Body

Dialog AI, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වඩාත් බුද්ධිමත් වර්ධනයක් සඳහා සවිබල ගන්වයි

2025 ඔක්‌‌තෝබර් 1         කොළඹ

 

Dialog Customers Contribute to Little Hearts

ශ්‍රී ලාංකීය ආර්ථිකයේ ජීවනාලිය ලෙසින් මෙරට ව්‍යාපාරවලින් වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන්නේ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SMEs) අංශයයි. එම අංශය හමුවේ පවතින ප්‍රධාන ගැටලුවක් නම්, ඔවුන්ටම ගැළපෙන ඩිජිටල් සේවාවන් හා Apps භාවිත කිරීමට ඇති ඉඩකඩ සිමා‌ සහිත වීමයි. එවැනි ඩිජිටල් මෙවලම්වලින් වැඩි ප්‍රමාණය, ඉංග්‍රීසි භාෂාව කතාකරන ව්‍යවසායකයින් සඳහා පහසු වන පරිදි විශේෂයෙන්ම සකස් කර ඇති නිසා ඩිජිටල් මෙවලම් භාවිත කිරීම, මෙර‌ට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හමුවේ සැබැවින්ම අභියෝගයක්ව ලෙසින් පවතී. එම අභියෝගය ජය ගනිමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට භාෂා තුනෙන්ම සහය සලසන platform එකක් වන, Dialog AI හඳුන්වාදෙනු ලැබුවේ, සියලුම ඩයලොග් පාරිභෝගිකයින්ට Data ගාස්තුවලින් තොරව නොමිලේ භාවිත කිරීමේ පහසුවද සලසමිනි.

මේ වන විට AI මෙවලම් ලෙසින් සහය ලබාගත හැකි ජාත්‍යන්තර වශයෙන් භාවිත වන Large Language Models - LLMs ආකෘතියේ platforms මෙන් නොව, Dialog AI, ශ්‍රී ලාංකික පරිශීලකයින් සඳහාම විශේෂයෙන්ම සකස් කරන ලද, ඩිජිටල් platform එකකි. ඒ හේතුවෙන්, වෙනත් ඕනෑම ඩිජිටල් මෙවලමකට වඩා පහසුවෙන් සිංහල හා දෙමළ භාෂාවලින් ඕනෑම ගැටලුවක් සම්බන්ධයෙන් පැහැදිලිව හා නිරවුල්ව ප්‍රතිචාර දැක්වීමටද Dialog AI වෙත හැකියාව පවතී. ඒ අනුව, ව්‍යවසායකයින්ට, සිංහලෙන් අවශ්‍ය අලෙවි සැලැස්මක් හෝ දෙමළෙන් අවශ්‍ය කොන්ත්‍රාත් ගිවිසුමක් හෝ වෘත්තීමය වශයෙන් ලියාගැනීමට, සාමාන්‍යයෙන් තමන් කතාබහ කරන භාෂාවෙන් හෝ Dialog AI එකට Prompt ලබාදිය හැක.

මේ හරහා අසමසම පහසුවෙන් තම කටයුතු සිදුකර ගත හැකි නිසාම, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට, එමගින් සිදුකරනා සෑම කටයුත්තකින්ම ඉහළම වාසි අත් කර ගත හැක. ඉන් සේවා දායකයින්ගේ ප්‍රතිචාර, සැපයුම් ගිවිසුම් මෙන්ම ඕනෑම ලේඛනයක් පරිවර්තනය කිරීමටද හැකි අතර, සේවා සපයන ආයතන හා වෙළෙඳ සල් හිමිකරුවන්ට, ඔවුන් කතා කරන භාෂාවෙන්ම සහය ඉල්ලා සිටිය හැක. එමෙන්ම, වෙළෙඳ සල් හිමියන්ට භාෂා දෙකෙන්ම අවශ්‍ය වන පත්‍රිකා මෙන්ම සිත් ඇදගන්නා අන්දමේ සමාජ මාධ්‍ය පෝස්ට් නිර්මාණය කර ගැනීමටද Dialog AI භාවිත කළ හැක. එපමණක් නොව, උත්සවශාලා හා ආපනශාලාවලට අවශ්‍ය මෙනුපත් හා, ප්‍රවර්ධන වැඩසටහන් සකස් කිරීමද, ප්‍රචාරණ වැඩසටහන් සඳහා තේමා හා ශීර්ෂ පාඨ සකස් කිරීමද, Dialog AI මගින් කඩිනමින් සිදුකර ගත හැකි වේ. ඔවුන්ගේ ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු සඳහා අත්‍යවශ්‍ය Invoice හා Cash flow ආකෘති පමණක් නොව, රජයේ දීර්ඝ චක්‍රලේඛ, ටෙන්ඩර් ලියකියවිලි ආදී ඕනෑම ලේඛනයක් සකස් කිරීමේදී, Dialog AI මගින් ඒ සියලු කාර්යයන් සිදුකර ගත හැකි වේ. ඒ නිසාම, AI සහයෙන් මනා සන්නිවේදනයක් පවත්වා ගැනීමෙන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තම ගනුදෙනුකරුවන් පිරිසද සුවිශාල ලෙස වැඩිකර ගත හැක.

