ඩයලොග්, මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් නවතම QR රීලෝඩ් ක්‍රමය හරහා නොමිලේ Data දන්සල පවත්වයි
2025 මැයි 20 කොළඹ

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, උදා වූ 2025 අසිරිමත් වෙසක් උත්සවය නිමිත්තෙන්, ශ්‍රී ලාංකීය සම්ප්‍රදාය හා ඩිජිටල් තාක්ෂණය මුසු කරමින් සුවහසක් ඩයලොග් පාරිභෝගිකයින් වෙනුවෙන් සුවිශේෂී Data දන්සලක් මැයි 12 සහ 13 යන දෙදින පුරාම පවත්වනු ලැබීය. ඩයලොග් දියත් කළ පුරෝගාමී QR රීලෝඩ් ක්‍රමයෙන් බලගැන්වුණු මෙම දන්සල, 21,000 කට අධික පිරිසකට නොමිලේ 1GB Data පිරිනමමින්, කොළඹ තෝරාගත් ස්ථාන කිහිපයක පැවැත්විණි.
මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් පැවති Data දන්සල, ඩයලොග් විසින් මින් පෙර දියත් කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම QR රීලෝඩ් ක්‍රමයෙහි තවත් පියවරක් වූ අතර, වෙසක් හා බැඳුණු මාහැඟි දානමය පුණ්‍යකර්මය පිළිබිඹු කරමින් එය පැවැත්විණි. ශ්‍රී ලාංකීය බෞද්ධයින්ගේ සුවිශේෂී උත්සවයක් වන වෙසක් උත්සව සමයේ, වෙසක් අසිරිය නැරඹීමට එක්වන පිරිසට සම්බන්ධතාවයට පිවිසීමේ පහසු ක්‍රමයක් මේ හරහා ඉදිරිපත් කරනු ලැබීය.
වෙසක් අසිරිය නැරඹීමට කොළඹට ඇදී ආ ඩයලොග් පාරිභෝගිකයින්ට, ඩයලොග් ප්‍රධාන කාර්යාලය, බෞද්ධාලෝක වෙසක් කලාපය, ඇල්ෆ්‍රඩ් හවුස් හි ඩයලොග් පාරිභෝගික සේවා මධ්‍යස්ථානය, නුගේගොඩ ඩයලොග් පාරිභෝගික සේවා මධ්‍යස්ථානය මෙන්ම, පැලවත්ත ඩයලොග් පාරිභෝගික සේවා මධ්‍යස්ථානය, ගල්කිස්ස ඩයලොග් පාරිභෝගික සේවා මධ්‍යස්ථානය සහ කොළඹ මහ නගර සභාව යන ස්ථාන හතේදී Data දන්සල් අත්දැකීම විඳගත හැකි විණි. මේ ආකාරයට ශ්‍රී ලාංකිකයින්ගේ වඩාත් වැදගත් ආගමික හා සංස්කෘතික උත්සව අවස්ථාවන්වලදී ඩිජිටල් තාක්ෂණය යොදාගනිමින්, ඔවුන්ට එම තාක්ෂණයට පහසුවෙන්ම පිවිසීමට හැකියාව සලසන ඩයලොග්, මෙම ප්‍රයත්නය හරහා තාක්ෂණික නවෝත්පාදන ප්‍රජාව වෙත සම්බන්ධ කරන අර්ථවත් ක්‍රමවේද පිළිබඳවද සොයා බැලීමේ කාර්යයද තවදුරටත් ඉදිරියට ගෙන යාමට සමත්ව සිටී.