Body

ඩයලොග් බලගන්වන “සයුරු” සේවාව මගින් ධීවර ප්‍රජාව කාලගුණ නිවේදන සහ අනතුරු ඇඟවීම් සමඟ සුරක්ෂිත කරයි

ජූනි 08, 2021         කොළඹ

 

news-1

ශ්‍රී ලාංකේය ජන ජීවිත සහ ව්‍යාපාර සවිබලගන්වමින් ශක්තිමත් කරන මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට සන්නිවේදන ක්ෂේත්‍රයට නවීනතම විසඳුම් හඳුන්වාදීමේ සිය කාර්යභාරයේ තවත් පියවරක් ලෙස නවතම සේවාවක් හඳුන්වාදීමට කටයුතු කර තිබේ. ‘සයුරු’ වශයෙන් නම් කර ඇති මෙම සේවාව මගින් එක්දින යාත්‍රා ධීවරයන්ට කාලගුණ නිවේදන සහ අනතුරු ඇඟවීම් SMS සහ හඬ පණිවිඩ ඔස්සේ භාෂා ත්‍රිත්වයෙන් නොමිලේ ලබාදීම සිදුකරයි.

සියලු ඩයලොග් පාරිභෝගිකයන්ට නොමිලේ ලබාගත හැකි ‘සයුරු’ සේවාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහයෝගීත්වයෙන් හඳුන්වාදීමකි.මහ මුහුද සහ කාලගුණ අභියෝග සමඟ එදිනෙදා ජීවිකාව ජයගැනීමට උත්සහ දරන ධීවර ප්‍රජාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ‘සයුරු’ සේවාව හඳුන්වාදීම විශේෂත්වයකි. මෙම සේවාව සඳහා ලියාපදිංචි වූ ධීවරයින්ට ඔවුන් මුහුදු යන ප්‍රදේශවලට අදාළ කාලගුණ නිවේදන දිනපතා ඔවුන් වෙත යොමු කරනු ලැබේ. ‘සයුරු’ සේවාව සඳහා ලියාපදිංචි වූ ධීවරයින්ට නිශ්චිත වේලාවක් තුළ කාලගුණ අනාවැකි, අනපේක්ෂිත කාලගුණ තත්ත්ව, ආපදා පිළිබඳ අනතුරු ඇඟවීම් මෙන්ම සිංහල, දෙමළ, සහ ඉංග්‍රීසි භාෂාවලින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ලබාදෙන වැදගත් තොරතුරු හඬ පණිවිඩ සහ SMS මගින් දිනපතා ලැබේ.

දෛනික හඬ පණිවිඩ සහ SMS පණිවිඩ සේවාව සඳහා ලියාපදිංචි වූ ධීවරයින්ට හදිසි පණිවිඩ සෘජුවම ඇමතුම් වශයෙන් හිමිවේ. ‘සයුරු’ සේවාව හඳුන්වාදී මාස 6 ක් ඇතුළත, ලියාපදිංචි වූ ප්‍රදේශයට අදාළ කාලගුණ අනාවැකි හරහා සැලකිය යුතු ධීවරයින් පිරිසකගේ ජීවිත සුරක්ෂිත කොට වඩා යහපත් මට්ටමකට ගෙන ඒමට සමත්ව ඇත. එහි තවත් ඉදිරි පියවරක් ලෙස මෑතකදී “සයුරු TV” නමින් අතිරේක සේවාවක්ද හඳුන්වාදෙන ලදී. මේ ඔස්සේ සියලු ප්‍රධාන ධීවර වරායන්හි සහ මුහුදු තීරයන් හි කාලගුණ තොරතුරු සහ හදිසි අනතුරු ඇඟවීම් ඩිජිටල් තිර ඔස්සේ ප්‍රචාරය කර, ධීවර ප්‍රජාව කාලගුණ තත්වයන් පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගැනේ.

ඩයලොග් දුරකථන පාරිභෝගිකයන්ට ‘828’ ඇමතීමෙන් මෙම සේවාවට ලියාපදිංචිවිය හැකි අතර “ACT” ලෙස ටයිප් කර ‘828’ ට SMS කිරීමෙන් හෝ MyDialog App එක හරහාද මෙම සේවාව සක්‍රිය කළ හැක.