සෙන්කඩගල සිරි දළදා පෙරහැර 19 වැනි වරටත් ඩයලොග් අනුග්‍රහයෙන් පැවැත්වේ
2025 අගෝස්තු 13 කොළඹ

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී. සමාගම, දිවයිනේ සුවිශේෂී සංස්කෘතික හා ආගමික උත්සවය වන කන්ද උඩරට ඇසළ පෙරහර හෙවත් සෙන්කඩගල සිරි දළදා පෙරහර මංගල්‍යය සඳහා මෙවරද සිය බැතිබර අනුග්‍රාහකත්වය පුද කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ ඉපැරණිම ආගමික උත්සවය ලෙසින් කන්ද උඩරට ඇසළ පෙරහර, මහත් හරසරින් යුතුව වාර්ෂිකව සමරනු ලබන ලබයි. මෙවරද ඩයලොග් අනුග්‍රාහකත්වයෙන් සෙන්කඩගල සිරි දළදා පෙරහර මංගල්‍යය ජූලි 30 වැනිදා සිට අගෝස්තු 9 වැනිදා දක්වා පැවැත්වුණේ, ශ්‍රි ලාංකේය උරුමය හා සංස්කෘතිය ආරක්ෂා කිරීම පිණිස වන ඩයලොග් කැපවීමද යළිත් වරක් තහවුරු කරමිනි.
බුදු රජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වීමෙන් ඉක්බිති පළමු ධර්ම දේශනාව පැවැත් වූ කාල වකවානුව සිහිපත් කරමින් මෙලෙස පුරා දින 10 ක් තිස්සේ, සෙන්කඩගල සිරි දළදා පෙරහැර මංගල්‍යය බැතියෙන් සමරනු ලබන්නේ, අති පූජනීය දන්ත ධාතූන් වහන්සේ හා උන්වහන්සේගේ ආරක්ෂාව භාර නාථ, විෂ්ණු, කතරගතම හා පත්තිනි යන දෙවි දේවතාවුන්ට ගරු බුහුමන් පුද කිරීම අරමුණු කරමිනි. එමෙන්ම, එය බෝග වගාව වෙනුවෙන් නිසි කල වැසි ලබා ගැනීම සඳහා වන සාමූහික යැදුමක්ද වෙයි. පෙරහර මංගල්‍යය නැරඹීම සඳහා යාබද ප්‍රදේශවලින් මෙන්ම, දුර බැහැර ප්‍රදේශවලින්ද බොහෝ පිරිසක් පැමිණෙන අතර, ඩයලොග් සමාගම, A+ Kids නාලිකාව (චැනල් අංක 48) හරහා සිය නිවසේ සිටම පෙරහැර දැකබලා ගැනීමේ මාහැඟි අවස්ථාව ඩයලොග් ටෙලිවිෂන් ඔස්සේ තම හිතවත් පාරිභෝගිකයන් වෙත උදාකර දෙනු ලැබිණි.
ශ්‍රී ලාංකේය උරුමය සහ සංස්කෘතිය රැකීමට උරදෙන ප්‍රධාන දායකයෙකු ලෙසින් ඩයලොග් සමාගම ගංගාරාම නවම් මහා පෙරහැර, බෞද්ධාලෝක වෙසක් කලාපය, කැලණි දුරුතු මහා පෙරහර හා ගැටබරු ඇසළ පෙරහැර ඇතුළු සංස්කෘතික හා ආගමික උත්සව සඳහා දීර්ඝ කාලයක් මුළුල්ලේ සිය අනුග්‍රාහකත්වය සපයන අතර, ශ්‍රී ලාංකික සම්ප්‍රදායන් හා උරුමයන් සුරැකීමේ ආයතනික ආකල්පයන්ට අනුකූලව ඩයලොග් විසින් මෙම කර්තව්‍යයන් සිදු කරනු ලබයි. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ සංස්කෘතික ඉතිහාසය නඟාසිටුවීමට දායකත්වය ලබාදෙමින්, දිඹුලාගල ආරණ්‍ය සේණාසනයේ වාහල්කඩ ඉදිකිරීමේදී, අමරපුර මහා නිකායේ නිල වෙබ් අඩවිය දියත් කිරීම සහ විහාරස්ථානවල යාවත්කාලීන නාමාවලිය එළිදැක්වීමේදී හා අනුරාධපුර මහා විහාර පරිශ්‍රයේ සන්නිපාත ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමේදීද මූලිකත්වය ගෙන කටයුතු කර තිබේ.
ශ්‍රී ලාංකීය උරුමය හා සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට උරදෙන ඩයලොග් ආසිආටා සමාගම, දීර්ඝ කාලයක් මුළුල්ලේ නවීන තාක්ෂණය හා මුසුවන රටේ ප්‍රධාන සංස්කෘතික හා ආගමික උත්සව සඳහා සිය ප්‍රමුඛ අනුග්‍රාහකත්වය ලබා දෙයි. ශ්‍රී ලාංකේය බෞද්ධ බැතිමතුන්ගේ මුදුන් මල්කඩ වූ, පූජනීය ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ කේන්ද්‍ර කරගනිමින් වාර්ෂිකව පැවැත්වෙන හෙළයේ අසිරිමත්ම සංස්කෘතික මංගල්‍යය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ බැතිබර දායකත්වය ලබාදීම තුළින්, ඩයලොග් සමාගම ශ්‍රී ලාංකික ජීවිත, ඉපැරණි සම්ප්‍රදායෙන් මෙන්ම, නවෝත්පදානය හා අන්තර්කරණය ඔස්සේද පොහොසත් කිරීමේ සමාජ වගකීම කරා සහමුලින්ම යොමු වීම අවධාරණය කෙරේ.