Body

ඩයලොග්, LMD සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබූ වගයි

2025 සැප්තැම්බර් 11         කොළඹ

 

Dialog Customers Contribute to Little Hearts

වමේ සිට : ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන පාරිභෝගික නිලධාරිනී සැන්ඩ්‍රා ද සොයිසා මහත්මිය සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා සම්මාන අතැතිව ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා ලෙස ජනතා ප්‍රසාදය දිනාගත් ඩයලොග් ආසිආටා පීඑල්සී, ශ්‍රී ලාංකීය වෙළෙඳ පොළේ අඛණ්ඩ නායකත්වය සහ සන්නාම විශිෂ්ටත්වය යළිත් තහවුරු කරමින් LMD සම්මාන උළෙලේදී කීර්තිමත් සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් සහ ව්‍යාපාරික ප්‍රජාව වෙත අසමසම අත්දැකීම් පිරිනැමීමට කැපවන ඩයලොග්, සියලු පාරිභෝගිකයින් හා ගොඩනගා ගත් විශ්වාසනීය සම්බන්ධතාවය මෙලෙස සම්මානයට පාත්‍ර වීම තුළින් විදහා දැක්වේ.

මෙම සම්මාන උළෙලේදී, 2024 සහ 2025 යන වසර දෙක සඳහා ශ්‍රී ලංකාවේ අංක 1 සන්නාමය ලෙස හා 2025 වසරේ මෙරට ප්‍රමුඛතම ආයතනික සන්නාමය ලෙසත් ඩයලොග් ඇගයීමට පාත්‍ර විණි. මෙම කීර්තිමත් සම්මාන දිනා ගැනීම තුළින්, ශ්‍රී ලාංකේය ජනතාවගේ හදවත් දිනාගත්, වඩාත් ගෞරවයට පාත්‍ර වූ සේවා සම්පාදකයා ලෙස ඩයලොග් අත්කර ගත් අසමසම ස්ථාවරය සනිටුහන් කෙරේ.

LMD හි ප්‍රමුඛතම සඟරා වන, Brands Annual, Most Respected, Most Awarded සහ LMD 100 මගින් සිදුකරන වාර්ෂික ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව මෙම සම්මාන සඳහා ආයතන හා සන්නාම තෝරාගැනීම සිදු කෙරෙන අතර, මෙරට ප්‍රමුඛතව ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන PepperCube Consultants ඒ සඳහා අත්වැල් බැඳගෙන තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ Fortune 500 ලෙසින් පිළිගැනෙන LMD 100 හි ඇගයීමෙන් 2024 සහ 2025 යන වසර සඳහා මෙරට හොඳම කාර්යසාධනයෙන් යුත්, වඩාත් විශ්වාසදායි සමාගම ලෙසින් විශිෂ්ටත්වය තහවුරු කර ගැනීමට ඩයලොග් වෙත හැකිව තිබේ. ඉහත සම්මාන අඛණ්ඩව ඩයලොග් වෙත හිමි වීමෙන්, පාරිභෝගික විශ්වාසය දිනාගැනීමෙන් පමණක් නොනැනවතී, මෙරට විදුලි සංදේශ සහ ආයතනික ක්ෂේත්‍රයේ වටිනාකම සන්නාමයක් ලෙසත්, නවෝත්පාදනය සහ නායකත්වය විදහා දක්වන සන්නාමයක් ලෙසත් ඩයලොග් හි විශිෂ්ටත්වය තහවුරු වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා මෙලෙස පැවසීය. “ශ්‍රී ලංකාවේ අංක 1 සන්නාමය ලෙස අඛණ්ඩව වසර දෙකක්ම LMD මගින් සම්මානයට පාත්‍ර වීම අපට විශාල ගෞරවයක්. ඒ වගේම, අපගේ පාරිභෝගිකයින්ට තෘප්තිය සැලසීමට, නවෝත්පාදන බිහි කිරීමට සහ ශ්‍රී ලංකාවේ ප්‍රගමනය සඳහා අප තුළ පවතින කැපවීම පිළිබඳවත් එය සාක්ෂියක්. ඩයලොග් අපි, ජාත්‍යන්තර මට්ටමේ සම්බන්ධතාවයන් සමගින් පරිවර්තනීය ඩිජිටල් විසඳුම් පිරිනමමින් ශ්‍රී ලාංකීය සුඛිත මුදිත කරමින්, බලගැන්වීමට අඛණ්ඩව කැපවන සමාගමක්. මේ ජයග්‍රහණයත් සමගින්, අප කෙරෙහි විශ්වාසය තබමින්, සහය දක්වන, අපව තව තවත් සාර්ථකත්වය කරා යොමුකරන පාරිභෝගිකයින්ට, අප හා අත්වැල් බැඳගත් ආයතනවලට, ඩයලොග් කාර්ය මණ්ඩලයටමෙන්ම අපගේ පාර්ශවකරුවන්ට හදපිරි ස්තුතියත් පුද කිරීමට කැමතියි.” යනුවෙන් පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමයක් හා ආයතනයක් ලෙසින් ඩයලොග් හි විශිෂ්ටත්වය, මෙවැනි ඇගයීම්වලින් නැවත නැවතත් සනාථ කෙරෙන අතර, ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය ගොඩනැංවීමෙහිලා ඩයලොග් සතු නොමැකෙන කාර්යභාරයද ඉන් තහවුරු වේ. දිනපතාම ඩයලොග් වෙත විශ්වාසය තබන මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින් සමඟ පවතින ගැඹුරු බැඳීමද මේ සමගින් තවත් ශක්තිමත් වේ.