Body

ඩයලොග්, Sayuru App හරහා ධීවරයින්ට ක්ෂණික රක්ෂණ විසඳුම් ලබාදීම සඳහා HNB General Insurance සමඟ අත්වැල් බැඳ ගනී

2025 ජූලි 18         කොළඹ

 

Dialog Customers Contribute to Little Hearts

ඡායාරූපයේ වමේ සිට දකුණට: HNB General Insurance හි ප්‍රධාන පරිවර්තන නිලධාරී දිල්ෂාන් පෙරේරා, HNB General Insurance හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන ආයතනික නිලධාරී අසංග ප්‍රියදර්ශන මහතා.

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ධීවරයින් සඳහා ක්ෂණික රක්ෂණ විසඳුම් පිරිනැමීමේ අරමුණ ඇතිව, මෙරට ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන HNB General Insurance සමඟ අත්වැල් බැඳ ගනියි. මෙම සහයෝගිතාවය තුළින් මුහුදු ගමන්වලදී ධීවරයින් මුහුණ පාන අධික වර්ෂාපතනය, සුළි සුළං, සැඩ සුළං මෙන්ම අධික උෂ්ණත්වය වැනි ආපදා තත්ත්වයන්වලදී, පුරෝගාමී Sayuru App හරහා සාමූහික විසඳුම් ලබාදීමට නියමිතය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව අත්වැල් බැඳගනිමින් හඳුන්වා දුන් පුරෝගාමී Sayuru සයුරු සේවාවෙන්, මුහුදු ගමන්වල නිරත ධීවරයින්ට location පාදක කරගත් හදිසි කාලගුණ අනාවැකි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව කරන හදිසි දැනුම්දීම් පිළිබඳව එසැණින් දැනගැනීමට හැකියාව ඇති අතර, ධීවරයින්ගේ ආරක්ෂාව සඳහා මුහුදු ගමන්වලදී අත්‍යවශ්‍ය තොරතුරුවලින්ද ඔවුන් දැනුවත් කෙරේ. සුළි සුළං වැනි අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මුහුදු යා නොහැකි කුඩා බෝට්ටු හිමි ධීවරයින්ට, සෘජු මූල්‍ය සහය හිමිකර දෙමින්, HNB General Insurance සමඟ ඇතිකර ගත් මෙම නවතම සහයෝගීතාවයෙන්, ඔවුන්ට මුහුදු යාමට නොහැකි වන කාල සීමාව පුරාම, ඔවුන් මූල්‍ය වශයෙන් සුරක්ෂිත කිරීම අපේක්ෂාවයි. මෙම පියවර, ධිවරයින්ට සහතික වශයෙන්ම ස්ථාවර ආදායමක් ලබාදෙමින් මූල්‍ය දුෂ්කරතාවලින් ඔවුන් ඈත් කිරීම සඳහාම ක්‍රියාවට නංවන වැඩපිළිවෙළකි.

කුඩා බෝට්ටු හිමි ධීවරයින්ට, ඩයලොග් හි Sayuru App, හරහා මෙම රක්ෂණාවරණ සඳහා ලියාපදිංචි විය හැක. ආපදා තත්ත්වයන් ලෙසින් රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද සුළි සුළං තත්ත්වයකදී එම රක්ෂණාවරණය තුළින් නිසැකවම පීඩාවට පත් ධීවරයින්ට රක්ෂණ වන්දි හිමි වේ. ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාව සවිබල ගන්වමින් ක්ෂේත්‍රයේ තිරසාරත්වය ඇතිකිරිමට ඩයලොග් සහ HNB General Insurance යන සමාගමේ දෙකේම කැපවීම විදහා දක්වන මෙම සහයෝගිතාවය, ධීවරයින් මුල්‍ය වශයෙන් සවිබල ගන්වමින් ඔවුන් සුරක්ෂිත කිරීමට Sayuru සේවාව උරදෙන කාර්යභාරය තවදුරටත් පුළුල් කරන්නකි.