එපමණක් නොව, දැන් Dialog AI හේතුවෙන්, බාහිර ආයතනයක් හරහා සේවාවන් ලබාගැනීම අවශ්‍ය නොවන අතර, එවැනි සේවාවන් සඳහා මුදල් වැය කිරීමට අපහසු, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට විශ්වාසදායි AI සහකරු ලෙස Dialog AI, ප්‍රායෝගික සහය ලබාදෙයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තම මව් භාෂාවෙන් පහසුවෙන්ම සහය ලබාගැනීමට හැකියාව සැලසීමෙන්, AI තාක්ෂණය හරහා සිදුකරන බලපෑමට නොදෙවැනි බලපෑමක්ද ඉන් සමාජයට සිදුකරයි. ඒ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වැඩිදෙනා ඉංග්‍රීසි භාෂාවෙන් ව්‍යාපාර කටයුතු මෙහෙයවීම සඳහා එම භාෂාවෙන් අධ්‍යාපනය හදාරා නොමැති බැවිනි. එසේ වුවත්, නවෝත්පාදන හැකියාවෙන් හා ඔරොත්තු දී‌මේ ශක්තිය මෙන්ම ව්‍යාපාර පවත්වාගෙන යාම අතින්ද ඔවුන් තුළ පවතින්නේ සුළුපටු ශක්තියක් නොවේ. දැන් සිංහල දෙමළ හා මිශ්‍ර භාෂාවෙන් ප්‍රතිචාර දැක්වීමට සමත් Dialog AI මගින් වඩාත් උසස් AI තාක්ෂණික හැකියාවෙන්, ශ්‍රී ලාංකීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බලගන්වමින්, ඔවුන්ට මෙරට ඩිජිටල් ආර්ථිකයට දායක වීමට අවස්ථාව සලසයි. ඒ අනුව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්ට විශිෂ්ට සන්නිවේදනයක් පවත්වා ගනිමින්, වෙළෙඳ පොළ තරගය තුළින් වඩාත් බුද්ධිමත් වර්ධනයක් සාක්ෂාත් කරගැනීමට, Dialog AI අත්වැලකි.

සාමාන්‍ය ඩිජිටල් platform එකක හැකියාවන්ගෙන් ඔබ්බට ගිය Dialog AI, ශ්‍රී ලාංකීය ව්‍යවසායකයින්ගේ AI සහකරු ලෙසින්, ඔවුන්ගේ අභිවෘද්ධිය උදෙසාම හඳුන්වා දෙන ලද්දක් නිසාම, මෙරට, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසයකයින්ට, වෙළෙඳ පොළ සමීක්ෂණ හරහා දැනුවත් තීරණ වලට යොමු වී, හොඳම ආකාරයේ ව්‍යාපාරික සන්නිවේදනයන් පවත්වාගැනීමට ඉන් අවස්ථාව හිමි වේ. එවැනි සහයක් තුළින් වඩාත් පුළුල් ඩිජිටල් ආර්ථිකයක් සඳහා ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය සවිමත් කිරීම සිදු වේ. මෙම පෙරළිකාර විසඳුම සමගින් ඔබේ ව්‍යාපාරයේ සුවිශාල වෙනස්කම් අත්විඳිමින්, එහි දියුණුව උදාකර ගැනීමට, ඔබත් https://ai.dialog.lk වෙත පිවිසෙන්න.