Body

ගැටබරු පෙරහර වෙන‍ුවෙන් 10 වැනි වසරටත් ඩයලොග් හි බැතිබර දායකත්වය පුදකරයි

2025 සැප්තැම්බර් 09         කොළඹ

 

Dialog Customers Contribute to Little Hearts

ශ්‍රී ලංකාවේ අංක එකේ සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී, ඓතිහාසික ගැටබරු රජමහා විහාරයේ වාර්ෂික ඇසළ පෙරහර වෙනුවෙන් වන සිය බැතිබර දායකත්වය තවදුරටත් පෙරට රැගෙන යමින්, සැප්තැම්බර් 01 වැනිදා සිට 09 වැනිදා තෙක් පැවැති මෙවර එම පෙරහර මාලාව වෙනුවෙන්ද සිය සාඩම්බර අනුග්‍රහය දක්වනු ලැබීය. මෙම පෙරහර මාලාව ඇතුළත් උත්සවය දක්ෂිණ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය විදහා දැක්වෙන ප්‍රමුඛතම ඉසව්වක් වන අතර රුහුණු රටට ආවේණික ගැඹුරු සම්ප්‍රදායන් සහ සංස්කෘතික අංග විදහා දැක්වෙන්නක් ලෙසින් ප්‍රකටය.

මෙරට මුල්බැස ගත් ආගමික ශ්‍රද්ධාවේ පොහොසත්බව විදහා දැක්වෙන සංස්කෘතික හා නර්තන අංගවලින් සමන්විතව, දහස් ගණනක් බැතිමතුන්ගේ ආකර්ෂණයට පාත්‍රවන මෙම වාර්ෂික පෙරහර, ශ්‍රී ලංකාවේ විචිත්‍ර සංස්කෘතික අනන්‍යතාවය විදහා දක්වන සංකේතයක් බඳු වේ. දශකයක් පුරා මීට තම බැතිබර දායකත්වය සලසන මෙරට සමාජ වගකීම් පෙරදැරි ආයතනයක් ලෙසින් ඩයලොග්, ඒ හරහා ශ්‍රී ලාංකික උරුමය රැකගනිමින්, එකමුතුකම් ගොඩනගා ගැනීමට සහය වෙයි.

ශ්‍රී ලාංකේය උරුමය සහ සංස්කෘතිය රැකීමට උරදෙන ප්‍රධාන දායකයෙකු ලෙසින් ඩයලොග් සමාගම ගැටබරු ඇසළ පෙරහැරට අමතරව, ගංගාරාම නවම් මහා පෙරහැර, බෞද්ධාලෝක වෙසක් කලාපය, කැලණි දුරුතු මහා පෙරහර, කතරගම ඇසළ පෙරහර හා කන්ද උඩරට ශ්‍රී දළදා පෙරහර ඇතුළු සංස්කෘතික හා ආගමික උත්සව සඳහා දීර්ඝ කාලයක් මුළුල්ලේ සිය අනුග්‍රාහකත්වය සපයයි. ශ්‍රී ලාංකික සම්ප්‍රදායන් හා උරුමයන් සුරැකීමේ ආයතනික ආකල්පයන්ට අනුකූලව ඩයලොග් මෙම කර්තව්‍යයන් සිදු කරනු ලබන අතර විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ සංස්කෘතික ඉතිහාසය නඟාසිටුවීමට දායකත්වය ලබාදෙමින්, දිඹුලාගල ආරණ්‍ය සේණාසනයේ වාහල්කඩ ඉදිකිරීමේදී, අමරපුර මහා නිකායේ නිල වෙබ් අඩවිය දියත් කිරීම සහ විහාරස්ථානවල යාවත්කාලීන නාමාවලිය එළිදැක්වීමේදී හා අනුරාධපුර මහා විහාර පරිශ්‍රයේ සන්නිපාත ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමේදීද මූලිකත්වය ගෙන කටයුතු කර තිබේ. Vihara Sannipatha Shalawa.