Body

ඩයලොග්, මෙවරත් කැලණිය දුරුතු මහා පෙරහැරට අනුග්‍රහය දක්වමින්, මෙරට සංස්කෘතික සම්ප්‍රදායන් සුරුකීම වෙනුවෙන් කැපවෙයි

2026 ජනවාරි 12         කොළඹ

 

ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා මෙන්ම කීර්තිමත් කැලණිය දුරුතු මහා පෙරහැරේ දිගු කාලීන අනුග්‍රාහකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ඓතිහාසික ශ්‍රී ලංකා ආගමනයේදී උන්වහන්සේගේ වැඩම කිරීම සමරමින් පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ දැවැන්තම සංස්කෘතික හා සම්ප්‍රදායික පහතරට සංදර්ශනය වන එම පෙරහැරට මෙවරත් සිය දායකත්වය ලබාදුන්නේය. ලෝක ප්‍රකට දුරුතු මහා පෙරහැර 2026 ජනවාරි මස 08, 09 සහ 11 යන දිනවල ඓතිහාසික කැලණිය රජ මහා විහාර පරිශ්‍රයේදී පැවැත්විණි.

ශ්‍රී ලාංකේය උරුමය සහ සංස්කෘතිය රැකීමට දීර්ඝ කාලීනව උරදෙන ප්‍රධාන දායකයෙකු ලෙස, දහස් සංඛාත බැතුමතුන්ගේ සහභාගිත්වයෙන් කැලණිය දුරුතු මහ පෙරහර අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීම සඳහා වාර්ෂිකව සිය දායකත්වය ලබාදෙන ඩයලොග් සමාගම, මෙරට සංස්කෘතික අනන්‍යතාවය හා බැඳුණු සම්ප්‍රදායන් සුරැකීම වෙනුවෙන් අඛණ්ඩව කැපවෙයි. ඒ අනුව, මහනුවර ඇසළ පෙරහැර, ගංගාරාම නවම් මහා පෙරහැර, කතරගම ඇසළ පෙරහර හා ගැටබරු ඇසළ පෙරහර ඇතුළු සංස්කෘතික හා ආගමික උත්සව සඳහාද දීර්ඝ කාලයක් මුළුල්ලේ සිය අනුග්‍රාහකත්වය සපයයි.

ශ්‍රී ලාංකික සම්ප්‍රදායන් හා උරුමයන් සුරකිමින්, ඉදිරි පරම්පරාවන් වෙත ඒවා දායාද කිරීමේ ආයතනික ආකල්පයන්ට අනුකූලව ඩයලොග් විසින් මෙම කර්තව්‍යයන් සිදු කරනු ලබන අතර, විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ සංස්කෘතික ඉතිහාසය නඟාසිටුවීමට දායකත්වය ලබාදෙමින්, දිඹුලාගල ආරණ්‍ය සේණාසනයේ වාහල්කඩ ඉදිකිරීමේදී, අමරපුර මහා නිකායේ නිල වෙබ් අඩවිය දියත් කිරීම සහ විහාරස්ථානවල යාවත්කාලීන නාමාවලිය එළිදැක්වීමේදී හා අනුරාධපුර මහා විහාර පරිශ්‍රයේ සන්නිපාත ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමේදීද ඩයලොග් මූලිකත්වය ගෙන කටයුතු කර තිබේ.