SMS Divert


ඔබට ලැබෙන කෙටි පණිවිඩ ඕනෑම ඩයලොග් අංකයකට හෝ IDD අංකයකට යොමු කිරීමට හැකියාව ඇත. දුරකථනටය් බැටරි අවම මට්ටමක ඇති මොහොතක හෝ එහි මුදල් හිඟ අවස්ථාවක මෙය අතිශයින් ප්‍රයෝජනවත් විය හැකි සේවාවකි.

ක්‍රියාත්මක කිරීම

මෙම සේවාව එස්.එම්.එස්. හරහා ක්‍රියාත්මක කර හැක. DIV [පණිවිඩය හරවා යැවිය යුතු අංකය] ටයිප් කර 9010ට එස්.එම්.එස්. කරන්න. උදාහරණයක් ලෙස 0777654321 අංකයට හරවා යැවිය යුතු නම්:
DIV 0777654321
යන්න 9010ට යවන්න.

හැරවී යාම ක්‍රියාවිරහිත කිරීමට (කෙටි පණිවිඩ නැවත ඔබේ අංකයට ලබා ගැනීමට අවශ්‍ය අවස්ථාවල) DIV DEL ටයිප් කර 9010ට යවන්න. උදාහරණයක් ලෙස:
DIV DEL

SMS Divert භාවිතා කරන්නේ කෙසේද?

ඩයිවර්ට් සේවය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ඔබට ලැබෙන සෑම කෙටි පණිවිඩයක්ම ඔබ විසින් සපයා ඇති අංකයට හරවා යැවේ. උදාහරණයක් ලෙස, ඔබේ දුරකථනයේ බැටරිය බැස යාමට ඔන්න මෙන්න යැයි සිතමු. එවිට ඔබ ඉක්මනින් මෙම සේවාව ක්‍රියාත්මක කර ඔබට ලැබෙන එස්.එම්.එස්. පණිවිඩ ඔබේ මිතුරාගේ අංකයට හරවා යැවීමට සලස්වයි. ඉන්පසු ඔබට ලැබෙන සෑම පණිවිඩයක්ම ඔබේ මිතුරාට ලැබෙනු ඇත.

එස්.එම්.එස්. ඩයිවර්ට් සේවාව පාලනය කිරීමට හා පරීක්ෂා කිරීමට විශේෂ විධාන කිහිපයක් ඇත.

ක්‍රියාව

එස්.එම්.එස්. විධානය

මෙම අංකයට යවන්න

හරවා යැවීමේ තත්වය පරීක්ෂා කර බලන්න

DIV STATUS

9010

උපසර්ගය ක්‍රියත්මක/ක්‍රියාවිරහිත කරන්න

DIV PREFIX ON / DIV PREFIX OFF

උපදෙස්

DIV

මිල ගණන්
  • දේශීය අංකවලට එස්.එම්.එස්. හරවා යැවීම: පණිවිඩය යවන්නාගෙන් අය කෙරෙනු ලැබේ. (සාමාන්‍ය එස්.එම්.එස්. ගාස්තු). පණිවිඩය ලබන්නාගෙන් ගාස්තුවක් අය කෙරෙන්නේ නැත.

  • IDD අංකවලට එස්.එම්.එස්. හරවා යැවීම: පණිවිඩය යවන්නාගෙන් අය කෙරෙනු ලැබේ. (සාමාන්‍ය එස්.එම්.එස්. ගාස්තු). ප්‍රේරකයාගන්ද (ෆෝර්වඩ් කරන්නාගෙන් ද) ගස්තු අය කෙරේ (සාමාන්‍ය IDD එස්.එම්.එස්. ගාස්තු).