"මෙම සහයෝගීතාවය තුළින් ක්ෂණික රක්ෂණ විසඳුම් සම්බන්ධ විෂය පථය පුළුල් කරන අතරෙහි, අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ධීවර ප්‍රජාව මුල්‍ය වශයෙන් සුරක්ෂිත කිරීමට අපට අවස්ථාව සැලසෙනවා. මෙරට රක්ෂණ ක්ෂේත්‍රයට පිවිසුණු, මුල්ම දේශීය රක්ෂණ සමාගම විදිහට, මෙම නවෝත්පාදන සඳහා නායකත්වය දීමට හැකිවීම ගැනත්, අපගේ ජනතාව වෙනුවෙන් මෙලෙස රක්ෂණ ක්‍රමයන්හි නවතම වෙනස්කම් සිදුකිරීමට හැකිවීම ගැනත් අපිට ආඩම්බරයි." යනුවෙන් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.

ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා මේ පිළිබඳව මෙසේ සිය අදහස් පළ කළේය. “අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් ධීවරයින් මුහුණ දෙන මූල්‍ය අභියෝග අවම කිරීමට වගේම, ඔවුන් මූල්‍ය වශයෙන් ශක්තිමත් කිරීමට ඩයලොග් හි අපි අවධානය යොමු කර තිබෙනවා. මෙම වැඩපිළිවෙල ඔස්සේ, ධීවරයින්ට Sayuru App හරහා තම රක්ෂණාවරණය සඳහා වඩාත් පහසුවෙන් හා ආරක්ෂිතව මුදල් ගෙවීමට හැකියාව සලසමින්, ධීවර ක්ෂේත්‍රයේ මූල්‍ය සේවාවන් භාවිත කිරීම වේගවත් කිරීම අපගේ බලාපොරොත්තුවයි. වඩාත් දැනුවත්භාවයෙන් යුක්තව තම ආරක්ෂාව පිළිබඳ තීරණ ගතහැකි මෙවලම් හරහා, හදිසි කාලගුණ දැනුම්දීම් පිළිබඳව එසැණින් දැනුම් දීමෙන් ධීවර ප්‍රජාවගේ ආරක්ෂාව වැඩි කිරීමේ කාර්යභාරය ඉටුකිරීමට හැකිවීම, අපි ඉතා ආඩම්බරයට පත්වන කාරණයක්.”

Sayuru App සමගින් ක්‍රියාත්මක වන මෙම රක්ෂණ සේවාව, අභියෝගාත්මක කාලගුණික තත්ත්වයන්වලදී කුඩා බෝට්ටු හිමි ධීවරයින්ට අත්‍යවශ්‍ය මූල්‍ය ආරක්ෂාව සැලසීම සඳහා වන සේවාවක් පමණක් නොවේ. එය, මෙරට ධීවර අංශයේ තිරසාර වර්ධනය සඳහා තාක්ෂණය හා නවෝත්පාදනය දායක කරගත හැකි ආකාරය මැන බැලෙන සඳහා මිනුම් දණ්ඩක් ද වේ. ධීවරයින්ගේ ආරක්ෂාවටත් ඔවුන්ගේ ජීවනෝපායටත් බලපාන කාලගුණ අනාවැකි රක්ෂණ විසඳුම් හා ඒකාබද්ධ කරමින්, වෙරළබඩ ප්‍රජාවන්ගේ ජීවනෝපා ආරක්ෂා කිරීමේ සුවිශාල කාර්යභාරයට ඩයලොග් ආසිආටා සහ HNB General Insurance උර දෙයි. ඒ, Sayuru App හරහා ශ්‍රී ලංකාවේ දේශගුණික වශයෙන් අවදානම් රැකියාවන්හි නිරත ප්‍රජාවන්ගේ ජීවිත ආරක්ෂාව, රැකියා සුරක්ෂිතභාවය මෙන්ම මූල්‍ය ස්ථාවරත්වය සඳහා ඩිජිටල් මෙවලම් භාවිතා කිරීම තවදුරටත් ශක්තිමත් කරමිනි.