෙසා කරන මෙහෙවරෙහි තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සනිටුහන්වේ.
මෙම නවතම සහයෝගීතාවයත් සමඟින් දැන් වවුනියාව සහ ඒ අවට ජනතාවට තම සෞඛ්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නව මාවතක් විවර වී ඇත. ඒ අනුව, Doc990 සේවාව ඔස්සේ Abishaa Hospital හි වෛද්‍යවරුන් චැනල් කිරීම ඉතා සරල මෙන්ම පහසු ක්‍රියාවලියක් බවට පත්වේ. වෛද්‍යවරයා චැනල් කිරීමේ පටන් ප්‍රතිකාර ලබාගැනීම දක්වා වූ සමස්ත ක්‍රියාවලියම ඩිජිටල් තාක්ෂණය හරහා පහසුවෙන් කරගැනීමට හැකියාව සැලසීම තුළින්, රෝගීන්ට වඩාත් විනිවිදභාවයකින් යුත්, කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් අත්විඳීමට අවස්ථාව සැලසේ.
Doc990 ජාලය සමගින් Abishaa Hospital ඒකාබද්ධ කරමින් ගනු ලැබූ මෙම සුවිශේෂී පියවර තුළින්, මෙරට ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය සේවාව ලෙස Doc990 සේවාව සතු ශක්තිමත් පැවැත්ම තවදුරටත් තහවුරු කෙරේ. ශ්‍රී ලාංකිකයින්ට ඩිජිටල් සෞඛ්‍ය සේවාවන් වෙත පහසුවෙන්ම පිවිසීමට හැකි පරිදි රෝගීන්, වෛද්‍යවරුන් සහ රෝහල් පද්ධතිය ඒකාබද්ධ කරන මෙම සේවාව මගින්, සියලු ශ්‍රී ලාංකිකයින් හට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට Doc990 සේවාව දරන ප්‍රයත්නය විදහා දැක්වේ.