Doc990 සේවාව, Healthguard Pharmacy හා අත්වැල් බැඳගනිමින් සෞඛ්‍ය පහසුකම් නව මානයකට ගෙන යයි
2025 සැප්තැම්බර් 25 කොළඹ

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී අනුබද්ධ Digital Health (Pvt) Ltd හි Doc990, මෙරට ප්‍රමුඛතම ඔසුසල් ජාලයක් වන Healthguard Pharmacy සමඟ නවතම සහයෝගිතාවයකට එළඹ තිබේ. Sunshine Healthcare අනුබද්ධ එම ආයතනය, මෙරට වෙළෙඳ පොළට ඖෂධ නිෂ්පාදන ගණනාවක් මෙන්ම, සුවතා නිෂ්පාදන රාශියක් පිරිනමමින් විශිෂ්ටතම පාරිභෝගික සේවාවක් සැලසීම වෙනුවෙන් ප්‍රකට සමාගමකි.
මෙම සහයෝගිතාවය හරහා, Doc990 පාරිභෝගිකයින්ට දැන් Doc990 app එක සහ වෙබ් අඩවිය හරහා වෛද්‍ය නිර්දේශ අනුව නිකුත් කරන ඖෂධ නිෂ්පාදන මෙන්ම වෛද්‍ය නිර්දේශ අවශ්‍ය නොවන ඖෂධද ඇණවුම් කර, පහසුවෙන් ගෙන්වා ගැනීමටත්, එම ෆාමසිවලින් ලබා ගැනීමටත් හැකි වේ. ඒ අනුව, දැන් පෝලිම්වල රැඳී නොසිට, ඕනෑම තැනක සිට ඇණවුම් කර ඖෂධ ලබාගැනීමේ පහසුව පවතී.
තම ඔසුසල් ජාලය හරහා මනා වෘත්තීයභාවය පවත්වා ගන්නා අතරෙහි, නවෝත්පාදන සමගින් පාරිභෝගික කේන්ද්‍රීය සේවාවන් පිරිනැමීම අතින් ආරම්භයේ පටන්ම, ප්‍රබල කීර්තියක් අත්කර ගෙන ඇති Healthguard Pharmacy, ඖෂධ නිෂ්පාදන සම්බන්ධ විකුණුම් ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා නිරන්තරයෙන් කැපවන ආයතනයකි. සුවහසක් ශ්‍රී ලාංකිකයිගේ සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙත සාර්ථක කිරීමට අඛණ්ඩව සහය දෙන ආයතනයක් ලෙසින් පිළිගැනීමද එම ආයතනය සතු වේ.
එපමණක් නොව, දිගින් දිගටම ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය බෙහෙත් නැවත නැවත අලුතෙන් ඇණවුම් කිරීම වෙනුවට, වෛද්‍ය නිර්දේශිත ඖෂධ නැවත ලබාගැනීමේ පහසුකම (prescription refill) මගින් අදාළ ඖෂධ එකම ලැයිස්තුවටම ලබාගත හැක. මෙම ක්‍රමවේදය තුළින්, සරල කාලසටහනකට අනුව, නිසි වේලාවට ඇණවුම් සම්බන්ධ දැනුම්දීම් ලබාදෙන බැවින්, පාරිභෝගිකයින්ට අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රමාදයකින් තොරව පහසුවෙන් ලබාගත හැකි බව සහතික කෙරේ. ඒ අනුව, පාරිභෝගිකයින්ට කිසිදු කරදරයකින් තොරව ඖෂධ ගෙන්වා ගැනීමට පහසුව සලසන මෙම සේවාව, ශ්‍රී ලංකාවේ කාර්යක්ෂම සෞඛ්‍ය සේවයක් වෙනුවෙන් සහය දක්වයි.
මෙය, ශ්‍රී ලාංකිකයින්ට ඖෂධ මිලදී ගැනීම සඳහා වඩාත් සම්බන්ධිත, පහසු අත්දැකීමක් පිරිනැමීමේ අරමුණෙන්, පිළිගත් ආයතන දෙකක ඒකාබද්ධ ශක්තිය මත ගොඩනැගුණු සහයෝගිතාවයකි. ශ්‍රී ලංකාව පුරාම ජනතාවට වඩාත් උසස් සෞඛ්‍ය සේවාවන් පහසුවෙන් ලබාගැනීමට හැකියාව සැලසෙන පරිදි, ඖෂධ ඇණවුම් කිරීම සහ බෙදාහැරීම තම සේවාවට එක්කරමින්, දැන් Doc990 සේවාව, සෞඛ්‍ය පහසුකම් ඔබේ අතටම ලබාදීම යථාර්ථයක් කිරීමට කැපවෙයි.